
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු හමුදා අණදෙන නිලධාරියෙකු සම්බන්ධයෙන් සිහිපත් කරමින් අනුස්මරණයක් සිදු කිරීමත් සමග වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු මෙලෙස පාර්ලිමේන්තුවේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට උපහාර පුද කරන බව හඟවමින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ මන්ත්‍රීවරයා පවත්නා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ද යන්න සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අදාල වීඩියෝව සමාජ මාධ්‍ය තුළ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල යූ ටියුබ් පිටුව ඔස්සේ සිදුකල මූලික පරීක්ෂාවේදී 2026 මැයි 21 වන දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව හදුනා ගැනීමට ලැබුණා.
මන්ත්‍රීවරයා විසින් විනාඩි 7ක පමණ කාලයක් පාර්ලිමේන්තුව අමතා තිබුණා. එහිදී ඔහු විසින් කතාවේ ආරම්භක කොටසේදී “අපගේ ඊළාම් විමුක්ති අරගලයේ වීරයෙකු වූ බ්‍රිගේඩියර් බාල්රාජ් අපෙන් වෙන් වී වසර 18ක් ගත වී ඇත. කල්ලයියා බාලසේකරන් යන සැබෑ නම සහිත, ලෝක යුද විශේෂඥයන් පවා මවිතයට පත් කළ මෙම සටන් බිමේ වීරයා මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේ උපන් අයෙකි. ඔහු වෙනුවෙන් මෙම උත්තරීතර සභාවේදී මාගේ උපහාරය පුද කරමි”. යනුවෙන් සඳහන් කර තිබුණා.
ඉන් අනතුරුව මන්ත්‍රීවරයා වවුනියාව විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහා පරිමාණ වන විනාශයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා. එසේම සහල් ආනයනය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා විසින් අදහස් දක්වා තිබුණා.එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
2026 මැයි 21 වන දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා විසින් බ්‍රිගේඩියර් බල්රාජ් නැමති පුද්ගලයකු සම්බන්ධයෙන් සිහිපත් කරමින් අනුස්මරණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ දමිළ මාධ්‍ය විසින්ද වාර්තා කර තිබුණා. එම වාර්තා මගින් දක්වා තිබුණේ, “ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මහතා හිටපු එල්.ටී.ටී.ඊ. හමුදාපති බ්‍රිගේඩියර් බල්රාජ් හට උපහාර දැක්වූ අතර, වන්නි ප්‍රදේශයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන වන විනාශය සහ දේශීය වී ගොවීන්ට බලපාන රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ද ගැටළු මත කර ඇත” යනුවෙනි.
රවිකරන් මහතා බ්‍රිගේඩියර් බල්රාජ්ගේ 18 වන සැමරුම පිළිබඳ සිහි කරමින්, “ඊලාම් විමුක්ති අරගලයේ යුධ පිටියේ වීරයා වූ බ්‍රිගේඩියර් බල්රාජ් අපෙන් සමුගෙන වසර දහඅටක් ගතවී තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හි උපන් සහ ජාත්‍යන්තර හමුදා විශේෂඥයින් පවා අගය කළ බ්‍රිගේඩියර් බල්රාජ්ට මගේ ගෞරවය පළ කරමි.” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අදාළ පුවත් වාර්තාවේ දක්වා තිබෙනවා.
පුවත් වාර්තාව තුළ අදාළ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස හඳුන්වා නොමැති අතර ඔහු ITAK පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දක්වා තිබෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

අප විසින් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළ අතර, එහිදී ද තහවුරු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා පවත්නා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු නොවන බවත්, ඔහු ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බවත් ය.

වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන ITAK මන්ත්‍රී තුරයිරාසා රවිකරන්, රජයට පක්ෂව පාර්ලිමේන්තුවේ පෙර අවස්ථාවල දී හෝ අදහස් දක්වා ද නැහැ!
2025 අප්‍රේල් මාසයේදී, ඔහු NPP ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය 2430 (2025 මාර්තු 28) හෙළා දකිමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළේ එම ගැසට් නිවේදනය මඟින් උතුරු පළාත පුරා දමිළ ඉඩම් අක්කර 5,941 ක් රාජ්‍ය සන්තක කිරීමට ඉලක්ක කර බව දක්වමින්. අවසානයේ ආණ්ඩුව අවසානයේ ගැසට් නිවේදනය අහෝසි කළේය. එසේම 2026 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධ පාර්ලිමේන්තු ඉන්ධන බෙදා හැරීමේ ව්‍යවස්ථාවකට රවිකරන් විරෝධය දැක්වූ අතර, දමිළ ජනතාවගේ අතුරුදහන් වීම් සඳහා වගකිව යුතු හමුදාව හරහා සේවා ලැබීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින්, ඒ බව පාර්ලිමේන්තු ලේකම් ජනරාල්ට ලිපියකින් ද දැනුම් දුන්නේය.
මෙම ක්‍රියාවන් මඟින් තහවුරු වන්නේ, මන්ත්‍රී රවිකරන් නිරන්තරයෙන් වත්මන් NPP ආණ්ඩුවට විරෝධී ස්ථාවරයේ සිටින අතර, පාලක පක්ෂයේ කිසිදු ප්‍රතිපත්තියකට හෝ පියවරකට සහාය දැක්වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
ජාතික ජන බලවේගය
පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශය ආණ්ඩුව විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීම හේතුවෙන් අප විසින් මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේග මාධ්‍ය අංශයෙන් විමසීමක් කලා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ එනම් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු නොවන බවයි. ඔහු ඉලංගෙයි තමයි අරසු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන බව NPP මාධ්‍ය අංශය විසින් තවදුරටත් තහවුරු කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුරයිරාසා රවිකරන් මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු සම්බන්ධයෙන් සිහිපත් කරමින් අදහස් දක්වා තිබූ වීඩියෝව යොදාගනිමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට උපහාර දක්වා ඇති බව දැක්වීම නොමග යවන සුළු බවයි. අදාළ ප්‍රකාශය සිදු කර ඇති මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු නොවන අතර ඔහු ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වේ.


