
රඹුක්කන නගරයේ අද (19) සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් අතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබුණා. එලෙස රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් ඔවුන්ගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් කිහිපයක් සංසරණය වුණා. එම ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප ද යන්න Fact Crescendo අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
අද (19) පැවති රඹුක්කන විරෝධතාවයේදී වෙඩි වැදී මිය ගිය පුද්ගලයා ඇතුළු තුවාල ලැබූ තවත් පුද්ගලයන්ගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප ඇතුලත් සටහනක් පහතින්.

එමෙන්ම තවත් සටහන් වලින් දැක්වුණේ ඉහත ඡායාරූපයේ සඳහන් පුද්ගලයන් 04 දෙනාම රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. එවැනි සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link
එසේම තවත් තරුණයෙකුගේ ඡායාරූපයක් ද හුවමාරු වූයේ රඹුක්කන සිද්ධියේදී දිවි පිදූ බවටයි.
මෙම ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය වශයෙන් අද දිනයේ පැවති විරෝධතාවයේදී මිය ගිය පුද්ගලයන්ද යන්න අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් අද(19) දිනයේදී පැවති විරෝධතාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කළේ, අදාළ පුද්ගලයාගේ උදර ප්‍රදේශය තුවාල වී තිබූ බවත්. වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුවන්නට ඇති බවට සැක කරන බව අධ්‍යක්ෂවරිය සඳහන් කළ තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, සහ මෙතනින්.
ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අවස්ථාව සම්බන්ධයෙන් පළ වූ වීඩියෝ මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.
කෙසේ වෙතත් මෙලෙසින් මිය ගිය පුද්ගලයා වන්නේ චමින්ද ලක්ෂාන් නමැත්තෙකු බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මෙලෙසින් සඳහන් කර තිබුණා. Archived Link
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ ආශු මාරසිංහ මහතාත් එම පුද්ගලයා ලක්ෂාන් නමැත්තෙකු බව සඳහන් කර තිබුණේ මෙලෙසින්.
එක්සත් ජාතික පක්ෂ Twitter ගිණුමේද, ඒ බව සඳහන් කර තිබුණේ මෙලෙසින්
The deceased was a former member of the UNP Youth Wing.
— UNP (@officialunp) April 19, 2022
Our Deputy Leader @RWijewardene is travelling to Rambukkana to visit the family of the deceased as well as the other protesters who were injured in today's shooting.
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වු පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙක් බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මෙවන විට කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයට පැමිණෙනමින් සිටින බවටත් එම විරෝධතාවයේ දි වෙඩි තැබීමෙන් ජිවිතක්ෂවයට පත් වු පුද්ගලයාගේ හා තුවාල ලැබූ සෙසු පිරිස පිළිබඳ සොයා බැලීම සඳහා පවුලේ ඥාතීන් හමු වීමට බව සඳහන් කරමින් එම Twitter පණිවිඩයේ සඳහන් කර තිබුණා. එම අවස්ථාව සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසින්.
මෙම විරෝධතාවයේදී මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා තිබූ පුද්ගලයා සත්‍ය වශයෙන්ම මිය ගිය පුද්ගලයාද යන්න විමසීමට එම පුද්ගලයාගේ පහත ඡායාරූපය යොමු කරමින් අප , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට යොමු කළා. ඔහු සඳහන් කළේ, මිය ගිය පුද්ගලයා වන චමින්ද ලක්ෂාන් වන්නේ එම පුද්ගලයා බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳව කෑගල්ල රෝහලෙන් හා පොලිසිය මඟින් නිල තහවුරු කිරීමෙන් පසුව කරුණු යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.
ඉහත දෙවන ඡායාරූපය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වූ අතර එම පුද්ගලයා මෝටර් රථ අනතුරකින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබෙන බවට ඒ සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු 18 වන දා තැබූ ෆේස්බුක් සටහනකින් සහ කොමෙන්ටු සඳහා ලබා දී තිබූ ප්‍රතිචාර වලින් අනාවරණය වුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අප මෙම පුද්ගලයාගේ මිතුරෙකු වන චමිල නිරෝෂන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ ලක්ෂාන් දිනේෂ් නමැති මෙම තරුණයා යතුරුපැදි අනතුරකින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මසකට පමණ පසුව පසුගිය 18 වන දා ජීවිතක්ෂයට පත් වූ බවයි.
සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගත් ඔහුගේ ඡායාරූපය මෙතනින්.
තෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ, අමිල සුබෝධන නමැති තරුණයෙකුගේ ඡායාරූපයකි. එම තරුණයාට පසුගිය 18 වන දින ඔහුගේ මිතුරෙකු විසින් ඉක්මන් සුවය පතා ෆේස්බුක් වෙත එක් කළ සටහනේ ඇති ඡායාරූපය රඹුක්කන විරෝධතාවයේදී මිය ගිය පුද්ගලයෙකුගේ බවට දක්වා තිබුණා.

අප සජීව ඩී මදුරංග නමැති මෙම පුද්ගලයාගෙන් වැඩි දුර තොරතුරු විමසීම සඳහා සම්බන්ධ කර ගත් අතර ඔහු පවසා සිටියේ පසුගිය 17 අරලගන්විල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු පසුගිය 19 වන දා ජීවිතක්ෂයට පත් වූ බවයි.
එමෙන්ම සිව්වන ඡායාරූපයේ දැක්වෙන්නේ, තේජක සඳරුවන් නමැති මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුවෙක් වන අතර ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සිය ඡායාරූපය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් එක් කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link
ඒ අනුව පැහැදිලි වන්නේ ඉහත ඡායාරූපය හුදෙක් විනෝදස්වාදය සඳහා උපහාසාත්මක කෝණයෙන් යම් කිසි පුද්ගලයෙකු නිර්මාණය කරන ලද්දක් බවයි.
පසුගිය 2021 වසරේ ගුරු උද්ඝෝෂණ අතරතුර දී ද මේ ආකාරයෙන් ව්‍යාජ ඡායාරුප යොදාගනිමින් එම උද්ඝෝෂණ සඳහා සහභාගී වී මියගිය ගුරුවරුන් බව ට සටහන් රැසක් හුවමාරු වී තිබුණා. එම වාර්තාව පහතින්
FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවරුන් පෙළක් ද?
Update :
ඉහත පළ මු ඡායාරූපයේ සිටින පුද්ගලයා චමින්ද ලක්ෂාන් බවට අප විසින් තහවුරු කර ගත් අතර ඔහු රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වේ.
ඔහුගේ දියණිය විසින් සිය පියාගේ ඡායාරූපයක් දක්වමින් සිටින අයුරු AFP පුවත් ඒජන්සියේ පළ වී තිබුණේ මේ අයුරින්.
Afpforum|Archived Link Facebook | Archived Link
ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ඇය සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
එමෙන්ම ගාලු මුවදොර පිටියේදී චමින්ද ලක්ෂාන්ගේ ඝාතනය වෙනුවෙන් පසුගිය දෙදින පුරාම ශෝකය පළ කර තිබුණේ මෙලෙසින්.
ඉහත දක්වා තිබූ මළසිරුරක් තැම්පත් කළ ආකාරයේ දැක්වෙන ඡායාරූපය සම්බන්ධයෙන් අප විමර්ශනය කිරීමේදී තහවුරු වූයේ අතුරුගිරියේ ,ශාන්තාලෝකගම පදිංචි 19 හැවිරිදි ඉසුරු මේධක නමැති තරුණයෙක් වන අතර පසුගිය 17 වන දා වැවක දිය නෑමට ගොස් ගිලී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. ඒ බවට ඔහුගේ අසල්වැසියෙන් පළ කළ ෆේස්බුක් සටහනක් මෙතනින්.
එම අනතුර සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක් මෙතනින්.
තවත් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අප මේ පිළිබඳව විමසීමට ඔහුගේ සහොයුරාගෙන් විමසා සිටි අතර ඔහුගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරූපය වෙනත් කෝණයකින් ලබා ගත් අවස්ථාවක ඡායාරූපයක් ඇතුළත් ෆේස්බුක් සටහනක් පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, රඹුක්කනදී විරෝධතාවයේ නියැලුණු පුද්ගලයන් හට පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඉහත සටහන්හි, එම සිදුවීමට අදාළ නොවන තරුණයන් කිහිපදෙනෙකුගේ ම ඡායාරුප හුවමාරු වෙමින් පවතින බවයි.

Title:රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading

Yes , i actually regret about such post i shared sorry for inconvenience