
මැතිවරණ සමයකදී සෑම දේශපාලන පක්ෂයක්ම සහ සමහර අපේක්ෂකයින්, විවිධ ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් පසුබිමක Sisila Ranawana නමැත්තෙකු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සේයාරුවකට “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” වදන් රෝපනය කර ඉදිරිපත් කර තිබූ සටහනක්, ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

එසේම කතෝලික ජනයා විසින් අනුර කුමාර දිසානායක ට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් විසින් පැවසු බව හැඟෙන සටහනක්ද හුවමාරු වනු අපට මෙසේ නිරීක්ෂණය විය. Lesely Fernando නැමැත්එතෙකු විසින් ඉදිරිපත් කර තිබු එම සටහනෙහි දක්වා තිබුණේ “කතෝලිකයෝ ලක්ෂ 14ක් මෙවර..රට බේරා ගැනීමට ඡන්දය දිය යුත්තේ කාටදැයි තීරණය කර අවසන්… ඒ නම් අනුර දිසානායකයි..” යනුවෙනි.

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් අලලා පසුගිය ජනාධිපතිවරණයේ දී ද ඉදිරිපත් කර තිබූ මෙවැනි සටහන් රැසක්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අපට අනාවරණය බැවින් ඉහත සටහන් පිළිබඳව ද කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉහත පරිදි මුහුණු පොතේ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු තහවුරු කර ගැනීමට අප කොළඹ කාදිනල් හිමිපාණගේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සමඟ සම්බන්ධ වූයෙමු. කාදිනල් හිමිපාණන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බවත්, කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් හෙලා දකිමින් දේශපාලනික වශයෙන් වැදගත් වන ප්‍රකාශයක් නොකළ බව එතුමා පැවසීය. එමෙන්ම මෙම සටහන් වල ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ද අවධාරනය කළේය.
වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප කොළඹ අගරදගුරු පදවියේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. සිංහල සහ ඉංග්‍රීසි බසින් පල කර තිබු පහත සටහන දක්නට ලැබුණි.
“මෙවර මහ මැතිවරණයේදී ජනතා ඡන්දය බලාපොරොත්තු වන ඇතම් අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සහ පත්‍රිකා වල ඔවුන් මා හමුවීමට පැමිණි පෙර අවස්ථාවල දී ගත් ඡායාරූප භාවිතා කරන බව දැනගන්නට ලැබී තිබේ. ඔවුන් එසේ කරන්නේ ඒ සඳහා මගේ අවසරය හෝ කැමැත්ත ලබා ගැනීමකින් තොරව බව මම ඔබට දැනුම් දෙනු කැමැත්තෙමි.
මා හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් හෝ පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවට ඔබට මතක් කරමි. තම හෘද සාක්ෂියට අනුව තමන් කැමති අපේක්ෂකයෙකුට සිය ජන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියකු සතු ප්‍රජාතන්ත්‍රික ප්‍රජාතන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද අපි මෙහිදී අවධාරණය කරමු”
එම සටහන් පහතින්.
Sinhala Notice | English Notice
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් හෙලා දකිහින් හෝ සහය දක්වමින් ප්‍රකෘශයක් නොකළ බවය. එබැවින් ඉහත සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Title:කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ!
Fact Check By: Sahan PereraResult: False
