අගමැතිනි හරිනි, මෛත්‍රී එක්ක, මැදියම් රැයේ රනිල් බලන්න ආව ද?

False Political

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අත්අඩංගුවට ගැනුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගනිමින් සිටිනවා. වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බොහෝ දේශපාලඥයින් ජාතික මහ රෝහල වෙත පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා. මේ අතර අග්‍රාමාත්‍යවරිය ද, සිටි බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තාවක සත්‍ය සොයා අප සිදු කරනු ලබන කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්යනුවෙන් සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් සිය සමාජ මාධ්‍ය ෆේස්බුක් පිටුවක් ඔස්සේ සටහනක් පළකරමින් සඳහන් කර තිබුනේ හිටපු ජනපතිගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ සමඟ මෙසේ අග්‍රාමත්‍යවරිය කොළඹ ජාතික රෝහලට පැමිණි බවක්.

 

Facebook | Archived Link

‍මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

 

මේ සටහන ඔස්සේ බොහෝ දෙනෙක් ඉහත සටහන් හුවමාරු කරගෙන තිබු අතර YouTube ඔස්සේ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

එහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම් රැසක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අග්‍රාමාත්‍යවරිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ඊයේ(24) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට පැමිණි බවට වෙනත් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.

කොළඹ ජාතික රෝහල

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අප මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ, රෝහලේ පරිපාලනයෙන් අග්‍රමාත්‍යතුමිය පැමිණි බවට කිසිදු තොරතුරුක් නොමැති බව ත්, ආරක්ෂක අංශ විසින් හෝ එවැනි තහවුරු කිරීමක් නොලැබුණු බවයි. මේ හේතුවෙන් එතුමිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට පැමිණි බවක් පිළිබඳව කිසිලෙසකත් රෝහල් පරිපාලනය දැනුවත්ව නොමැති බව ඒ මහතා අවධාරණය කර සිටියා. 

එසේම, තමන් අද(25) උදෑසන රනිල් වික්‍රමසිංහ මහතා බැලීමට ගිය අවස්ථාවේ, ඒ මහතාගේ අග්‍රාමාත්‍ය හරිනි ඔහුව බැලීමට පැමිණි බවට පැතිරෙන රාවය පිළිබඳ කළ විමසීමේදී ඇය තමන් බැලීමට නොපැමිණි බවට වික්‍රමසිංහ මහතා වෛද්‍ය බෙල්ලනට පැවසූ බවයි ඒ මහතා අපට සඳහන් කළේ.

රෝහල් ආරංචි මාර්ග

අප ජාතික රෝහලේ විශ්වාසදායක ආරංචි මාර්ග කිහිපයක් හරහා ද දැනට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබමින් සිටින වකුගඩු සම්බන්ධ දැඩි සත්කාර ඒකකයට, ඊයේ රාත්‍රියේ දී අගමැතිය පැමිණි බවක් වාර්තා වුණි ද යන්න විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට අග්‍රමාත්‍ය හරිනි පැමිණ නොමැති බවයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අප මේ පිළිබඳ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මෙම සටහන් අසත්‍ය බවත්, අග්‍රාමාත්‍යවරිය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමගින් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමට නොගිය බවයි.

එමෙන් ම අග්‍රාමාධ්‍ය ලේකම්ගේ අත්සනින්න යුත් ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බවයි. 

එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත යවන ලද ලිපිය පහතින්.

 

අද (26) මාධ්‍ය සකච්ඡාවක් අතරතුර දී ද මේ පිළිබඳව සිදුකළ විමසීමක දී තමා හිටපු ජනපති බැලීමට රෝහලට ගිය බවට හුවමාරු වන ව්‍යාජ පුවත ගැන අගමැතිනිය කරුණු දක්වා තිබු අයුරු පහතින්.

හිරු මාධ්‍ය අංශය

ඉහත හිරු සටහනට අනුව ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබුණේ, අග්‍රාමාත්‍යවරිය පැමිණියේ හිටපු ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළ බව ත්, ඔවුන් පැය දෙකකට වැඩි කාලයත් රෝහලේ ගත කළ බව තහවුරු කළ ආරංචි මාර්ග මගින් කියැවෙන බව ත් ය. 

අප මේ පිළිබඳව විමසා බැලීමට හිරු ටීවි ඩිජිටල් අධ්‍යක්ෂ විමුක්ති බණ්ඩාර මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, ඔවුන් ට මෙම පුවත සඳහා අභ්‍යන්තර මූලාශ්‍රයක් ද ඇති බවයි.

කෙසේ නමුත් මේ සටහන් සනාථ කිරීමට හැකි ඡායාරූප හෝ වීඩියෝ ඇතුළත් මූලාශ්‍ර මේ වන විටත් ඔවුන් සිය වෙබ් අඩවියේ හෝ නිල් ෆේස්බුක් පිටු ඔස්සේ හෝ මෙතෙක් දක්වා නොතිබුණි.

අග්‍රමාත්‍ය ලේකම් විසින් නිකුත් කළ ලිපියෙන් පසු හිරු සමාජ මාධ්‍යවල මෙන් ම වෙබ් අඩවියේ නැවතත් පුවතක් පළ කර තිබුණත් ඒ අග්‍රාමාත්‍ය ලේකම් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් පමණි. එම වෙබ් ලිපිය මෙතනින්.

එසේම අද (26) වැනිදා ද ඉහත පුවත පළකිරීමට හේතුව ඇතුළු කරුණු දක්වමින් පැහැදිලි කිරීමක් ද හිරු පුවත් හි පළකර තිබුනේ මෙලෙසින්.

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව ද අප මේ පිළිබඳ විමසීමට සම්බන්ධ කර ගැනීමට උත්සහ කර ත්, එම අවස්ථාව ව්‍යර්ථ විය.

Also Read : රනිල් වික්‍රමසිංහ රෝහල් ගත කළ අවස්ථාවේ වීඩියෝවක්ද?හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?

 

 

 

Avatar

Title:අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ආව ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply