සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැලියක් පවත්වනවා ද ?

Insight Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙවර 2026 ජාත්‍යන්තර මැයි දිනය  වෙසක් පොහෝ දිනය දා යෙදී ඇති හෙයින් මැයි දින සැමරුම් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් තීන්දු තීරණ රැගෙන තිබුණා. මේ අතර සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

” සජබය සහ එජාපය එක්ව දැවැන්ත මැයි රැලියක්! කොළ බලකොටුව යළිත් ලාංකීය දේශපාලන වංශ කථාවේ අංක එකට” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍යය සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook| Archived Link

මේ සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

ආර්ථික වාතාවරණය හමුවේ අධික වියදම් සැලකිල්ලට ගෙන ජාතික ජන බලවේගය සිය මැයි රැලිය පිට පළාත්වල ස්ථාන තුනකට සීමා කිරීමට තීරණය කර ඇති අතර, ජාත්‍යන්තර මැයි දිනය වෙසක් දිනය දා යෙදී ඇති හෙයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි රැලිය නොපැවැත්වීමට දැනටමත් තීරණය කර තිබෙනවා. සමඟි ජන බලවේගය සිය මැයි රැළිය වෙසක් පොහෝ දින කොළඹ පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඒකාබද්ධ මැයි රැලියක් පවත්වන බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ මෙවන් පසුබිමකදී ය.

පා.ම එස්. එම් මරිකාර් විසින් සජබ මැයි රැලියට එජාපයට ආරාධනා කර ඇත

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැලියක් පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් විසින් ප්‍රකාශ කළ බව දක්වා තිබුණේ මෙලෙසින්. 

Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමටද අප කටයුතු කළා. ජනතාවගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා වූ විකල්ප මැයි රැළිය මැයි 1 දා කොළඹදී පවත්වන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනා කරන බවත්, එජාපය සහ සජබය එක්ව සිදුකරන පළමු මැයි දින රැළිය බවට එය පත් වේවි යනුවෙනුත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් විසින් ප්‍රකාශ කර තිබුණේ මේ අයුරින්, 

Facebook

එම ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද බහුලව වාර්තා වී තිබුණා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද ඒවා බවට උපකල්පනය කල හැකියි.

කෙසේ නමුත් සජබ සහ එජාප එක්ව ඒකාබද්ධ මැයි රැලියක් පවත්වන බව දක්වමින් සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය විසින් කිසිඳු නිල නිවේදනයක් පල කර තිබුණේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය විසින් තනිව හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව මැයි දින සැමරුමක් පැවැත්වීමට මෙතෙක් තීරණය කර නැත.

නිල නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කර ඇත්තේ, මෙවර මැයි පළමුවැනිදා යෙදී තිබෙන්නේ පසළොස්වක පොහොය දිනයේ දී බැවින් එදිනට මැයි දින සැමරුමක් එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ එක්ව පැවැත්වීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂය එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් යම් නිල නිවේදනයක් නිකුත් කරන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව තුළ සහ එක්සත් ජාතික පක්ෂයේ නිල යූටියුබ් නාලිකාව ඔස්සේ පමණක් බෙදා හරින බව එම නිවේදනය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය මැයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපි බව ද අදාළ නිවේදනය තුළ දක්වා තිබෙනවා.

Facebook

එක්සත් ජාතික පක්ෂය

මේ සම්බන්ධයෙන් අප සිදු කළ විමසීමේදී එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් සඳහන් කළේ මැයි පළවෙනිදා පක්ෂය  විසින් තනිව හෝ මැයි රැළියක් පවත්වනවා ද යන්න පිළිබඳව ද මේ වන විට තීරණය කර නොමැති බවත්, එවැන්නක් තීරණය කරන්නේ නම් එම තීරණය පසුවට දැනුම් දෙන බවත්ය. 

අප මැයි දින සැමරුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් ද, විමසීමක් කළ අතර මෙතෙක් ඒ සඳහා පිළිතුරු ලබා දීම සිදු නොවුණි. පිළිතුරු ලැබුුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Result Stamp

Title: සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැලියක් පවත්වනවා ද ?

Fact Check By: Pavithra Hansani

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *