
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව අපගේ විමර්ශනයයි.
සමාජ මාධ්‍ය සටහන් :
“දැන් ලැබුණු පුවතක්…මහින්ද රාජපක්ෂ සමඟ සිය පවුලම ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කර ඇති බැව් වාර්තා වේ. ඊයේ රටින් යන්නෙ නෑ කියපු අය” එමෙන්ම මෙම හෙලිකොප්ටරය මගීන් 40 දෙනෙකු ගමන් කළ හැකි බවද සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ මෙලෙසින්.

එම අදහසින් පළ කර තවත් සටහනක් මෙතනින්. Archived Link
එමෙන්ම මෙම පණිවිඩය ඉංග්‍රීසි බසින් WhatsApp ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා අප කටයුතු කළේ මේ අයුරින්.
Also Read : මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (10) හොර රහසේ රටින් පිට වන ඡායාරූපයක් ද?
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ(10) උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටත් වූ බවට ප්‍රධාන මාධ්‍ය පුවත් වාර්තා කළ කරනු ලැබුවා.
ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිය පවුලේ සාමාජිකයන් වෙනත් රටකට පළා යාම සඳහා කටයුතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සටහන් සංසරණය වුණා.
මේ හේතුවෙන් මෙරට ගුවන්තොටුපොළ වල් අසළ ජනතාව එක් රොක් වෙමින් ගුවන්තොටුපොළ වලට ළඟා වන වාහනද පරීක්ෂා කළ අවස්ථා පිලිබඳ වාර්තා වුනා.
මේ අතර මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බවට සැක කළ පිරිසක් හෙලිකොප්ටරයක නැගී පළා යන දසුන් පෙළක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශනද හුවමාරු වූවා. එම වීඩියෝව මෙරට මෙන්ම ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා සමාජ මාධ්‍ය ගිණුම් වලද දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
කෙසේ වෙතත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රීකුණාමලයේ නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන කඳවුරේ රැඳී සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙන් ප්‍රදේශ වාසීන් එම ස්ථානයට රොක් වී විරෝධතාවයේද නියැලුණේ මේ අයුරින්.
මෙම අතර අගමැති ඇතුළු පවුලේ සාමාජිකයින් ඉන්දියාව බලා පිටත් වන බවත්, ඒ සඳහා ඉන්දීය රජය විසින් හෙලිකොප්ටරයක් එවූ බවත් එමගින් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පළා ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය
නමුත් මේ පිළිබඳ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ(10) නිල ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයක් සිදු කර තිබුණේ, ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා වන ප්‍රචාරයන් මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට ලක්ව ඇති බවත්, මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වේ. මහ කොමසාරිස් කාර්යාලය මෙම වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි.
එම සටහන පහතින්.
මේ පිළිබඳව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පළ කළ ට්විටර් පණිවිඩය පහතින්.
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (10) AFP පුවත් ඒජන්සිය සමගින් පවසා තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂිත ස්ථානයක සිටින බවත් කිසිදු අවස්ථාවක රටින් පිටවීමට ක්‍රියා නොකරන බවයි. ඒ පිළිබඳ පළ වූ ජාත්‍යන්තර වාර්තා මෙතනින් සහ මෙතනින්.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
අද(11) දිනයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවයි. එම අවස්ථාව පහතින්.
Also Read : ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන වෙරළ තීරය අද ජනතාව බෝට්ටු වලින් වටකළ ආකාරය ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News

Title:මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?
Fact Check By: Pavithra SandamaliResult: Explainer
