
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
දේශපාලනඥයන් විසින් සිදු කරන ප්‍රකාශ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ හමුවමාරු වන ඇතැම් සටහන් නොමග යන සුළු වේ. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ බහුලව කතාබහට ලක්වූ පුවතකට ඈඳා, ජනතා විමුක්ති පෙරමුණ සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ආකාරයට හුවමාරු වන සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන් 90%ක් වකුගඩු රෝග අවම වන බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ බවට පළ වූ ෆේස්බුක් සටහන් සමාජ මාධ්‍ය හරහා පළ වූයේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී ගියේ නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ප්‍රකාශය කළ බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීම ට අප පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
ජනතා විමුක්ති පෙරමුණ සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන් 90%ක් වකුගඩු රෝග අවම වන බවට ප්‍රකාශයක් සිදු කළේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළා. නමුත් එවැනි මාධ්‍ය වාර්තාවක් අපට දැක ගන්නට නොලැබුණි.
එමෙන් ම අප ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහා ද වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට දක්වා තිබුණේ ද, යන්න හා මෑතකදී වෛද්‍යවරයා සහභාගි වූ වැඩසටහන් වලදී හෝ එවැනි ප්‍රකාශයක් සිදු කරේ ද, යන්න පිළිබඳ අප අවධානය යොමු කළත් ඔහු විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාක්ෂි හමු නොවීය.
මේ හේතුවෙන් අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන් 90%ක් වකුගඩු රෝග අවම වන බවට ප්‍රකාශයක් නොකළ බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩුල්ල ජලාශය මගින් ගොවිතැන් කටයුතු කරන ගොවීන් ඩ්‍රෝන යානාවක් මගින් තම වගා කටයුතුවලට අවශ්‍ය රසායනික තෙල් වර්ග ඉසීම ආරම්භ කර ඇති හෙයින් මැදිරිගිරිය සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි (NPP) බැවැන් ඉහත සඳහන් ලෙස අසත්‍ය සටහන් නිර්මාණය වී ඇති බවට උපකල්පනය කළ හැක.
Also read : මැදිරිගිරියේ වගාවන් සඳහා ඩ්‍රෝන භාවිත කර කෘමිනාශක ඉසීම සම්බන්ධ නොමග යන සුළු සටහනක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන් 90%ක් වකුගඩු රෝග අවම වන බවට ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

Title:රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන්, වකුගඩු රෝග 90%කින් අඩුවන බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර නොමැත!
Written By: Pavithra SandamaliResult: False
