දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය තුළ Facebook හෝ Meta විසින් පරිශීලකයින්ගේ ඡායාරූප සහ පුද්ගලික දත්ත භාවිතා කිරීමට “නව නීති” හඳුන්වා දෙන බව සඳහන් කරන පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එහි නිරවද්‍යාතව සොයා අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Facebook / Meta විසින් හෙට සිට ක්‍රියාත්මක වන නව නීති හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව පරිශීලකයින් disclaimer පණිවිඩයක් තම Facebook ගිණුමේ copy-paste කර පළ නොකළහොත් Meta සමාගමට ඔවුන්ගේ ඡායාරූප සහ පුද්ගලික දත්ත භාවිතා කිරීමට අයිතිය ලැබෙන බවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් බහුලව හුවමාරු වන පණිවිඩයක් තුළ සඳහන් වේ. එම පණිවිඩය රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රචාරය කර ඇති බවත්, 60 Minutes වැඩසටහන සහ නීතිඥයින් මේ පිළිබඳව උපදෙස් දී ඇති බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Meta සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයින්ගේ ඡායාරූප සහ පුද්ගලික දත්ත භාවිතා කිරීමට අයිතිය ලබා ගන්නා බවට නව නීතියක් හඳුන්වා දී ඇති බවට මෙටා සමාගම ප්‍රකාශයක් කර ඇති බවට මෙටා සමාගම හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් දැක ගන්නට නොලැබේ.
Meta හි අන්තර්ගත භාවිත ප්‍රතිපත්ති, පරිශීලකයෙකු Facebook ගිණුමක් නිර්මාණය කරන අවස්ථාවේදී එකඟ වන එහි පවතින Terms of Service සහ Privacy Policy යටතේ පාලනය වේ. Facebook ගිණුමේ copy-paste කරන පණිවිඩයක් පළ කිරීම මගින් මෙම නීතිමය ගිවිසුම වෙනස් කර ඇති බවට ද, ෆේස්බුක් යෙදුමේ හෝ දැක ගන්නට නොලැබේ.
“60 Minutes” වැඩසටහන පිළිබඳ ප්‍රකාශය
මෙම viral පණිවිඩයේ, 60 Minutes නමැති රූපවාහිනී වැඩසටහන මේ පිළිබඳව වාර්තා කර ඇති බවත්, නීතිඥයින් Facebook පරිශීලකයින්ට මෙවැනි පණිවිඩයක් පළ කරන ලෙස උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.
නමුත්, 60 Minutes වැඩසටහන මෙවැනි පණිවිඩයක් පිළිබඳව වාර්තා කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, Facebook පරිශීලකයින්ට copy-paste disclaimer පෝස්ට් කිරීම පිළිබඳව නීතිඥයෙකු විසින් මහජන උපදෙස් නිකුත් කර ඇති බවටත් කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබේ.
Meta ඡායාරූප “අයිතිය”
Viral ප්‍රකාශය තුළ Meta ඔබගේ පුද්ගලික ඡායාරූප සහ තොරතුරු “අයිති කරගනී” හෝ “භාවිතා කරයි” යැයි පවසයි. නමුත් Meta හි නිල ප්‍රතිපත්ති අනුව, ඔබ Facebook හෝ Instagram වෙත පළ කරන සියලුම අන්තර්ගතයන්ට අයිතිය තවමත් ඔබටම පවතී.
කෙසේ වෙතත්, මෙම වේදිකාවේ ක්‍රියාකාරිත්වය සඳහා Meta වෙත ඔබ යොමු කරන ඡායාරූප, වීඩියෝ එම අන්තර්ගත භාවිත කිරීමට අවසර ලබා දී තිබේ. නමුත් මෙය Meta සමාගම ඔබගේ ඡායාරූප ඔවුන්ට හිමි කරගන්නා බවක් හෝ ඔබගේ පුද්ගලික දත්ත අලෙවි කරන බවක් අදහස් නොකරයි.
Meta සමාගම මීට පෙරද මෙවැනි කටකතා පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇති අතර, copy-paste පෝස්ට් වලට කිසිදු නීතිමය බලපෑමක් නොමැති බව පැහැදිලි කරනු ලබයි.
Meta ප්‍රකාශකයෙකුගේ ප්‍රතිචාරය
Fact Crescendo, Meta හි ප්‍රකාශකයෙකු සම්බන්ධ කරගත් අතර, Meta හි භාවිත නීති (Terms of Use) කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහු තහවුරු කරනු ලැබීය. යාවත්කාලීන කරනු ලබන නවතම නීති පිළිබඳ තොරතුරු Meta හි නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
නිගමනය (Conclusion):
Facebook හෝ Meta විසින් පරිශීලකයින්ගේ ඡායාරූප භාවිතා කිරීමට අවසර ලබා දෙන නව නීතියක් හඳුන්වා දී නොමැත. 60 Minutes වැඩසටහනද මෙය වාර්තා කර නොමැති අතර, Facebook ගිණුමක disclaimer පණිවිඩයක් copy-paste කර පළ කිරීමෙන් කිසිදු නීතිමය බලපෑමක් සිදු නොවේ.
සමාජ මාධ්‍ය තුළ හදිසි ක්‍රියාමාර්ග ගැනීමට ඒවා හුවමාරු කර ගැනීමට පොළඹවන පණිවිඩ පිළිබඳව පරිශීලකයින් අවධානයෙන් සිටිය යුතු අතර, සමාජ මාධ්‍ය වේදිකාවන්හි ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු ලබාගත යුත්තේ නිල නිවේදන සහ විශ්වාසවන්ත මූලාශ්‍ර මඟින් පමණි.
Title:Meta විසින් පරිශීලකයින්ගේ ඡායාරූප සහ පුද්ගලික දත්ත භාවිතා කිරීමට නව නීතියක් හඳුන්වා දීලද?
Fact Check By: Pavithra SandamaliResult: False


