දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැදපෙරදිග යුද ගිනි දැල් මැද ඇමරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවන් පහතින්
Claim 1:සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“යුද්ධ මැද ඉරානයෙන් විශාල හෙළිදරව්වක් !! උත්තරීතර නායකයා ජීවතුන් අතරයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ පලවී තිබුණේ මෙලෙසින්.

මෙහි සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 පෙබරවාරි 28 වන දින අයතුල්ලා අල් කමේනිගේ කාර්යාලයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් කමේනි මිය ගිය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. එසේම ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද මෙම මරණය තහවුරු කර තිබුණා. කමෙයිනිගේ දියණිය, බෑණා සහ මුනුපුරා ද මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාඝ්චි NBC News වෙත ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවතුන් අතර සිටින බවට ප්‍රකාශයක් සිදු කරාද යන්න පිළිබඳව අප පරීක්ෂා කළා. ඔහු විසින් පසුගිය මාර්තු 6 වන දා NBC News වෙතට අදහස් දක්වා තිබූ අතර අබ්බාස් සඳහන් කරන්නේ, ඔවුන්ගේ නායකයා මිය ගොස් ඇති බවයි. එම අවස්ථාව පහතින්.
ඒ පිළිබඳව තවත් මාධ්‍ය වාර්තා මෙතනින් මෙතනින් සහ මෙතනින්.
Claim 2: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඊශ්‍රායල ඇමෙරිකන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මළ සිරුරෙහි ඡායාරූපයක් ලෙස දක්වමින් මෙරට මෙන්ම ජාත්‍යන්තර සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේද ඡායාරූපයක් හුවමාරු වුණා.
”ඉරාන රජය සුන්බුන් අතර ඇති කමේනිගේ සිරුරේ ඡායාරූපයක් නිකුත් කරයි, ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ ටෙහෙරාන් නුවර පිහිටි සිය නිල නිවසෙහි සුන්බුන් අතර තිබී සොයාගත් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය දැක්වෙන ඡායාරූපයක් ඉරාන රජය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB) මගින් මෙම ඓතිහාසික සහ සංවේගජනක ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කළේ කමේනි “දිව්‍යමය මරණයට” (Martyrdom) පත් වූ බව තහවුරු කරමිනි. සෙනසුරාදා එල්ල වූ එම ප්‍රහාරයෙන් කමේනිගේ මාලිගය සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර, ඔහුගේ දේහය සොයාගෙන ඇත්තේ පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමකින් පසුව බව වාර්තා වේ”. යනුවෙන් සඳහන් කරමින් අදාල ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

එම ඡායාරූපය යොදාගනිමින් මීට සමාන තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වී තිබුණේ මෙලෙසින්.




Facebook Facebook Facebook Facebook
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අදාළ ඡායාරූපය සැබෑ ලෙසම ඉරාන රජය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලද මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ මෘත ශරීරයේ ඡායාරූපයක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. ඒ අනුව අදාළ ඡායාරූපය ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB), ප්‍රධාන ධාරාවේ ඉරාන මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර තිබේද යන්න පරීක්ෂා කළ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB), ප්‍රධාන ධාරාවේ ඉරාන මාධ්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණත් ඉරාන රාජ්‍ය රූපවාහිනිය, වෙනත් ප්‍රධාන ධාරාවේ ඉරාන මාධ්‍ය හෝ වගකිවයුතු ප්‍රධාන ධාරාවේ කිසිඳු ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවක් විසින් අදාල මෘත ශරීරය සහිත ඡායාරූප පළ කර තිබුණේ නැහැ.
අදාළ ඡායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී ඡායාරූපයේ අස්වාභාවික බවක් දර්ශනය වන අතර ගලවා ගැනීමේ සේවකයින් මළ සිරුර කෙරෙහි අවධානයක් නොදක්වමින් වෙනත් සුන්බුන් වෙත අවධානය යොමු කරමින් සිටින බවක් නිරීක්ෂණය කළ හැකියි. එසේම ගොඩනැගිලි සුන්බුන් මෘත ශරීරය මතුපිටින් තබන ලද බවක් නිරීක්ෂණය වන අතර එම ගොඩනැගිලි කොටස මෘත ශරීරය මත පීඩනයක් ඇති කරන බවක් ද නිරීක්ෂණය වන්නේ නැහැ. එසේම ගලවා ගැනීමේ නිලධාරීන්ගේ විදුලි පන්දම් වලින් ලැබෙන ආලෝකය අවට සෙවනැලි හෝ පරාවර්තනයන් ඇති කරන බවක්ද නිරීක්ෂණය කළ නොහැකියි.
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ජායාරූපයක්
එම නිරීක්ෂණයද සැලකිල්ලට ගනිමින් අප විසින් අදාල ඡායාරූපය Google Gemini වෙත යොමු කරන ලද අතර එහිදී අනාවරණය වූයේ අදාල ඡායාරූපය Google හි කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් භාවිතයෙන් සංස්කරණය කර හෝ ජනනය කර ඇති බවයි.

එසේම අප විසින් අදාල ඡායාරූපය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කරන ලද අතර එහිදීද තහවුරු වූයේ අදාල ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ජායාරූපයක් වන බවයි.



Claim 3: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ වීඩියෝවක් ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්
මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026.02.28 දින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ අවමංගල්‍ය උත්සවය මෙතෙක් පවත්වා නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරන පරිදි මාර්තු 4 වැනිදා ටෙහෙරාන් නුවරදී Imam Khomeini Mosalla හි මහජන ගෞරවය සඳහා දේහය තැබීමටත්, ඉන්පසු අවමංගල්‍ය පෙරහැර පැවැත්වීමටත් සැලසුම් කර තිබුන නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින දැඩි යුධමය වාතාවරණය සහ ආරක්ෂක තර්ජන හේතුවෙන් දිගින් දිගටම අවමංගල්‍ය කටයුතු ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.එසේම වීඩියෝව තුළ ඉරාන ධජය වෙනුවට හිස්බුල්ලා ධජය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.
2025 පෙබරවාරි මාසයේ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ අවමංගල්‍ය උත්සවයේ වීඩියෝ පටයක්
ඒ අනුව අප විසින් අදාල වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ලක් කළ අතර එහිදී තහවුරු වූයේ අදාල වීඩියෝව 2024 සැප්තැම්බර් මාසයේදී ලෙබනනයේ බේරූට් හිදී ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලාගේ අවමංගල්‍ය උත්සවයේ වීඩියෝ පටයක් බවයි. ආරක්ෂක හේතූන් මත කල්දැමුණු ඔහුගේ අවමංගල්‍ය උත්සවය 2025 පෙබරවාරි මාසයේදී පැවැත්වුණා.

ඒ සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා මෙතැනින් සහ මෙතැනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


