මෙක්සිකෝවේ කොරෝනා ආසදිතව දිවි අහිමිවූ වෛද්‍ය වෘත්තිකයින් 198ට කෘතගුණ දැක්වීමක්..

Coronavirus Misleading

කොරෝනා වසංගත තත්වය ලොව පුරා රටවල් බොහොමයකට දැඩිව බලපෑ අතර මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ආසාධිතයන් විශාල ප්‍රමාණයක් දිනපතා වාර්තාවන ස්වභාවයක් පෙන්නුම් කරනවා. දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද කොරෝනා රෝගී තත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටි අතර ඇතැම් දොස්තර වරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ද මෙම වසංගතයට ගොදුරු වී ඇතැම් අවස්ථාවල මරණයටද පත්වු අවස්ථා පිලිබඳ පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක් තුල මුහුනු පොතේ හුවමාරු වූ පින්තූරයක් වෙත අපගේ අවධානය යොමු වුනා

මුඛ ආවරනයක් පැලැදි කාන්තාවක් නිරුපණය වන ලෙස නිර්මාණය කර තිබු කොලාජ් ඡායාරුපයක සටහන් වී තිබුනේ “කොරෝනා වසංගතයෙන් අභාවප්‍රාප්ත වූ සියලුම වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ ඡායාරූප සමඟ මෙම චිත්‍රය නිර්මාණය කර ඇත” යනුවෙනි. 

එම ඡායාරුපය ඇතුළත් සටහනක්  සොරි-sorry සහ w o w නම් ෆේස්බුක් පි‍ටුවල පළකර තිබුනේ පහත අයුරින්.

Original PostArchived Post  Original Post                                           Archived Post   

වෛද්‍ය වෘත්තිකයින්ගේ මරණ විශාල සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය හේතුවෙන් වාර්තා වූ බැවින් සහ සංවේදී කාරණාවක් මෙසේ ඡායාරූපයකට ලබාගැනීම සුවිශේෂී හේතුවක් බැවින් ඉහත සටහන සත්‍යතාවය විමසා බැලීමට අප තීරණය කළා

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

ඉහත හුවමාරු වී තිබු ඡායාරූපයේ ඉහළින් වදන් කර තිබු “heroes medicos 198 caidos en la lucha” ස්පාඤ්ඤ භාෂාවෙන් පලවී තිබූණු වචන පෙළහි සෘජු පරිවර්තනය වූයේ “සටනේදී දිවිපිදූ වෛද්‍ය වෘත්තිකයින් එකසිය අනූ අටක්” යනුවෙන්.

එම වදන් පෙළ අප ගූගල් පිරික්සුමට යොමු කලා. එහිදී දැනගන්නට ලැබුණේ ඡායාරුපයෙන් දැක්වෙන්නේ මෙක්සිකෝවේ කොරෝනා ආසාදනයෙන් මරණයට පත් වූ දොස්තරවරුන් ඇතුලු හෙද කාර්ය මණ්ඩලයට අයත් සියල්ලන්ගේ පින්තූරයක් බවයි.

MILENIO (MILLENNIUM) නමින් හැඳින්වෙන මෙක්සිකෝවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක මූලිකත්වයෙන් මෙලෙස මෙක්සිකෝවේ මිය ගිය සෞඛ්‍ය කාර්ය මංඩලයට කෘතවේදීත්වය දැක්වීම සඳහා මෙම පින්තූරය සාදා තිබෙනවා.

ජුනි මස 27 වන දින පලවී තිබු ඔවුන්ගේ වාර්තාවකට අනුව ඒ වනවිට මෙක්සිකෝවේ කොරෝනා ආසාදිත මරණ විසිපන්දහසකටත් වඩා සිදුව තිබු අතර වෛද්‍ය වෘත්තිකයින් රැසක්ද කොරෝනා ආසාදිත ව මිය ගොස් තිබූ අතර ඒ වන විට වාර්තා වී තිබූ 198 දෙනෙකුගේ නම් ද එහි ඇතුළත් කර තිබුණා

Link ArchivedFB

එම පුවත මෙක්සිකෝවේ ප්‍රධාන චරිතයක් වන Enrique Vargas Del V. මහතා පසුගියදා හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ කොරෝනා වසංගතයෙන් අභාවප්‍රාප්ත වූ සියලුම වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ ඡායාරූප එකතුවක් ලෙස හුවමාරු වූ ඡායාරුපය ඇත්ත වශයෙන්ම මෙක්සිකෝවේ විශිෂ්ඨ සේවාවක් ඉටුමින් සේවයේ නියැලී, අවසානයේ කොරෝනා ආසදිතව ජීවිතය අහිමි වූ වෛද්‍ය වෘත්තිකයින් 198ට කෘතගුණ දැක්වීමට එරට මාධ්‍ය ආයතනයක් විසින් සිදුකළ නිර්මාණයක් බවයි

Avatar

Title:මෙක්සිකෝවේ කොරෝනා ආසදිතව දිවි අහිමිවූ වෛද්‍ය වෘත්තිකයින් 198ට කෘතගුණ දැක්වීමක්..

Fact Check By: Sahan Perera 

Result: Misleading


Leave a Reply