දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින්, නව තාක්ෂණය භාවිත කරමින් නොයෙකුත් කාරණා පිළිබඳ සමාජය දැනුවත් කිරීම් මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා. නමුත් ඇතැම් කාරණා නිසි පරිදි තහවුරු නොකර සමාජ මාධ්‍යට මුදා හැරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමට හැකිවේ. එලෙසින් පළ වූ අසත්‍ය තොරතුරක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රත්නපුරෙන් එන භයානක ආරංචිය! දරුවන්ගේ ආරක්ෂාවට මේක අනිවාර්යයෙන් බලන්න. රත්නපුරේ පාසල් දරුවන් අතර මේ දවස්වල “මෙනින්ජයිටිස්” (මොළයේ උණ) රෝගය පැතිරෙනවා. සෞඛ්‍ය අංශ කියන විදිහට මේක දැනට රත්නපුරේ තිබුණත්, ලංකාවේ හැම අම්මා තාත්තා කෙනෙක්ම මේ ගැන දැන්ම දැනුවත් වෙන එක ගොඩක් වැදගත්.
රෝග ලක්ෂණ මොනවද සහ දරුවාව මේකෙන් බේරගන්න අදම කරන්න ඕන දේවල් වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වටිනා වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයාර් (Share) කරන්න!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.
WhatsApp ඔස්සේ ද, මෙම වීඩියෝව බහුලව හුවමාරු වී තිබුණා.

මේ හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ සැබවින්ම මොළේ උණ තත්ත්වයක් වර්ධනය වී ඇත්ද යන්න සොයා බලා තහවුරු කරන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමන් මේ පිළිබඳ කරුණු පරීක්ෂායක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
සාමාන්‍ය ව්‍යවහාරය තුළ මොළේ උණ ලෙස හැඳින්වෙන එන්සෙෆලයිටිස් හෝ මෙනින්ජයිටිස් (Encephalitis ,Meningitis) යනු මොළය හෝ මොළය වටා ඇති ආරක්ෂිත පටල (මෙනින්ජි පටල) ආසාදනය වීම නිසා ඇතිවන බරපතල රෝගී තත්ත්වයකි. මෙම රෝගය ප්‍රධාන වශයෙන් එය වැළඳීමට හේතු වන ක්ෂුද්‍ර ජීවී වර්ගය සහ ශරීරයේ ප්‍රතික්‍රියාව අනුව වර්ගීකරණය කරනු ලබයි.
රත්නපුර ප්‍රදේශයේ ළමුන් අතර මොළේ උණ තත්ත්වයක විශේෂ වර්ධනයක් හෝ වසංගත තත්ත්වයක් වාර්තා වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් රත්නපුරයේ එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි.
මේ දිනවල වැඩි අවදානයක් යොමු වී තිබුණේ, දෙණියායේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගි තත්ත්වයක් පිළිබඳවයි. 2026 මැයි මාසයේ මුල් සතියේ සිට මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයේ පාසල් ළමුන් අතර වෛරස් මෙනින්ජයිටීස් (Viral Meningitis) හෙවත් මොළේ උණ තත්ත්වයක් වේගයෙන් පැතිර යමින් පැවතුණා. මේ හේතුවෙන් සිසුන් 47 දෙනෙකු පමණ සැලකිය යුතු ප්‍රමාණයක් දෙනියාය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබුණා. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා දෙනියාය කලාපයේ ප්‍රධාන පාසල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දෙනියාය කලාප අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබුවා. සෞඛ්‍ය අංශ සැක කරන්නේ මෙම වෛරසය අපිරිසිදු පානීය ජලය හරහා ශරීරගත වී ඇති බවයි. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
කෙසේ වෙතත්, රත්නපුර දිස්ත්‍රික්කය යනු අතීතයේ සිටම වරින් වර ජැපනීස් එන්සෙපලයිටීස් (Japanese Encephalitis) වැනි මොළේ උණ වර්ග වාර්තා වූ කලාපයක් බැවින් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමක් කළ අතර වෛද්‍ය අරුණ මහතා සඳහන් කළේ, දෙණියායේ පැතිරුණු මෙනින්ජයිටීස් වෛරස් තත්ත්යක්, ඇති බවට වාර්තා වී නොමැති බව ත්, ළමා රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වී නොමැති බවයි. මෙම වසරේ මුල් කාලයේ සිට සාමාන්‍යයෙන් ජැපනීස් එන්සෙපලයිටීස්, මෙනින්ජයිටීස් තත්ත්වයෙන් රෝගීන් විටින් විට සාමාන්‍ය තත්ත්වය යටතේ රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගෙන ඇති බව ත්, එය සාමාන්‍ය තත්ත්වයක් යටතේ මිස මේ දිනවල දෙණියායේ ඇති වූ තත්ත්වයක් මෙන් වාර්තා වී නොමැති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ අවධානයෙන් පසුවන බව ත් සඳහන් කළා.
එම ප්‍රදේශයේ වසංගත රෝග තත්ත්වය පිළිබඳව සොයා බලන කලාපීය වසංගත රෝග විද්‍යා ජාලය මඟින් ද, එම රෝහලට හෝ අවට ප්‍රදේශයට මොළේ උණ (Encephalitis/Meningitis) රෝගින්ගෙන්, පාස්ල දරුවන්ගෙන් කැපී පෙනන වර්ධනයක් ඇති වී බවට වාර්තා වී නොමැති බව ද, සඳහන් කළ අතර එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ද, ඒ පිළිබඳ තහවුරු කරන ලදී.
කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ මොළේ උණ වසංගතයක් නැතත්, මොළයට බලපෑම් කළ හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අනතුරු අඟවයි.
ලංකාවේ වැඩිම මී උණ රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. මී උණ දරුණු වූ විට එය මොළයේ පටලවලට බලපා (Meningitis තත්ත්වයක් ඇති කර) මාරාන්තික විය හැක.
රත්නපුර ප්‍රදේශයේ ඇති මැණික් පතල් වල පිරෙන රැඳි ජලය නිසා කියුලෙක්ස් මදුරුවන් බෝවීම සහ ඌරන් ඇති කරන ගොවිපළවල් බහුල වීම හේතුවෙන් මෙම මොළේ උණ වර්ගය වැළඳීමේ අවදානමක් පවතී. මේ නිසා රජය විසින් වයස අවුරුදු 10ට අඩු දරුවන්ට මේ සඳහා වන එන්නත (JE Vaccine) අනිවාර්ය කර තිබේ. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර
දරුවන්ට නිතරම නටවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානයට දීම.
පාසල් සහ උපකාරක පන්තිවලදී දරුවන් අතර වතුර බෝතල් හෝ කෑම බෙදාගැනීමෙන් වැළකී සිටීමට උපදෙස් දීම.
දරුවෙකුට තද උණ, දරුණු හිසරදය, වමනය හෝ බෙල්ල හැරවීමේ අපහසුතාවක් ඇත්නම් ප්‍රමාද නොකර වහාම ළඟම ඇති රජයේ රෝහල වෙත රැගෙන යාම. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.
දෙණියායේ ඇති වූ මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් Meningitis තත්ත්වයේ රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂ, වෛද්‍ය චන්න ද සිල්වා මහතා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රත්නපුරේ පාසල් දරුවන් අතර මේ දවස්වල “මෙනින්ජයිටිස්” රෝගී තත්ත්වයක් යනුවෙන් සඳහන් කරමින් පළ වන වීඩියෝව අසත්‍ය බවයි. රත්නපුර ශීක්ෂණ රෝහලේ, රෝහල් අධ්‍යක්ෂ, කලාපීය වසංගත රෝග විද්‍යා ජාලය මඟින් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ද, සනාථ කළේ, එම රෝහලට හෝ අවට ප්‍රදේශයට මොළේ උණ (Encephalitis/Meningitis) රෝගින්ගෙන්, පාස්ල දරුවන්ගෙන් කැපී පෙනන වර්ධනයක් ඇති වී බවට වාර්තා වී නොමැති බවයි. සාමාන්‍ය ලෙස රෝගීන් එක්කෙනෙු හෝ දෙනෛකු මේ වසරේ මුල සිට ගත් කළ මේ සඳහා ප්‍රතිකාර ගත් බව ත්, මෙය සාමාන්‍ය තත්ත්වයක මින දෙණියායේ පාසල් දරුවන් අතර ඇති වූ වෛරස් තත්ත්වයක් නොවන බව ත්, තහවුරු කළා.


