FACT CHECK: අවුරුදු 23 ක මවකට දරුවන් 11 ක්?

මාතෘත්වය යනු ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ ගෞරවයට ලක්වන සංකල්පයකි. මවක් වීම යනු ජීවිතයට අලුතින් එක්වන වගකීම් සමූහයකි. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම මාතෘත්වය වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ජාන තාක්ෂණයේ දියුණුවත් සමග මාතෘත්වය සංකල්පීය වශයෙන් වෙනත් අංශ වෙත ද යොමු වී තිබෙනවා. සමාජ ජාල වල ද මේ සම්බන්ධයෙන් නොමග යවන සුලු සටහන් පළවනවා. මේ […]

Continue Reading

FACT CHECK: මිනිස් සහ සත්ත්ව ජාන දෙමුහුන් කර උපදවා ඇති සත්ත්වයෙක්ද?

නිර්මාණශීල්පීන් විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ඡායාරූපයට නැගීමේදී ඒවා වෙනත් මාධ්‍ය හරහා සංසරණය වීමෙන් බොහෝ පිරිසක් නොමග යනු ලබන්නේ එහි තාත්වික බව තීව්‍ර බැවින්. සත්‍ය කරුණු පදනම් කරගනිමින් හෝ උපකල්පනය කරමින් නිර්මාණය කෙරෙන එවන් නිර්මාණය පදනම් කරගනිමින් නොමග ගොස් ඇති ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් සටහනක මිනිස් […]

Continue Reading

FACT CHECK: 1936 දී චිකාගෝ හිදී ධාවනය වූ ලෝකයේ ප්‍රථම සහ එකම රසදිය එංජිමක් සහිත දුම්රිය ද?

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග 19 වැනි සියවසේ අග භාගයත් ,20 වැනි සියවසේ මුල් භාගයත් ,ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදුවූ කාලයත් ලෙස හැඳින්විය හැකියි. ඒ කාලය හා සම්බන්ධ වූ ප්‍රවාහනය ආශ්‍රිත වෙනස්කම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. මේ, විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ සිදුවීමකට නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK : චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?

විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම […]

Continue Reading

FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” […]

Continue Reading

FACT CHECK: තලෛබානුවන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරා දැමූ අවස්ථාවක් ද?

තලෛබානුවන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමග ජාත්‍යන්තරයේ අවධානය එරටට පසුගිය සති කිහිපයේම යොමු වූ අතර පසුගියදා අමෙරිකානු අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වුණා. මේ අතර තලෛබාන් සටන් කාමීන් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් පුද්ගලයෙකු උඩු ගුවනේදී එල්ලා මරණ දර්ශනයක් බවට සඳහන් කරමින් මෙරටේ මෙන්ම ජාත්‍යන්නතරයේද සමාජ මාධ්‍ය තුළත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළත් සංසරණය වුණා. […]

Continue Reading

FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

Update 18/02/23 : “මලේසියාවේ පහන්ගේ ප්‍රදේශයේ ඉපදී ඇති රකුසු පැටවකුගේ ස්වරූපය ඇති අත්භූත දරු ප්‍රසූතිය”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා. Facebook | Archived Link මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2017 වසරේ සි‍ට අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන තිබුණා. එමෙන්ම මෙය […]

Continue Reading

FACT CHECK: රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධ කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ නිතර හුවමාරු වන ඡායාරූපයක් අපට නැවත වරක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා. එයින් දැක්වෙන්නේ LADA (ලාඩා) වර්ගයේ කුඩා මෝටර් රථයකට රුසියානු ජනාධිපතිවරයා පුරවා ගන්නා ආකාරයයි.  මෙම ඡායරුපයේ දැක්වෙන සිද්ධියේ සත්‍ය සිදුවීම කුමක් ද යන්න සොයා අප Factcrescendo […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝන් පුද්ගලයෙක් ගුවන් යානයක එල්ලී යන අවස්ථාවක් ද?

දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යානයකින් රටෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ සිදුවීම පදනම් කර ගනිමින් බොහෝ […]

Continue Reading

FACT CHECK: තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරුවාද?

ඇෆ්ගනිස්තාන ජනපති රට හැර පලා යෑම සහ ඉන්පසු ඇමරිකානු හමුදාව ද ඇෆ්ගනිස්තානයෙන් ඉවත්මේ සංවේදී දර්ශනත් හමුවේ  පසුගිය දා තලෙයිබාන් සටන්කාමීන් විසින් කාබුල් නගරය අත්පත් කරගැනීමට සමත්වුණා. මෙවන් පසුබිමක තලෙයිබාන් නායකයින් සිය පාලන බලය ස්ථාපිත කිරීමට සැරසෙන ආකාරය පිළිබඳව ද නොයෙකුත් වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.  මෙවන් පසුබිමක, තලෙයිබාන් සටන්කාමීන් සිය ජයග්‍රහණය සමරමින් තාප්ප සිතුවම් […]

Continue Reading

FACT CHECK : මියන්මාරයේ හමුදා පාලකයින් විසින් අවුන්සාන් සුකී සිර කූඩුවක රඳවාගෙන සිටින අයුරු?

2020 වසරේ අග පැවති වසරේ පැවති මැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් ආණ්ඩු බලයක් පිහිටුවීමට තරම් නියෝජිතයන් ප්‍රමාණයක් දිනාගැනීමට අවුන්සාන් සුකී ප්‍රමුඛ NLD පක්ෂයට හැකියාවක් ලැබුණද, එම මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරමින් මියන්මාර හමුදාව විසින් මේ වසරේ පෙබරවාරි 01 වැනිදා එරට පාලන බලය ලබාගත්තා. එසේ මියන්මාර හමුදාව විසින් එරට පාලනය අත්පත් කරගත්තේ මියෙන්මාරයේ […]

Continue Reading

FACT CHECK : 2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යෙ‍ාමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ […]

Continue Reading

FACT CHECK : ලොව ජීවත්වන විශාලතම ඉබ්බා ඇමසන් ගංගාවෙන් හමුවූවාද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම කරුණු පිළිබඳ නිරන්තරයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සඳහා බොහෝ පාඨක ප්‍රතිචාර හිමිවෙන අවස්ථා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් ඇමසන් නදියෙන් සොයා ගැණුනු ලොව විශාලතම ඉබ්බෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මෙහි නිරවද්‍ය සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ලොව […]

Continue Reading

FACT CHECK: කුවේට්හි අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන වල කොටස් උණු වී තිබූ ඡායාරුප පෙළක් ද?

මැදපෙරදිග කලාපයේ රටවල් සාමාන්‍යයෙන් උෂ්ණාධික රටවල් ලෙස සැලකෙනවා. ඒ අතරින් කුවේට් රාජ්‍ය උපනිවර්තන කාන්තාර දේශගුණයක් පවතින අතර සාමාන්‍යයෙන් වසර පුරා හිරු එළිය හොඳින් වැටෙන රටක් ලෙස ද, සැළකේ. මේ අතර කුවේටයේ රස්නය අධික කාලයක බව හඟවමින් ඡායාරූප කිහිපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් හුවමාරු වී තිබෙනු අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්. […]

Continue Reading

FACT CHECK : තායිලන්තයෙන් වාර්තා වෙන ස්ත්‍රියකගේ හැඩයෙන් යුත් ලියතඹරා මලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලියතඹරා මල පිළිබඳව බොහෝ විට අප අසා ඇත්තේ මෙරට සාහිත්‍ය සහ සංස්කෘතික කෘති වලදීය. ලියතඹරා මල ස්ත්‍රී ස්වරූපයක් ඇති මනඃකල්පිත මල් විශේෂයක් බවට සැලකෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට පළවෙමින් මතුවන තායිලන්තයේ පිපෙන ලියතඹරා මල් යැයි සඳහන් කළ ඡායාරූපවල සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළා. […]

Continue Reading

FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇඳුම් ඉවත් කරමින් විරෝධතාවක් දැක්වුයේ කුමකට ද?

ලොව පුරා රාජ්‍යයන්හි පාර්ලිමේන්තු සැසිවල උණුසුම් තත්ත්වයන් වාර්තා වීම සුලබව දක්නට ලැබෙනවා. මෙරටද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විටෙන් විට උණුසුම් වන අතර විරෝධතාව දැක්වීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනු ද දැක ගන්නට ලැබෙනවා. මේ අතර මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ සිදු වූ තරමක් වෙනස් අන්දමේ විරෝධතාවයේ පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Lanka Facebook නම් […]

Continue Reading

FACT CHECK: දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවාගේ ඡායාරුපයක් ද?

අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවා පිලිබඳව ඡායාරුපයක් සහිත  සටහන් බොහොමයක් අපට සමාජ ජලා තුළ පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ […]

Continue Reading

FACT CHECK අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයා කුඩ අලුත්වැඩියාව ජීවිකාව කරගනිමින් ජීවත් වුනාද?

දේශපාලකයන්ගේ බලය හේතුවෙන් විවිධ වරප්‍රසාද ලබාගන්නා ඔවුන්ගේ හිතවතුන් සහ නෑදෑ පිරිස් සම්බන්ධයෙන් මෙරට මහ ජනතාව බහුතරයකගේ ඇත්තේ අප්‍රසාදයක්. සමාජ මාධ්‍යයෙන්ද මේ සම්බන්ධයෙන් ‍නිරන්තරයෙන් විවේචනයන් එල්ල වනවා ‍අපට දැකගන්නට පුළුවන්. නමුත් මේ ආකාරයට තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකරන පුද්ගලයින් පිළිබඳව ද සටහන් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා.  මේ අතර මේ වන විට ජීවිතක්ෂයට පත් වී […]

Continue Reading

FACT CHECK: බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම් පැමිණවුවා ද?

තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]

Continue Reading