
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අමෙරිකානු ඩොලර් බිලියන එකක වටිනාකමින් යුත් මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබාගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බවත්, මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවයකට පැමිණ ඇති බවටත් මෙරට බොහෝ ප්‍රධාන මාධ්‍ය පසුගිය දෙදෙන පුරා පුවත් පළ කර තිබූ බැවින් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“සුළං බලාගාරයට අදානි යළි අතවනයි – විදුලි ඒකකය ඩොලර් ශත 7ට දෙන්න යෝජනාවක්” යනුවෙන් සඳහන් කරමින් උදෑසන පුවත්පත් කියවන රූපවාහිනී වැඩසටහනක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ මේ අයුරින්. එම වැඩසටහනේ, ලංකාදීප සහ මව්බිම පුවත්පත්වල සඳහන් අදානි සමාගම සහ මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සම්බන්ධ පුවත් කියවීම සිදුකරනු ලබනවා.
ඒ අනුව මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇති ලෙස නතර කළ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය නැවත අදානි සමාගමට ලබාදීමට හෝ කිලෝ වොට් පැයකට ශත 7 ක පමණ මිලකට විදුලිය මිලදී ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතාවයකට පැමිණ තිබේ ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
බොහෝ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, මන්නාරම් සුළං බලාගාර වලින් උත්පාදනය කරන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ගෙවන ගාස්තුව ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් ශත 5-6 ත් අතර මිලක් යෝජනා කර තිබුණත් කිලෝ වොට් පැයකට ශත 7 ක පමණ මිලකට දෙපාර්ශ්වය එකඟ වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවයි.
ලංකාදීප පුවත්පතේ වාර්තා කිරීම මෙසේ ය.
ලංකාදීප වෙබ් අඩවියේ එම පුවත වාර්තා කර තිබුණේ මේ අයුරින්.
මව්බිම පුවත්පතේ ද මෙම පුවත වාර්තා කර තිබුනේ මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් මත ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ජුනි මාසයේදී යළි ආරම්භ වන බවට ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇති බවයි.
මෙරට ඉංග්‍රීසි වෙබ් අඩවි ද මන්නාරම් සුළං බලාගාර වලින් උත්පාදනය කරන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ඩොලර් ශත 7 ක පමණ මිලකට මිලදී ගැනීමට අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය එකඟ වීම සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
කෙසේ වෙතත් මේ සම්බන්ධ මෙරට බොහෝ පුවත්, මෙම තොරතුර ඉන්දියාවේ The Hindu පුවත්පතේ වාර්තා කිරීමක් ලෙස සඳහන් කර තිබූ බැවින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7කට මිලදී ගැනීමේ එකඟතාවක් මත ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු ලබන ජුනි මාසයේ යළි ආරම්භ වනු ඇති බව ත් එය දෙපාර්ශ්වයට ම එකඟ විය හැකි මිලක් වනු ඇති බවත් The Hindu වෙබ් අඩවිය පුවතක් පළ කර තිබේද යන්න අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව එම පුවත The Hindu වෙබ් අඩවියට අයත් The Hindu BusinessLine නම් වෙබ් අඩවියේ වාර්තා කර තිබූ ආකරය අපට දැකගත හැකිවිය. එම පුවත මෙතනින්. Archived Link
බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, උදයංග හේමපාල
නතර කර දැමූ සුළං විදුලිබල ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම පිළිබඳ අදානි සමාගමේ අවදානය යොමුව ඇති බවට සහ බලශක්ති ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7කට මිලදී ගැනීමේ එකඟතාවයකට ශ්‍රී ලංකා රජය සහ අදානි සමාගම එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ අප බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, උදයංග හේමපාලගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.
එම මහතා සඳහන් කළේ, ඉන්දියාවේ අදානි සමාගම විසින් නතර කර දැමූ සුළං විදුලිබල ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බවයි. එමෙන් ම ඩොලර් ශත 7කට විදුලිය මිලදී ගැනීමේ එකඟතාවක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද එම මහතා තහවුරු කරනු ලැබුවා.
ව්‍යාපෘතියේ මිල ගණන් පිළිබඳ සාකච්ඡා කිරීමට අදානි සමාගම කැමැත්තෙන් පසුවන බවත්, නමුත් බලශක්ති අමාත්‍යංශයෙන් ඒ සඳහා සාකච්ඡා කිරීමක් සිදුව නොමැති බවත් එම මහතා සඳහන් කරනු ලැබුවා.
මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉල්ලා අස්කරගැනීම පවා සිදුවූයේ පසුගිය 18 වනදා වන බැවින් නැවත අදානි සමාගමට මෙම ව්‍යාපෘතිය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් හෝ සාකඡාවක් සිදු නොවූ බවයි එම මහතා සඳහන් කරනු ලැබුවේ.
තවත් මාධ්‍ය ආයතනයක් වෙත මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, උදයංග හේමපාල සිදුකළ ප්‍රකාශයක් මෙතනින්.
Adani Green Energy SL Ltd
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කරමින් අද(20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් අදානි සමූහය පවසන්නේ, කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි.
ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් ඔවුන් දන්වා සිටිනවා.
යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව ද අදානි සමූහය නැවතත් තහවුරු කර තිබෙනවා.
අදානි සමාගමේ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සිදු නොකරන බව අධිකරණයට දැනුම් දීම සහ ඊට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනීම
මන්නාරම, වෙඩිතලතීව් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ගෙන තිබූ තීරණය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණයට පවසනු ලැබුවා.
ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන හෙයින් අදාළ ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් ඉල්ලා අස්කර ගැනීම පසුගිය 18 වන දින සිදුවිය.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් තුළින් සඳහන් කර තිබුණේ, මන්නාරම, වෙඩිතලතීව් ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය ක්‍රියාත්මක වුවහොත් දැඩි පාරිසරික හානියක් සිදුවිය හැකි බවයි.
ශ්‍රී ලංකාව තුළට සංක්‍රමණික පක්ෂීන් පිවිසෙන ප්‍රවේශ මාර්ගයේ මෙම සුළං විදුලි බලාගාරය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ හරහා රට තුළට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් පෙත්සමෙන් අනතුරු අඟවා තිබුණා.
ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් සමග ඇති කරගෙන තිබූ මෙම විදුලි බලාගාරය ඉදි කිරීමට අදාළ ගිවිසුම ඉන්දියානු රජය සමග ඇති කර ගත් ගිවිසුමක් සේ සලකා කටයුතු කිරීමට ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබූ අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
මෙම පුවත ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් ඇති කරගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය වන බවයි. ඒ බවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මෙන් ම, අදානි ග්‍රීන් ඒජන්සි සමාගම විසින් ද තහවුරු කරයි.

Title:නතර කර දැමූ සුළං විදුලිබල ව්‍යාපෘතියේ මිල සංශෝධනයකට නැවත අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය එකඟ වුණා ද?
Fact Check By: Piumika LakshaniResult: False
