
නව පාර්ලිමේන්තුව පත්වීමත් සමඟ අගෝස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පලමු පාර්ලිමේන්තු සභාව රැස්විය. මාස ගණනාවකට පසුව පැවති මෙම පාර්ලිමේන්තු සැසිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සැසිවාරය අවසානයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුනු අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා.
මෙම තේ පැන් සංග්‍රහය අතර තුර පාර්ලිමේන්තුවට තේරී පත් උනු සභිකයන් විසින් මාධ්‍ය වෙත අදහස් පල කල අතර එහිදී ජනතා විමුක්ති පෙරමුනෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විජිත හේරත් මහතා කලා යැයි දැක්වෙන ප්‍රකාශයක් බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්
Original Link | Archived | Original Link | Archived Link |
පසුගියදා නාමල් රාජපක්ශ ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කල ක්‍රීඩා කමිටු සාමාජික ඩිලන්ත මාලගමුව අලලා දක්වා තිබු උපහාසාත්මක ප්‍රකාශයේ සටහන් වී තිබුනේ “ක්‍රීඩා කවුන්සිලයක් හදලා මාලගමුව දාගෙන රාජපක්ෂලා නැවතත් රේස් පදින්න උත්සාහ කරනවා” යනුවෙන් .
එසේම ජාතික ජන බලවේගයේ නායකත්වය පිළිබඳව පසුගිය කාලය පුරාම විවිධ සටහන් නිර්මාණය වී තිබු අතර ඉහත තේ පැන් සංග්‍රහය අතරතුරදීම අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකළේ යයි උපහාසාත්මක කෝණයකින් පළව තිබු සටහනක දක්වා තිබුනේ “3 රැකිලා තියෙන්නෙත් මම නායකයා නිසා” යනුවෙන් පහත පරිදිය

Link | Archived |
මෙම කරුණු පිලිබඳ බොහෝ දෙනෙක් අපගෙන් විමසා සිටි බැවින් මේ පිලිබඳ කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප තීරනය කලා
Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)
මෙම කරුනේ සත්‍යතාවය සොයා බැලීමට අප හිරු පුවත් හරහා පලවූ පුවත් වල මැතිසභයේ පැවති තේ පැන් සංග්රය පිලිබඳ වාර්තා කල කොටස් නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහිදී 2020-08-20 වැනිදා සවස 6.55 පුවත් විකාශනයේ විජිත හේරත් මහතා පල කරන අදහස් වෙත අපගේ අවධානය යොමු උනා.
එහිදී අපට හෙළි වුනේ විජිත හේරත් මහතා අදහස් දක්වා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 20 වැනි සංශෝදනය වෙත යොමුවීමේ රජයේ වැඩපිලිවෙල පිලිබඳවයි.එහිදී කිසිම විටෙක ක්‍රීඩා කවුන්සිලය පිලිබඳව කිසිවක් ඔහු ප්‍රකාශ කරන්නේ නෑ. ඒ අනුව මේ ඡායාරුප සටහන ව්‍යාජ එකක් බවට අපට පැහැදිලි වෙනවා.
පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය හරහා සංස්කරණ කරමින් හුවමාරු වූ සටහන සහ ඇත්ත වශයෙන්ම හිරු පුවත් සේවයේ පළවූ විජිත හේරත් මහතා පලකළ ප්‍රකාශ සංසන්දනයක්
මාධ්‍ය හමුවේ මෙසේ පල කල අදහස් විජිත හේරත් මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද ඔහු දක්වා ඇති අයුර අපට දැකගන්නට හැකි උනා. එහි ඔහු කල ප්‍රකාශය පමනක් දක්වා ඇති අතර එම පල කල සටහනේ මාතෘකාව ලෙසද ඔහු යොදා ඇත්තේ “ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වීම තමයි ඉදිරියට තියෙන අභියෝගය…” යන්නයි
අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පලව තිබු ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී එයද සංස්කරණය කරන ලද සටහනක් බව පැහැදිලි වූ අතර එම අවස්ථාවේදී ඔහු ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ වැඩකිරීමට කිසිඳු බාධාවක් නැති ආණ්ඩුවක් පත්වී ඇති අතර වැදගත් වන්නේ කුමන වැඩ කොටසක් සිදුකරයි ද යන්න බැවින් ඒ පිළිබඳව විමර්ශනයෙන් සිටින බවයි. එහි කිසිඳු අවස්ථාවක පක්ෂ නායකත්වය පිළිබඳව ප්‍රකාශ වන්නේ නැත. අදාළ වීඩියෝ කොටස මෙතනින් . ඡායාරුප සංසන්දනය පහතින්

Conclusion (නිගමනය)
ඉහත කරුනු අනුව සලකා බලන විට පාර්ලිමේන්තු මැතිසභය රැස්වීම අවසානයේ විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් පවසන ලදැයි දැක්වෙන “ක්‍රීඩා කවුන්සිලයක් හදලා මාලගමුව දාගෙන රාජපක්ෂලා නැවතත් රේස් පදින්න උත්සාහ කරනවා” යන ප්‍රකාශය සහ “3 රැකිලා තියෙන්නෙත් මම නායකයා නිසා” යනුවෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන ලෙසට පලවන සටහන් සියල්ලම ව්‍යාජ ලෙස සංස්කරනය කරන ලද ඒවා බව අපට පැහැදිලිව සනාථ කල හැකියි.

Title:විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක විසින් සිදු කළා යයි පැවසෙන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප සටහන් පෙළක්!
Fact Check By: Sahan PereraResult: False
