දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
දේශපාලන වාසි ලබා ගැනීමට ඡායාරූප අවභාවිත කරමින් වෙනත් අර්ථ කථන ලබා දෙමින් ව්‍යාජ සංස්කරණයන් සිදු කිරීම සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“2030 දී අනිව සජිත් ජනපති නාමල් අගමැති. අපි ඒක කරනවාමයි. එහෙම නොවුනොත් මම හොරන ඉදන් ගෝල් ෆේස් එකට හෙලුවෙන් එනවා හැප්පිලා බලමු” යනුවෙන් සඳහන් කරමින් චරිත් අබේසිංහ විසින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර ඇති බවට ත්, එම සටහනේ ඡායා තිරපතක් බවට දක්වමින් ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කරනු ලැබීය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ෆේස්බුක් සටහනක් පළ කර නැහැ
සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා විසින් සත්‍ය වශයෙන් ම මෙවැනි සටහනක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ ද, යන්න අප පරීක්ෂාවට ලක් කළා.
නමුත් ඔහු විසින් එවැනි පළ කිරීමක් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.
නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා භාවිත කර තිබූ සජිත් ප්‍රේමදාස මහතා සහ නාමල් රාජපක්ෂ මහතා සමග සිටින ඡායාරූප දෙකක් ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ, පසුගිය දෙසැම්බර් 23 වන දා පළ කර තිබුණේ මෙලෙසින්.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි ඔහු විසින් “2030 දී අනිව සජිත් ජනපති නාමල් අගමැති. අපි ඒක කරනවාමයි. එහෙම නොවුනොත් මම හොරන ඉදන් ගෝල් ෆේස් එකට හෙලුවෙන් එනවා හැප්පිලා බලමු” යනුවෙන් එම ඡායාරූප සඳහා සටහන් කර නොතිබුණි. ඔහු මෙම ඡායාරූප සඳහා සටහන් කර තිබුණේ, “ලස්සනයි නේද ?” යනුවෙනි.
කෙසේ වෙතත් චරිත් අබේසිංහ විසින් මෙවැනි සටහනක් පෙර පළ කර පසුව සංස්කරණය කර ඇත් ද, යන්න පිළිපඳ අප එම සටහනේ Edit History හරහා පරීක්ෂා කළ ත්, ඔහු එවැනි සටහනක් පළ කර පසුව ඉවත් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම චරිත් අබේසිංහ මහතා විසින් මේ ආකාරයෙන් ප්‍රකාශයක් වෙනත් ස්ථානායකදී හෝ කර ඇත් ද, යන්න පිළිබඳ ඔහු සහභාගි වූ වැඩසටහන් ඔස්සේ ද, අප පරීක්ෂා කළ ත්, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් ඔහු විසින් ප්‍රකාශ කර ඇති බවට දැක ගන්නට නොලැබේ.
චරිත් අබේසිංහ
මේ හේතුවෙන් මේ පිළිබඳ අප තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා චරිත් අබේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ ඔහු විසින් පළ කර ඇති බවට හඟවා ඇති ෆේස්බුක් සටහන ඔහු විසින් පළ කර නොමැති බව ත්, තමන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක් ලෙස හැගවීමට ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති ඡායාරූපයක් බවයි. එමෙන් ම ඉදිරියේදී ජනාධිපතිවරණයකදී තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත්වීමට වැඩ කටයුතු කරන නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ අගමැති නාමල් රාජපක්ෂ වීමට කොහෙත්ම සිදු නොවන දෙයක් බව ත්, ඔහු පවසා සිටියා.
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, චරිත් අබේසිංහ විසින් ඉහත දැක්වෙන ලෙස සමාජ මාධ්‍ය සටහනක් පළ කර නොමැති බවත්, එය ව්‍යාජ ලෙස සිදු කරන ලද සංස්කරණයක් බව ත්ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා විසින් “2030 දී අනිව සජිත් ජනපති නාමල් අගමැති. අපි ඒක කරනවාමයි. එහෙම නොවුනොත් මම හොරන ඉදන් ගෝල් ෆේස් එකට හෙලුවෙන් එනවා හැප්පිලා බලමු” යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර නොමැති බවයි. මීට පෙර සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ ඡායාරූපයක් යොදා ගනිමින් ඒ සඳහා ව්‍යාජ සටහනක් එක් කරමින් ව්‍යාජ සංස්කරණයක් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වේ.
Title:“2030 දී සජිත් ජනපති, නාමල් අගමැති” – චරිත් අබේසිංහගෙන් ෆේස්බුක් සටහනක්?
Fact Check By: Pavithra SandamaliResult: False


