දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සර්පයන් පිලිබදව තොරතුරු බෙදා ගැනීමට සමාජ ජාලා පරිශීලකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. නමුත් මේ සමහර තොරතුරු නොමගයන සුලුයි. මේ අරණි දත් කැටියා නම් නිර්විෂ සර්පයෙක් සම්බන්ධයෙන් පැතිරුණු එවන් සමාජ ජාලා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්.
සමාජ ජාලා සටහන්
සර්පයෙක්ගේ සේයාරුවක් සමග දැක්වෙන සටහනකින් අයෙක්ට ඒත්තු ගැන්වෙන්නේ අදාළ සර්පයා “මල් කරවලයා”, නම් විෂ සහිත සර්පයෙක් බවක්.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කරා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප මේ පිලිබදව කරුණු විමසා සදහා ආචාර්ය රුචිර සෝමවීරව සම්බන්ධ කරගත්තා. ආචාර්ය සෝමවීර ඕස්ට්‍රේලියාවේ Stantec ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයා ලෙස මේ වන විට කටයුතු කරන අතර උරගයන් පිළිබද ප්‍රකට පර්යේෂකයෙක්. මෙම සත්ත්වයා අරණි දත් කැටියා නම් විෂ රහිත භයානක නොවන සර්පයෙක් බව ඔහු හඳුනාගත්තා. මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Oligodon arnesis යන්නයි.
Oligodon arnesis යන විද්‍යාත්මක නාමයෙන් දැක්වෙන මෙම සත්ත්වයා පිලිබදව කරුණු පහතින්
ශ්‍රී ලංකාවේ හමුවන දත්කැටියන් පිලිබදව සැලකු විට ලෙහෙසියෙන්ම වෙන්කර හඳුනාගත හැකි විශේෂය ලෙස අරණි දත්කැටියන් සදහන් කරන්න පුළුවන් ,මෙම ඝනයට අයත් සර්පයන්ගේ දන්ත වින්‍යාසය පැහැදිලිව හදුනාගත හැකි වන්නේ නේපාලයේ හා උතුරු ඉන්දියාවේ වෙසෙන ගුර්කාවරුන් නම් ජන කොටස් භාවිතා කරන විශේෂ හැඩයෙන් යුත් කුක්රි පිහියක(Kukri Knife) හැඩය ඇති දත් උඩු භාහුවේ පිහිටීම හේතුවෙන්ය.
කොට සිලින්ඩර හැඩ ඇති දේහය සුමට කොරල වලින් වැසී ඇත. හිස පැහැදිලිව ගෙලින් වෙන්වී නොමැත. ශරීරයේ මූලික වර්ණයන් දුඹුරු, කහ මිශ්‍ර දුඹුරු වැනි වර්ණ වන අතර ගොමකොළ වර්ණයෙන් හමුවන අවස්ථාද ඇත. පෘෂ්ඨීයව තද දුඹුරු හෝ කලු පැහැති හරස් පටි 10-25ක් පමණ සංඛ්‍යාවක් ගෙලෙහි සිට වල්ගය දක්වා පිහිටා ඇත. මෙම හරස්පටි ශරීරය දෙපසින් සිහින් වේ. අනෙක් දත්කැටි විශේෂ මෙන් අරණි දත්කැටියාගේත් හිසෙහි පෘෂ්ඨීයව ඇස් දෙක යා කෙරෙන රේඛාවක් ද හෝම්බුව දෙසට වන්නට තුඩ පිහිටන V අකුරේ හැඩයෙන් යුත් සලකුණු දෙකක් හෝ එකක් හිස මතුපිට හා හිසේ පිටිපසට වන්නට පිහිටා ඇත. පිටුපසින් ඇති සලකුණ ඝනකමින් හා විශාලත්වයෙන් වැඩිය. උදරීය පැහැය තනි සුදු වේ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකර ප්‍රදේශය හැරුනුකොට වෙනත් බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. උතුරේ යාපනය ප්‍රදේශයේ ඇති දූපත් වලින්ද වාර්ථා වී ඇත. ප්‍රධාන වශයෙන් ගොඩබිම වෙසෙන රාත්‍රී කාලයේ සැරිසරණ සර්පයෙක් වන අරණි දත්කැටියා දිවා කාලයේදී පොළව ඇතුලත පිහිටි ගුල්, දිරා යන ලී කොටන් හා ගල් කුහර වැනි අඳුරු සිසිල් ස්ථාන වල කාලය ගත කරයි. ගොම්මන් කාලය එළඹීමත් සමග මෙම සර්පයන් ඉතා ක්‍රියාශීලීව සංචරණය සිදුකරයි. මොවුන්ගේ ප්‍රධාන අහාර ලෙස කුඩා කටුස්සන් ,සිකනලුන් , හූනන් ,මකුළුවන් , කුඩා ගෙම්බන්, කුරුමිණි පිළවුන් ගොදුරු කරගන්නා අතර සුමට සිවියක් ඇති අනෙක් කුඩා සර්ප බිත්තර ඇතුළු උරග බිත්තර ආහාරයට ගත් අවස්ථාද වාර්තා වේ. මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්, මෙතනින් සහ මෙතනින්
මේ සත්වයාගේ හැසිරීම් ,සංචරණයන් ආදිය පිලිබදව වන වීඩියෝවක් පහතින් .
මල් කරවලා
මල් කරවලා ලෙස හදුන්වන සර්පයෙක් පිළිබදවද අපේ අවධානය යොමු වුණා. අප විසින් සිදුකල සොයා බැලීමේදී දැකගන්නට ලැබුණේ එම සත්ත්වයා ද ප්‍රබල විෂ සහිත සර්පයෙක් නොවන බවයි. Balanophis ceylonensis යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන්නේ මෙම සර්පයයි. එම සර්පයාව හැදින්වෙන්නේ සුළු විෂ සර්පයෙක් ලෙසයි. එම සර්පයන් වඩාත් බහුලව දැකගත හැක්කේ වැසි වනාන්තර ඇසුරු කරගෙනයි.ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ විසසහිත බවක් ඒත්තු යනසේ සමාජ ජාලාවල පළවන සේයාරුවේ සිටින සර්පයා අරණි දත් කැටියා නම් විස රහිත සර්පයෙක් වන බවයි.සමාජ ජාලා සටහනේ සදහන් කර ඇති මල් කරවලාද සුළු විෂ සර්පයෙකි ,උග්‍ර විෂ සර්පයෙක් නොවේ .

Title:“අරණි දත් කැටියා” ගැන නොමග යන සුළු සටහනක්!
Written By: Kalana KrishanthaResult: Missing Context

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,