ශ්‍රී ලංකාවේ සම්පුර්ණ විශාලත්වය ඇත්තටම වැඩිවෙලා ද?

Environmental Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලංකාව දූපත් රාජ්‍යයක්. ලංකාවේ භූමි ප්‍රමාණය පිළිබඳව, බොහෝ දෙනාගේ අවධානය  යොමුවෙනවා. පසුගිය වසර ගණනාවක සිට සිදුව ඇති වෙරළ ඛාදනය ආදී බොහෝ දේ නිසා වැඩි දෙනා විශ්වාස කරන පරිදි ලංකාවේ භූමි ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. 

නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව නිකුත්කළ දත්ත අනුව, 2024 වසරේ දී සිදුකරන ලද ගණනය කිරීමටකට අනුව, ලංකාවේ මුළු  වර්ග ප්‍රමාණය (භූමි ප්‍රමාණයන් ද ඇතුලත්ව) වර්ග කිලෝමීටර 65,610 සිට 67,240 දක්වා වැඩිවී තිබෙනවා. මෙය සැබවින්ම සිදුවුවේ කෙසේද ? මේ සම්බන්ධයෙන් විවිධ ආකාර සමාජ ජාලා සටහන් පළවෙනවා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 

ලංකාව මුළු ප්‍රමාණය විශාල වී ඇති බවක් හඟවමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වලින් දැක්වෙන්නේ නව ගණනය කිරීම් අනුව, ලංකාවේ විශාලත්වය, මිට පෙර සිදුකර තිබු ගණනය කිරීමට වඩා වර්ග කිලෝමීටර 1630 කින් වැඩිවී ඇති බවයි.

FB | Archived

මෙම සටහන් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු අතර සැබවින්ම මෙලෙසින් විශාලත්වය සිදුවිය හැකිද ? මෙසේ වැඩිවීමට හේතුව පෝට් සිටි වැනි මුහුද ගොඩකර සෑදු නිර්මාණ නිසාද ඇතුළු කරුණු දක්වමින් මෙවැනි සටහන් සඳහා බොහෝ දෙනා අදහස් දක්වමින් කරුණු විමසා තිබුනේ මෙලෙසින්.

සැබවින්ම මේ ආකාරයට ලංකාවේ විශාලත්වය වැඩිව ඇතිද ? මේ, ඒ පිළිබඳව අප සිදුකරන කරුණු විමසා බැලීමක්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ මේ සම්බන්ධව කටයුතු කරන Geo Information Unit වෙතින් අප මුලින්ම කරුණු විමසා සිටියා. එහිදී අපට දැකගන්නට ලැබුණේ 2024 වසරේදී සිදුකරන ලද ගණනය කිරීම සහ එයින් ලැබුණු රටේ ප්‍රමාණය වන වර්ග කිලෝමීටර 67,240 යන්න, කලින් ලංකාවේ ප්‍රකටව තිබුණු වර්ග ප්‍රමාණය වන 65,610 ට වඩා වැඩිවීමක් වුවත් එය සත්‍ය වශයෙන්ම ලංකාවේ භූමි ප්‍රමාණයේ වැඩිවීමක් ලෙසට සැලකිය නොහැකි බවයි.

Geo Information Unit හි නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල්වරිය අප සමග පැවසුවේ, නව ගණනය කිරීම් සිදුකර ඇත්තේ චන්ද්‍රිකා සේයාරූ උපයෝගී කරගෙන බවයි. කරුණු තොරතුරු පැහැදිලි කරමින් ඇය පවසා සිටියේ ලංකාවේ මුළු භූමි ප්‍රමාණය (Total Land Area) මෙන්ම ලංකාවට අයත් කලපු , බොක්ක ආදියේ ප්‍රමාණයන්ද මෙම මුලු  ගණනය කිරීමට අයත් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පවසා සිටියේ, මීට පෙරාතුව වර්ග කිලෝමීටර 65,610 ලෙස සිදුකරන ලද ගණනය කිරීම සිදුකර ඇත්තේ කෙසේද සහ ඒ සම්බන්ධයෙන් යොදාගත් නිශ්චිත ක්‍රමවේදයන් පිළිබඳව පැහැදිලි දත්ත මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව සතුව මේ වන විට නොපවතින බවයි. 

එමෙන්ම මිනුම්දෝරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියේ ඇති නව ගණනය කිරීම්වලට අදාළ දත්ත ඇතුලත් සටහනේ දැක්වෙන්නේ, මීට පෙර ගණනය කිරීම් සඳහා යොදාගත් ක්‍රමවේද මොනවාද යන්න පැහැදිලිව අදාල ලිපි ලේඛන වල සඳහන්ව නොමැති බවයි. 

A screenshot of a computer

AI-generated content may be incorrect.

Survey Dept

එම නිසා මෙම වර්ග කිලෝමීටර 67,240 ලෙස සිදුකරන ලද මෙම ගණනය කිරීම සහ මීට පෙර ලංකාවේ විශාලත්වය  ලෙස ගණනය කරන ලද 65,610 සසඳා ලංකාවේ භූමි ප්‍රමාණය වැඩිවී ඇති බවක් ප්‍රකාශ කිරීමට අපහසු බවත් ඇය අප සමග පවසා සිටියා. 

එමෙන්ම ඇය අවධාරණය කරේ 67,240 යන අගය මත පදනම්ව, ලංකාවේ භූමි ප්‍රමාණය / මුළු විශාලත්වය වැඩිව ඇති බවක් සඳහන් කල නොහැකි බවයි.

ලංකාවේ විශාලත්වය 67,240 වර්ග කිලෝමීටර ලෙස ගණනය කල අයුරු මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියේ සදහන්ව ඇත්තේ පහත අයුරින්.

ඒ අනුව මුළු ගොඩබිම් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65489 ක් ලෙස ද කලපු (Lagoon) ප්‍රදේශ වර්ග කිලෝමීටර 1406 කුත්, බොකු (Bay Area) ආශ්‍රිත ප්‍රදේශ වර්ග කිලෝමීටර 345 කුත් යන සියල්ලේ එකතුවෙන් මුළු වර්ග ප්‍රමාණය ගණනය කර තිබෙනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ නවතම ගණනය කිරීම් අනුව ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග  එය කලින් තිබු අගයට වඩා වැඩි අගයක් සංඛ්‍යාත්මකව පෙන්නුම් කළ ද, ඒ මත පදනම්ව ලංකාවේ සම්පුර්ණ විශාලත්වය වැඩිව ඇති බවක් පැවසිය නොහැකි බවයි. 

එයට හේතුව වන්නේ කලින් ගණනය කිරීම් කෙසේ සිදුකර ඇත්ද , ඒ සඳහා භාවිතා කරන ලද නිර්ණායක මොනවාද යන්න පිළිබද දත්ත වාර්තා මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව සතුව නොමැති වීමයි. නව ගණනය කිරීම් සඳහා ගොඩබිම් භූමි ප්‍රමාණයට අමතරව කලපු (Lagoon) ප්‍රදේශ සහ බොකු (Bay Area) ආශ්‍රිත ප්‍රදේශ වර්ග කිලෝමීටර් ප්‍රමාණය ද ඇතුළත් වෙනවා.

Avatar

Title:ලංකාවේ සම්පුර්ණ විශාලත්වය ඇත්තටම වැඩිවෙලාද ?

Fact Check By: Kalana Krishantha 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *