සජබේ මැයි රැලියේ නැති සෙනඟක් පෙන්වීමට AI ඡායාරූප පළ කරලද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ලෝක කම්කරු දිනයට සමගාමීව මෙරටදී පැවැත්වුණු මැයි දින සැමරුම් වල දේශපාලනික වශයෙන් පක්ෂ වල මුල් තැන ගනු ලැබුවේ, මැයි දින රැලි වේ. සමගි ජන බලවේගයේ පැවැත්වූ මැයි දින සැමරුම පිළිබඳ පළ වූ නොමග යන සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂණයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1 :

පුතානෝගේ මැයි රැලියේ සෙනඟ අඩු නිසා AI වලින් photo හදන “ජගත් විතාන..යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් සංසරණය වී තිබුණා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතානගේට අයත් ෆේස්බුක් පිටුවෙන් සමගි ජන බලවේලයේ මැයි දින සැමරුමට පැමිණි සෙනඟ පෙන්වීමට කෘතිම බුද්ධිය භාවිත කරමින් සෙනග පෙන්වීමට කටයුතු කර ඇති බවට සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් පළ කර ඇති බව ත්, දක්වා තිබුණා.

Facebook

මෙම AI ඡායාරූපය සම්බන්ධයෙන් තව ත් සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

සමගි ජන බලවේගයේ රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ඊයේ(01) සවස 3.00 ට පවත්වනු ලැබුවා. 

මෙම අවස්ථාවට සෙනඟ පැමිණ නොසිටියේ ද, යන්න ප්‍රථමයෙන් අප ඊයේ දින සජීවි දර්ශන පළ කර තිබූ සමගි ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුව හා සජිත් ප්‍රේමදාස මහතාගේ Youtube නාලිකාව හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එහිදී සෙනඟ බහුලව රැස්ව ඇති බව එම අවස්ථාවේ දර්ශන හරහා දැක ගන්නට ලැබෙනවා.

එසේ ම සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී, ඉහත පෙන්වා ඇති ලෙස කෘතිම බුද්ධිය ඔස්සේ ඡායාරූප ජනනය කිරීමේදී දැකිය හැකි අක්ෂර වල විකෘති බව දැක ගන්නට ලැබෙන ඡායාරූපයක් ඇතුළත් ෆේස්බුක් සටහන දැක ගන්නට ලැබුණි.

Facebook | Archived Link

සජබේ මැයි රැලියට පැමිණෙ සෙනඟ දැක්වීමට මෙම ඡායාරූපය රැගෙන තිබූ බැවින් සජබේ සජීවි විකාශයේ සෙනඟ පැමිණෙ අයුරු ද, අප පරීක්ෂා කළ අතර එහිදී ද, මෙම ඡායාරූපයේ දැක්වෙන ලෙස සෙනඟක් පැමිණෙන බව දැක ගන්නට ලැබේ.

එමෙන් ම මන්ත්‍රී ජගත් විතානගේට අයත් ෆේස්බුක් පිටුවේ, ඊයේ(1) දින මැයි රැලියේදී ලබා ගත් ඡායාරූප ගොනුවක් ෆේස්බුක් හි පළ කර තිබුණු අතර එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී ඉහත සඳහන් කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද සිංහල අක්ෂර වැරදි ලෙස දැක්වුණු ඡායාරූපය වෙනුවට මැයි රැලිය ලෙස නිවැරදි සිංහල අක්ෂර සමගින් එම අවස්ථාවේ ඡායාරූපය ද, ඇතුළත් කර ඇති බව දැක ගන්නට ලැබුණා.

Facebook

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ මෙම ඡායාරූපය සංසන්දනය කිරීමේදී ද, අක්ෂර නිසි පරිදි ලියා ඇති වෙනස සහ සත්‍ය ඡායාරූපයේ අතක ඡායාරූපයක් දැක ගන්නට ලැබෙන මුත් එහි දැක්වෙන පිරිසේ හෝ පසුබිමේ වෙනසක් දැක ගන්නට නොලැබේ. 

මන්ත්‍රී ජගත් විතානගේ මහතා

එසේ නම් කෘතිම බුද්ධිය ඔස්‌සේ ජනනය කරන ලද ඡායාරූපයක් පළ කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ අප මන්ත්‍රී ජගත් විතානගේ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන්ගේ ෆේස්බුක් පිටුව හසුරුවන ඇඩ්මින් විසින් ඉහත සත්‍ය ඡායාරූපයේ දැක්වෙන අත කෘතිම බුද්ධිය භාවිතයෙන් ඉවත් කිරීමට යාමේදී ඉහත ‘මැයි රැලිය’ ලෙස දක්වා තිබූ ඩිජිටල් පුවරුවේ අකුරු ද, වෙනස් වී ඇති බවයි. එලෙසින් වෙනස් වූ බවට සැලකිල්ලට ලක් නොවුණු බව ත්, එය ෆේස්බුක් හි පළ කිරීමත් සමග මෙය නැති සෙනඟක් මවා පෑමට කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බව ද, ඔහු සඳහන් කරනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙතනින්.

එය සිදු වූ ආකාරය පිළිබඳ දක්වමින් ඔවුන් පළ කර වීඩියෝවක් පහතින්.

Facebook

Claim 2 :

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මැයි දිනට යන පාක්ෂිකයන්ට දීමට කසිප්පු පෙරූ සජබ සංවිධායක බැරල් සමගම අත්අඩංගුවටයනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

සජබ සංවිධායකවරයෙකු මෙවැනි ක්‍රියාකාරකමක් සඳහා අත්අඩංගුවට ගත්තේ නම්, ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වි යුතු බැවින් අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙය පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි. එමෙන් ම මෙහි සඳහන් වී තිබුණේ,TTNEWS හි පළ වූ පුවතක් ලෙස බැවින් එම ෆේස්බුක් පිටුව හරහා ද, මෙවැනි පුවතක් පසුගිය 30 වන දා වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කළ ත්, එවැනි වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

කෙසේ වෙතත්  මෙලෙසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සජබ කුමන් දිස්ත්‍රික්කයේ සංවිධායක ද, යන්න හෝ අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන පොලීසියද, යන්න සඳහන් කර නොමැති කමත් මෙය නිල පුවතක් නම් එවැනි තොරතුරු ඇතුළත් විය යුතු බැවින් මේ පිළිබඳ තහවුරු කර ගැනීමට අප පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසා බැලීමට කටයුතු කළා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

ඔවුන් සඳහන් කරේ කුමන කාරණයකට හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා කුමන පාක්ෂිකයෙක් ද, යන්න පිළිබඳ එම මාධ්‍ය ඒකකයට වාර්තා නොවන බවයි. එමෙන් ම මෙහි පොලිස් වසමක් හෝ සඳහන් කර නොමැති බැවින් මේ පිළිබඳ තහවුරු කිරීමට නොහැකි බවයි.

නිල මූලාශ්‍ර නොමැතිව පළ කිරීම අසත්‍ය තොරතුරු පළ කරන්නන් විසින් සිදු කරන උපක්‍රමයක් වේ. කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කෙරෙන කිසිදු සනාථ කිරීමක් නොමැති බව පෙන්වා දිය හැක.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube

Result Stamp

Title: සජබේ මැයි රැලියේ නැති සෙනඟක් පෙන්වීමට AI ඡායාරූප පළ කරලද?

Written By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *