දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සිදුවන විමර්ෂණය පිළිබඳ මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වන මාතෘකාවක්. මීට සමගාමීව දූෂණ විරෝධි කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට පසුගියදා පැමිණ තිබුණා. හිටපු ජනපති පැමිණි අවස්ථාව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන ඡායාරුප සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රට බේරාගත්, රටේම අප්පච්චි මහින්ද රාජපක්ෂ සර් වෙනුවෙන් අද ආපු සියලුම දෙනාටම ගොඩාක් ස්තූතියි” යනුවෙන් සඳහන් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දූෂණ විරෝධි කොමිසමට පැමිණි අවස්ථාවේ රැස්ව සිටි සෙනඟ බවට දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැයි මස 12 වන දා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට කැඳවා තිබුණා. ඒ SriLankan ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම අවස්ථාවට සැලකිය යුතු සෙනඟක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරිශ්‍රය අවට රැස්ව තිබූ අයුරු ප්‍රධාන මාධ්‍ය වාර්තා හරහා දැක ගන්නට ලැබේ.
එ් බව එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප වලින් ද, දැක ගන්නට ලැබේ.
නමුත් මෙම ඡායාරූප අවස්ථාවන් වලදී ද, ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා ඇති ලෙස. දූෂණ විරෝධි කොමිසම පරිශ්‍රයට දකුණු පස ඇති මාර්ගයේ එවැනි සෙනඟක් රැස්ව ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් එම පුවත වාර්තා කර දර්ශන වල හෝ ඡායාරූප වල දැක ගන්නට නොලැබේ. එමෙන් ම එම පරිශ්‍රය පිහිටා ඇති අයුරුත්, එම මාර්ගය දිස්වෙන අයුරුත් සැබෑ දූෂණ විරෝධි කොමිසම සහ දකුණු පස ඇති මළලසේකර මාවත පිහිටා ඇති අයුරු වෙනස් බව දැක ගන්නට ලැබේ. Google map
මෙම වෙනස් කම් සහ ඉහත ඡායාරූපයේ ඇති අස්වාභාවික පිහිටීම් මත මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්ද, යන්න අප AI ඡායාරූප ජනනය කිරීමේ මෙවලමක් හරහා පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව තහවුරු වුණේ, මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද බවයි.

ඒ අනුව මෙම ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් නොවන බවට තහවුරු වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දූෂණ විරෝධි කොමිසමට පැමිණි අවස්ථාවේ එම පරිශ්‍රයේ ඉදිරිපිට රැස්ව සිටි පිරිස ලෙස පෙන්වා තිබූ ඉහත සමාජ මාධ්‍ය ඡායාරූපය කෘථිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපයක් බවයි. නමුත් එදින කොළඹ පිහිටි දූෂණ විරෝධි කොමිසම ඉදිරිපට සැලකිය යුතු සෙනඟක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් රැස්ව තිබුණා.


