දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වර්තමාන රජය විසින් ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇති අතර ඒ සඳහා අයදුම් කරන ලෙස සඳහන් කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු විය.
එමෙන්ම මේ සම්බන්ධව whatsapp සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු හුවමාරු වී ඇති අන්දමින් අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
මෙහි දැක්වෙන තොරතුර සත්‍යය ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම)
ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇති ද යන්න පිළිබඳව අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළා. නමුත් රජය විසින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ට කිසිදු පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.
ඉහත වැඩසටහන් සඳහා ලියාපදිංචි වන ලෙස දක්වා ඇති සබැඳි පරීක්ෂා කිරීමේදී ද, එය එවැනි වැඩසටහනක් සඳහා යොමු කරන ලිපිනයක් නොව ව්‍යාජ සබැඳියක් බව දක්නට ලැබුණි. මෙම සබඳියට පසුව අප පරීක්ෂා කිරීමේ දී එය ඉවත් කළ ඇති ආකාරයද අපට දැක ගැනීමට හැකියාවක් ලැබිණ.
මේ හේතුවෙන් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ සටහන් බව ත්, රජය විසින් ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද ව්‍යාපෘතියක් මෙන් ම, සෑම නිවසකට ලබා දෙන ප්‍රදානයක් සම්බන්ධයෙන් ව්‍යාපෘති, ක්‍රියාත්මක නොවන බව ත් ය. ඒ අනුව මෙම සබැඳි තතුබෑම් වංචාවක්(phishing scam) බවට තහවුරු වේ.
Phishing Attack යනු කුමක්ද?
තතුබෑම් ප්‍රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවකි. මෙහිදී ප්‍රහාරකයන් විශ්වාසනීය ආයතනයක් (උදා: බැංකුවක්, සමාජ මාධ්‍ය ජාලයක්, රජයේ ආයතනයක්) ලෙස වෙස්වලා ගනිමින් විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා ඔබව රවටා තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.
සරලවම කිවහොත්, මෙය මසුන් ඇල්ලීමට සමානයි. මසුන් ඇල්ලීමට බිලී කොක්කක් භාවිතා කරන්නා සේම, තතුබෑම් ප්‍රහාරකයාද ව්‍යාජ විද්‍යුත් තැපෑලක් හෝ වෙබ් අඩවියක් භාවිත කර ඔබේ පුද්ගලික තොරතුරු “අල්ලා ගැනීමට” උත්සාහ කරයි.
තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්රියාමාර්ග
තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ග කිහිපයක් මෙන්න:
- පණිවිඩවල සත්යතාව පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් සැක සහිත නම්, එහි ඇති අක්ෂර වින්‍යාස දෝෂ, ව්‍යාකරණ දෝෂ, සහ පණිවිඩය එවූ විද්‍යුත් තැපැල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න. නිවැරදි ලිපිනයක් වෙනුවට අමුතු අකුරු සහ සංකේත ඇතුළත් ලිපිනයක් තිබේ නම් එය වංචනික විය හැකියි.
- අනාරක්ෂිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: සැක සහිත පණිවිඩයක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න. සබැඳිය මත මවුස් කර්සරය (mouse cursor) තබා එහි සැබෑ ගමනාන්තය පරීක්ෂා කර බැලීමෙන් එහි සත්‍යතාව තහවුරු කර ගත හැකියි.
- පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න: දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩ මගින් ඔබේ මුරපද, බැංකු ගිණුම් අංක, හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී තොරතුරු කිසිවිටෙක ලබා නොදෙන්න. කිසිදු විශ්වාසනීය ආයතනයක් මේ ආකාරයට ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ.
- වෙබ් අඩවි වල ලිපිනයන් පරීක්ෂා කරන්න: වෙබ් අඩවියක ඔබගේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර එහි ලිපිනය (URL) https:// ලෙස ආරම්භ වන බව සහ අගුළු නිරූපකය (lock icon) ඇති බව තහවුරු කරගන්න. මෙමගින් එම වෙබ් අඩවිය ආරක්ෂිත බවට යම් තරමක විශ්වාසයක් තබා ගත හැකියි.
- මුරපද කළමනාකරණය: ශක්තිමත් සහ සංකීර්ණ මුරපද භාවිතා කරන්න. හැකි සෑම විටම මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (password manager) භාවිතා කරන්න. එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.
- ද්වි–සාධක සත්යාපනය (Two-Factor Authentication – 2FA) භාවිතා කරන්න: ඔබට හැකි සෑම ගිණුමක් සඳහාම 2FA සක්‍රිය කරන්න. මෙහිදී මුරපදයට අමතරව ඔබගේ දුරකථනයට හෝ විද්‍යුත් තැපෑලට එන කෙටි කේතයක්ද ඇතුළත් කළ යුතු බැවින්, ප්‍රහාරකයන්ට ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඇති අවස්ථාව බෙහෙවින් අඩු වේ.
- මෘදුකාංග යාවත්කාලීන කරන්න: ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ සහ අනෙකුත් උපාංගවල මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නිතිපතා යාවත්කාලීන කරන්න. මෙම යාවත්කාලීන කිරීම් මගින් ආරක්ෂක දුර්වලතා වළක්වා ගත හැකිය.
මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඔබට තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වී, ඔබේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගත හැකියි.
මීට පෙර අවස්ථාවකදී ද රජය විසින් මෙවැනි ආකාරයේ මුදල් සහනා ධාර ලබා දෙන බවට ජනතාව මුළා කරමින් සමාජගත කරන ලද මෙවැනි ක්‍රියාදාමයක් පිළිබඳව Factcrescendo අප විසින් තොරතුරු වාර්තාකර ඇත. එහිදී එක් අවස්ථාවක ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවත්, දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුපියල් 10000 ක මුදල් ප්‍රදානයක් ලබා දෙන බවට සහ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් රුපියල් 100000 සහ 50000 මුදල් ආධාර දෙන බවටව්‍යාජ සහගත තොරතුරු වල නිවැරදි බව අප විසින් විමර්ශනය කර ඇත.මෙතැනින්, මෙතැනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ආධාර ලබා ගැනීමට ලියාපදිංචි වන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ සටහන් මෙන්ම සෑම නිවසකට මුදල් ආධාරයක් දෙන බවට පළ වන සටහන් ව්‍යාජ සටහන් බවයි. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි. මෙය ව්‍යාජ තතුබෑම් සබැඳියක් වන බැවින් මෙවැනි සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.

Title:ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!
Fact Check By: LakshanResult: False
