
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
පිරිසිඳු පානීය ජලය, අපගේ පිපාසය සංසිඳුවීමට අමතරව ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට සහ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් සඳහා අත්‍යවශ්‍ය අංගයකි. එම නිසා ජල ප්‍රවාහන පද්ධති කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය නිතැතින්ම යොමු වෙනවා. ලොව සෑම රටකම පාහේ රජයන් උත්සාහ කරන්නේ සිය ජනතාවට පිරිසිදු පානය ජලය ලබාදීමටයි.
මේ අතර ලංකාවේ සමාජ ජාලාවල ඉතා අපිරිසිදු ,රොන්මඩ බැදී ඇති විශාල ජල නලයක පැතිකඩක සේයාරුවක් දිස්වුනු අතර එමගින් හඟවා තිබුනේ එය ශ්‍රී ලංකාවේ ජලය පරිවහනය කිරීම සදහා භාවිතා කරන නලයක් බවයි. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමකි මේ .
සමාජ ජාලා සටහන්
ශ්‍රී ලංකාවේ ජලය ප්‍රවාහනය කරන නල ඉතා අපිරිසිදු බවට හැඟී යනසේ සමාජ ජාලා සටහන් පැතිර ගියේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සටහන් සමාජ ජාලා තුළ බහුලව පැතිර තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
Google Reverse Image search ඔස්සේ අප මෙම සේයාරුව පිළිබඳව සොයා බැලුවා. එහිදී දැකගන්නට ලැබුණේ මෙය ලංකාවේ ජලනලයක සේයාරුවක් නොව, මීට වසර කිහිපයකට ඉහතදී තායිලන්තයේ, නැගෙනහිර බැංකොක් ප්‍රදේශයේ පිහිටි කුඩා නගරයක් වන Lat Krabang හි දී ලබාගන්නා ලද, භාවිතයෙන් ඉවත් කරන ලද ජල නලයක සේයාරුවක් බවයි. එය 2016 වසරේදී ඉවත්කරන ලද ජල නලයක් වන අතර නලයේ ඇතුළු පැත්තේ බැඳී තිබු කහ පැහැයට හුරු ද්‍රව්‍ය, ජලයේ විවිධ කොටස් හේතුවෙන් කාලයත් සමඟ නිර්මාණය වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. මේ පිළිබඳව 2017 වසරේදී ජල සම්පාදනය පිළිබද තායිලන්ත ජල අධිකාරිය විසින් තබන ලද සටහනක දැක්වෙනවා. එම සටහනට පිවිසිය හැකියි මෙතනින් Archived

මෙම ඡායාරූපය ඇතුළත් සටහන් මීට පෙර ද ලොව විවිධ ප්‍රදේශවල දී හුවමාරු වූ අතර ඒ පිළිබඳව ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion ( අවසාන නිගමනය )
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ 2016 වසරේදී තායිලන්තයේ බැංකොක් නගරය ආශ්‍රිත ප්‍රදේශයකදී භාවිතයෙන් ඉවත්කරන ලද ජල නලයක සේයාරුවකි. එම නිසා මෙය ලංකාවේදී භාවිතයට ගත ජල නලයක් හෝ දැනට ජලය පරිවහනය සදහා යොදාගන්නා නලයක් හෝ නොවේ .

Title:ඡායාරූපයේ දැක්වෙන්නේ වසර කිහිපයකට පෙර තායිලන්තයේදී භාවිතයෙන් ඉවත් කරන ලද ජල නලයක් මිස, ලංකාවේ සිදුවීමක් නොවේ!
Written By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,