කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බව පවසන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී. මේ හේතුවෙන් කොළඹ නගරයට පැමිණෙන රියදුරන් දැඩි නොමඟ යෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මේ පිළිබඳ නිර්වද්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පළ වී ඇති වීඩියෝවල සහ පෝස්ටුවල සඳහන් වන්නේ “කොළඹ නගරය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බැවින්, කිසිදු ස්ථානයක පාර්කින් සඳහා මුදල් නොගෙවන ලෙස” යි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය වාර්තා සහ කොළඹ මහා නගර සභාව විසින් මෑතකදී මෙලෙසින් කොළඹ මහා නගර සභාව වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් දැක ගැනීමට නොලැබුණි.

ඉහත දෙරණ මාධ්‍ය විසින් පළ කර තිබූ එම වීඩියෝවේ ඔස්සේ කළ පරීක්ෂාවේදී එය පසුගිය මාර්තු 18 වන දා පළ කර ඇති වීඩියෝවක් බවට දැක ගන්නට ලැබුණා.

Facebook

ඒ අනුව මෙය මේ දිනවල පළ කළ වීඩියෝවක් නොව 2026 මාර්තු 18 වන දින පටිගත කරන ලද පැරණි වීඩියෝවක් බවට තහවුරු වන අතර අතර එම වකවානුවේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පැවතීම හේතුවෙන් ඇති වූ දැඩි රථවාහන තදබදය ලිහිල් කිරීම සඳහා කොළඹ මහා නගර සභාව විසින් වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධ වීඩියෝවක් නැවත හුවමාරුකර ගැනීමක් බව පැහැදිලි වේ.

මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් එවකට කැබිනය් තීරණ දැනුම්දීමේදී පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

රජය විසින් QR කේත ක්‍රමය සහ වාහන අංක ක්‍රම හඳුන්වා දීමෙන් පසු පෝලිම් නැති වී තදබදය අඩු වූ බැවින්, එම තාවකාලික සහනය 2026 මාර්තු 23 දින උදෑසන 6.00 සිට අවලංගු කෙරුණි. එදින සිට නගර සභා මුදල් කාරක සභාවේ අනුමැතිය ඇතිව සාමාන්‍ය පරිදි ගාස්තු අය කිරීම් නැවත ආරම්භ කළ බවට එවකය පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කොළඹ මහා නගර සභාව

අප මේ පිළිබඳව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්ගෙන් විමසීමක් කළ අතර ඇය අවධාරණය කළේ, වර්තමානයේදීද කොළඹ නගරය තුළ කිසිදු ර‍ථ වාහන ගාල් කිරීමේදී ගාස්තුවක් අත්හිටුවා නොමැති අතර සියලුම රියදුරන් නියමිත පරිදි ගාස්තු ගෙවිය යුතු බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ පැරණි වීඩියෝවක් බව ත්, මෙවැනි වීඩියෝ පළ කිරීම තුළින් ජනතාව නොමග යන බැවින් මෙවැනි දේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙද ඇය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වීඩියෝව නොමග යන සුළු වේ. එවැනි තීරණයක් මේ දිනවල කොළඹ මහ නගර සභාව විසින් ගෙන නොමැති බව කොළඹ නගරාධිපතිනිය ව්‍රායි කැලි බල්තසාර් තහවුරු කරයි. මෙම වීඩියෝව මීට මාස කිහිපයකට පෙර පැවති තාවකාලික තත්ත්වයක් පෙන්වන පැරණි වීඩියෝවක් නැවත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමක් වේ. කොළඹ නගරය තුළ වාහන නැවැත්වීමේදී සුපුරුදු පරිදි ගාස්තු අය කෙරේ. එම නිසා මෙවැනි නොමඟ යවන සුලු ව්‍යාජ පුවත් හුවමාරු කිරීමෙන් සහ ඒවා විශ්වාස කිරීමෙන් වළකින්න.

Result Stamp

Title: කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *