දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන කතිකතාවන් ඔස්සේ, මේ වන විට පක්ෂ-විපක්ෂ බොහෝ සටහන් නිර්මාණය වන්නේ ජාතික ජන බලවේගය ඇසුරෙනි. එම සන්ධානය අළලා මේ දිනවල හුවමාරු වන සත්‍ය අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප විමසා බැලුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ඇස් පෑදෙන එකාගෙ දැන්මම ඇස් පෑදිල” යනුවෙන් සඳහන් කරමින්, “ජෙප්පෝ ඡන්දය ඉල්ලගෙන එන්න එපා” යනුවෙන් බැනරයක දක්වා ඇති බවට ඡායාරූප සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

තවත් හුවමාරු වූ ඡායරූප සටහනකින් පැවසුනේ ජවිපෙ වදින පුදන ලෙනින්ගේ පිළිම පවා රුසියානුවන් විසින් අවසන් ගමන් යවන හැටි බවත් එමනිසා රුසියාව පවා සමාජවාදය දැන් පිළිනොගන්නා බවයි.

Instagram | Archived.

තවද සියලු නඩු කටයුතු ගාස්තු සඳහා රිසිට් පත් නිකුත් කරන බවටත්, ඔබට එම නිතීඥ සේවා ලබාගැනීමට අවශ්‍ය නම් එවැනි රිසිට් පතක් ලබා ගන්නා ලෙසත් නිවේදනයක් සුනිල් වටවල, උපුල් කුමාරප්පෙරුම ඇතුළු ජාතික ජන බලවේගයට සම්බන්ධ නිතීඥවරුන් පිරිසක් නිවේදනය කළ බවට සටහනක් ද මෙසේ හුවමාරු වුණා.

Facebook | Archived

ජාතික ජන බලවේගය විසින් මැතිවරණය අළලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දක්වා ඇති බව ත්, එහි දැක්වෙන ප්‍රතිපත්ති ලෙස සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ඉහත දක්වා ඇති සටහන් වල නිරවද්‍යතාව පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසා තිබුණු හෙයින්, මේ සම්බන්ධයෙන් අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ඉහත පළමු සටහන වෙත අවධානය යොමු කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපයේ “ජෙප්පෝ” ලෙස සඳහන් කර ඇති අකුරු වල හැඩය සහ “ඡන්දය ඉල්ලගෙන එන්න එපා” යනුවෙන් මුද්‍රිත කර ඇති අකුරුවල හැඩයේ වෙනසක් පවතින බවයි.

ඒ අනුව, අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහි සංස්කරණය නොකරන ලද සත්‍ය ඡායාරූපය අපට දැක ගන්නට ලැබුණා. Facebook | Archived Link

සංස්කරණය කරන ලද ඡායාරූපය හා සත්‍ය ඡායාරූප අතර සංසන්දනය පහතින්.

එසේම ලෙනින්ගේ පිළිරුවක් බිමට හෙළන අවස්ථාවක් ලෙස දැක්වෙන ඡායාරූපයේ සත්‍ය තොරතුරු ද අප Reverse Image සෙවුමක් ඔස්සේ සොයා ගත්තා. එම සිදුවීම 2014 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වන්නේ රුසියාවෙන් නොව යුක්රේනයේ කාර්කිව් (Kharkiv) නගරයෙන්. මෙහිදී රුසියන් විරෝධී රැළියක් අතරතුර දී අරගලකරුන් විසින් යුක්රේනයේ පිහිටි විශලාතම ලෙනින් ගේ පිළිරුව බිමට හෙළා තිබෙනවා. 

AP පුවත් සේවය පළකර තිබු එම මුල් ඡායාරුපය පහතින්.

එම අවධියේ දී යුක්රේනය පුරාවට පිහිටි ලෙනින් ගේ ප්‍රතිමා, රුසියන් විරෝධී අරගලකරුවන් විසින් මේ ආකාරයට බිමට හෙළා සිය අප්‍රසාදය සහ කෝපය පළකර තිබුණා. ඒ පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්

එසේම මෙවර මහරගම නගර සභාවට මාලිමාවෙන් නායකත්වය ලබා දෙන නීතීඥ සුනිල් වටගල මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටින්නේ, නිතීඥ සේවා ලබාගැනීමට අවශ්‍ය නම් රිසිට් පතක් ලබා දීමක් යානා දී කරුණක් පිළිබඳ කිසිලෙසකත් ජාතික ජන බලවේගය විසින් නිවේදනයක් සිදු කර නොතිබුණු බවත්, හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සකස් කළ පොස්ටුවක් බවයි.

Archived

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයක් ඉදිරිපත් කර තිබුනේ ද යන්න පිළිබඳව සහ සමාජ මාධ්‍ය සටහන්හි දැක්වුණු ආකාරයේ කරුණු ඔවුන් විසින් පවසා තිබුනේ ද යන්න පිළිබඳව පරික්ෂා කළත් අපට එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

මේ හේතුවෙන් අප ඉහත ප්‍රතිපත්ති සටහන පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එම සටහන අසත්‍ය බවත්, ජාතික ජන බලවේගය විසින් එවැනි සටහනක් නිර්මාණය කර නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ජාතික ජන බලවේගය අළලා හුවමාරු වන සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False