
මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන් මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී.
“පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් පන්දාහක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර මෙවැනි සත්ත්වයකු ලොව නොමැති බවට ප්‍රතිචාර කිහිපයකම සඳහන් වීම නිසා මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

මෙම සටහන ම වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක ද ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහනේ අන්තර්ගතව තිබූ ඡායාරූපය google reverse image සෙවීමකට භාජනය කළෙමු. මෙම ඡායාරූපයේ සිටින සත්ත්වයා සහිත සමාජ මාධ්‍ය ජාලා සටහන් රාශියක් අන්තර්ජාලයේ දක්නට ලැබුණි. එසේම මෙම සත්වයා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Alien vs. Predator චිත්‍රපටියේ අන්තර්ගතව තිබු facehugger නමැති ජීවියෙකු බව යෝජනා වී තිබු නිසා අප facehugger පිලිබඳව ගූගල් සෙවීමක් කළෙමු. මෙම සත්වයා ලෙස නිර්මානය කර තිබු ඡායාරූප රැසක් දක්නට ලැබුණි

එම චිත්‍රපටියේ මෙම සත්වයා අඩංගු දර්ශන රාමුවක් YouTube ජාලයේ දක්නට ලැබුණි.
එසේම මෙම Alien: Facehugger නමැති සත්ත්වයාගේ අනුරූ විශාල ප්‍රමාණයක් විකිණීමට තිබු බවද අපට මෙසේ දක්ගනන්ට හැකිවුනා.

තවදුරටත් කරුණු තහවුරු රැක ගැනීම පිණිස අප ප්‍රවීණ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී පඟර නැට්ටා නමැති සත්වයකු ඇත්ත වශයෙන්ම සිටී දැයි විමසුවෙමු. පඟරනැට්ටා නැමැති සත්වයෙකු නොමැති බවත්, කිසිම වැදගත් කමක් නොමැති පුද්ගලයකු හඳුන්වාදීම පිණිස සිංහල භාෂාවේ ව්‍යවහාර වන වචනයක් බවත් සඳහන් කළ ඔහු, මින් වසර දෙකකට පෙර ද කඳින් වෙන් කළ මුගටියකු ගේ හිස සහ වලිගය කොටස එකිනෙකට යා කර ලබා ගත් සේයාරුවක් පඟරනැට්ටකුගේ සේයාරුවක් ලෙස හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ලෙස ව්‍යාජ සටහන් පෙළක් සංසරනය වු බව සඳහන් කළේය. එසේ හුවමාරු වූ සටහන් අලලා පලව තිබු පුවත් වාර්තාවක් පහතින්

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පඟරනැට්ටා නමින් සත්ත්වයකු නොමැති බවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වන සටහනේ අන්තර්ගත කර ඇති සේයාරුවේ දැක්වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Alien vs. Predator චිත්‍රපටියේ සිටි සත්තවයෙකු යොදා ගනිමින් නිර්මාණය කර තිබු facehugger නමින් හැඳින්වෙන සත්තවයකු බවත්ය. 2017 වසරේදීද ලංකාවේ සමාජ මාධ්‍ය ජාලවල මෙම සත්ත්වයා යයි පවසමින් සාවද්‍ය ප්‍රකාශ පෙළක් හුවමාරු විය.
එබැවින් “පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් ඉදිරිපත්ව ඇති සියළුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.
