දේශබන්දු තෙන්නකෝන් මෙවර ඔහුගේ නිවසේදී අවුරුදු සැමරු අයුරු ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මීට පෙර අලුත් අවුරුදු සැමරුම්වලදී ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සිය නිවෙස් තුළ අවුරුදු සමරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීම සිදුවිය. එනමුත් මෙවර සිංහල, දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීමේ ජාතික උත්සවයක් පමණක් පැවැත්වූ නමුත් නව ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් නිවෙස් තුළ අවුරුදු චාරිත්‍ර  ඉටුකරන ආකාරය විකාශය නොවීය. 

එවැනි පසුබිමක අත්අඩංගුවට පත්ව ඇප මත මුදා සිටින දේශබන්දු තෙන්නකෝන් සිය නිවසේදී මෙවර අවුරුදු සැමරූ බවට ඡායාරූප පළවී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“අඩෝ බන්දුවත් ෆොටෝ දාලා” යනුවෙන් සඳහන් කරමින් දේශබන්දු තෙන්නකෝන් මෙවර අවුරුදු සැමරූ ඡායාරූප පළකර ඇති බවට සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

තවත් එවැනි සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, දේශබන්දු තෙන්නකෝන් සිය පවුලේ අය සමඟ මෙවර අලුත් අවුරුදු සැමරූ ඡායාරූප ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප පළමුව දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ අතර එම ෆේස්බුක් පිටුව පසුගිය පෙබරවාරී 4 වන දින එනම් නිදහස් දිනය වෙනුවෙන් පළ කළ සටහනකින් පසු යාවත්කාලීන කිරීමක් සිදුව නොතිබුණි.

ඒ අනුව ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ 2025 වසරේ සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුමක ඡායාරූප පළ කිරීමක් සිදුව තිබුණේ නෑ.

කෙසේ වෙතත් Reverse Search Image ඔස්සේ සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වන, ඔහු නිවැසියන් සමඟ අවුරුදු සමරන ඡායාරූපය අප පරීක්ෂා කළ අතර එය 2024 අප්‍රේල් 14 වන දින ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ඡායාරූපයක් බව අපට දැකගත හැකිවිය. (Archive)

එම ඡායාරූපයට අමතරව පසුගිය වසරේ (2024) ඔහු නිවසේදී අවුරුදු සැමරූ අවස්ථාවේ තවත් ඡායාරූප ද පළ කර තිබුණේ මෙලෙසින්. එම ඡායාරූප පළ කර තිබුණේ, “2024 නව අවුරුදු උදාව නිවසේදි සැමරු අවස්ථාවයන සටහන ද සමඟින්.

දේශබන්දු තෙන්නකෝන් ⁣ඇප මත මුදාහැරීම

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පසුගිය (10) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කටයුතු කරනු ලැබුවා.

දේශබන්දු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ පසුගිය පෙබරවාරි 28 වනදායි. ඒ 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ ඩබ්ලිව්. 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙසයි.

කෙසේ නමුත් දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට අප්‍රේල් මස 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අප්‍රේල් 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණා.

කෙසේ වෙතත් තෙන්නකෝන් පසුගිය අප්‍රේල් 10 වන දින රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.

දේශබන්දුගේ චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම එලැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තාවනවා.

ඒ අනුව කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකුද අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගෙන් එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකුද පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම මෙම කමිටුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතුව ඇත. 

ඒ අනුව මෙම කමිටුව ස්ථාපිත කළ වහාම එම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තාවනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 08 වැනිදා ඡන්ද 151කින් සම්මත විය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් විසින් කතානායකවරයා වෙත භාර දී තිබුණා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

2025 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද දේශබන්දු තෙන්නකෝන් සිය නිවසේදී සැමරූ බවට ඇඟවෙන අයුරින් පළකර ඇති ඡායාරූපය මෙම වසරේ එකක් නොවන අතර එය 2024 වසරේ ඔහු සිය නිවසේදී අප්‍රේල් 14 වන දින අවුරුදු සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූපයකි.

Avatar

Title:දේශබන්දු තෙන්නකෝන් මෙවර ඔහුගේ නිවසේදී අවුරුදු සැමරු අයුරු ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *