කොළඹ අවට බෝම්බ පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

පාස්කු ප්‍රහාරයට වසර 7ක් සපිරෙන අද(21) දිනයේදී නැවත බෝම්බ ප්‍රහාර කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දියත් කිරීමට සැලසුම් කළ පුද්ගලයෙක් අතඅඅඩංගුවට ගත් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් ද, බහලුව අද දිනයේ සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට Factcrescendo අප කණ්ඩායම කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කොළඹ අවට බෝම්බ පිපිරවීමට සැළසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවටයනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් අද(20) දිනියේ සංසරණය වුණා.

Facebook | Archived Link

එවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්

FB | FB| FB| FB| FB| FB| FB| FB

මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය ධාරා බොහොමයක් විසින් ද, කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම් මාලාවක් සිදුකිරීමට සැලසුම් කළ පුද්ගලයෙක් ඊයේ(20) දින ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා කර තිබුණි. එම පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එහි වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, දැනට විදෙස්ගතව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක, ‘කංජිපානි ඉම්රාන්’ ලෙස හැඳින්වූ මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් විසින් මෙම සැලසුම දියත් කිරීමට සූදානම් කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ බවටයි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතාගෙන් විමසීමක් කළා‍. ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර ඇති කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් පළ වන තොරතුර අසත්‍ය බවයි.

තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ජා-ඇළ, කලා වීදිය ප්‍රදේශයේදී ඊයේ (20) සිදුකළ වැටලීමකදී කංජිපානී ඉම්රාන්ට සබඳතාවයක් ඇති බව පැවසෙන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ත්, නමුත් ප්‍රහාරයක සැලසුමක් සම්බන්ධයෙන් අනාවරණය වූ බවට ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් එලෙසින් අත්අඩංගුවට පත් පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම් මාලාවක් සිදුකිරීමට සැලසුම් කළ පුද්ගලයෙක් ඊයේ(20) දින ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවට පළ වන පුවත් අසත්‍ය බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ, කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති වුවද, කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුමක් පිළිබඳ අනාවරණයක් නොවූ බවයි.

Result Stamp

Title: කොළඹ අවට බෝම්බ පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තද?

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *