අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත […]

Continue Reading

W.D.ආරියසිංහ මහතා දැඩි ලෙස රෝගාතුරව අසරණව සිටින බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ලංකාවේ කලාකරුවන් පිලිබඳව පලවන පුවත් කෙරෙහි බොහොමයක් අය විමසිල්ලෙන් පසුවන අතර ඇතැම් අවස්ථාවලදී අසරණ වූ කලාකරුවන් සම්බන්ධව පලවන පුවත් වෙනුවෙන් බොහෝ දෙනෙක් අදහස් පළකරනු දැකගන්න පුලුවන්. පසුගිය කාලය පුරාවටම බොහොමයක් කලාකරුවන් රෝගාතුරව සිටින පුවත් සහ ඡායාරුප සටහන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා පලවුනු විට බොහෝ දෙනෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබුනු අයුරුද අපට දැකගනන්ට ලැබුණා. […]

Continue Reading

බෞද්ධ කොඩියට සමාන සාරිවලින් තරුණියන් ගමන් ගත් පුවත විවාහ උත්සවයකට සම්බන්ධ සිද්ධියක් නොවේ!

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව සඳහන් වේ.  බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් පස්දෙනෙකු සහිත ඡායාරූපයක “බෞද්ධ කොඩියෙන් වෙඩින් හෙලු වසාගැනීම.  වෙන රටක මෙහෙම උනානම් දුකක් නෑ.” වදන රෝපණය කර “ඔබ මේ පිලිබද කුමක් සිතන්නේද”තේමාවෙන් සකුරා නැමැති […]

Continue Reading

පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට ක්‍රමයක් වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Update: 4/23/26 මීට වසර කිහිපයකට පෙර පිලිකා සෛල හඳුනාගෙන ඒවාට පහරදිය හැකි, අනාගතයේ දී ඖෂධ බවට පත්විය හැකි සංයෝග (Drug Candidate) නිපදවමින් සිටින බවත් ඒවා දීර්ඝ ඖෂධ නිෂ්පාදන ගමන් මගෙහි ඊට අදාළ පර්යෙෂණවලට ලක් වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් අප සිදු මීට පෙර සිදු කළ කරුණු විමර්ශනයට අදාළව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහාචාර්යවරයා […]

Continue Reading

වසරකට පෙර ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පළවූ නොමඟ යවන සුළු සටහනක්!

මුස්ලිම් මව්ලවිවරයෙකු විසින් පැවසු සටහනක් යයි දක්වමින් පළවූ සටහනක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුනා. “ජනාධිපතිට අගමැතිට ඕන විදියට සෙල්ලම් බෑ..ඉස්ලාමීය නීතිය ඊට ඉහළයි.. ලගදීම පාඩමක් උගන්වනවා..” යනුවෙන් ඉස්ලාමීය මව්ලවිවරු පවසා සිටි බවට පළවූ එවැනි එක් සටහනක් පහතින්. Link Archived Link මෙම සටහන් සඳහා වෛරී ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණු අතර […]

Continue Reading

හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?

කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම  ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය. […]

Continue Reading

යාපනයේ සිදුවීමක් නොවේ, ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවීමකි!

කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කුඩා දරුවන් දෙදෙනෙකු වේදනාවෙන් අඬාවැටෙමින් සිටි ඡායාරුප සටහනකි. Link Archived Link මෙවැනි පුද පුජා වලට හිංසාකාරී අයුරින් […]

Continue Reading

එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය මත්තලින් අපනයන කලේ ඇමරිකාවට නොවේ ඕමානයටයි!

ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වනුයේ මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. විවිධ හේතුන් මත අකර්මණ්‍යව තිබූ මෙම ගුවන්තොටුපළ නව රජය බලයට පත්වීමත් සමගම යළිත් ගුවන් ගමන් සහ සේවා සඳහා විවෘත විය “ප්‍රථම දේශීය එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය අද මත්තලින් ඇමරිකාවට. සාර්ථක ඇරඹුමක් ජයවේවා” වදන රෝපනය කර  ජනාධිපතිතුමාගේ  සහ අගමැතිතුමන්ගේ සේයාරූ, ඇසුරූ ගුවන් භාන්ඩ […]

Continue Reading

Cinnamon Grand හෝටලයෙන් මිලදී ගත් සමෝසාවේ තිබී ඇත්තේ චුවිංගම් බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

තම පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් සැපයීම, ආහාර සපයන සෑම ආයතනයකම වගකීම වේ.“තරු පහේ හෝටලයකින් ‘චුවින්ගම්‘ සමෝසා..!තරු පහේ හෝටලයකින් ‘චුවින්ගම්‘ සමෝසා..!”සිරස්තලයෙන් Lankaenewsනමැති ෆේස්බුක් පිටුවක්, කෙටි වීඩියෝ පටයක් සහිතව ඉදිරිපත් කර තිබු ප්‍රවෘත්ති සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගෙන, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු බව අපට මෙසේ දැකගන්නට ලැබුණා. FB Link Archived Video Link […]

Continue Reading

තායිලන්තයේ අවන්හලක් , ලංකාවේ ස්ථානයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්!

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම […]

Continue Reading

වත්මන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් MCC ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ කිසිඳු නීතියක් උල්ලංඝණය නොවන බවට සහතිකයක් ලබා දුන්නාද?

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ආන්දෝලනයක් ඇති විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පෙරද වැඩි වශයෙන් කතාබහට ලක්වූ MCC සම්බන්ධයෙන් කරුණු නැවත වරක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වනු නිරීක්ෂණය වේ. “MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ – නීතිපති ගෙන් […]

Continue Reading

වසර තුනකට පෙර වන අලි ප්‍රහාරයකින් දැරියක මිය ගිය සිද්ධියක් මෑතකදී සිදුවූ බව දක්වමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්

අලි මිනිස් ගැ‍ටුම හේතුවෙන් මේ වන විට බොහෝ මිනිස් ජීවිත මෙන්ම වන අලි බොහොමයක් මරනයට පත්ව ඇත.දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගර්‍ටුම වර්ධනය වී තිබෙන මොහොතක තවත් එක් ශෝකජනක පුවතක් පිලිබඳව ෆේස්බුක් පි‍ටු බොහොමයක් කරුනු දක්වා තිබුනා.ඒ කුඩා දැරිවියක් පසුගිය දිනෙක අලියෙකුගේ පහරකැමට ලක්ව මිය ගිය බව කියමින්. මෙසේ […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසාන වීමත් සමඟම එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් මැතිවරණ වලදී මෙන්ම නොමග යවන සුළු ආකාරයෙන් සංඛ්‍යාත්මක සටහන් පල වී තිබෙනු අපට නිරීක්ෂණය විය.   එවැනි එක් සටහනක Bimal Fernando නැමැත්තෙකු විසින් ප්‍රධාන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් ආසන්න වශයෙන් නිවැරදිව පෙන්වා තිබුනද ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ලෙස ලක්ෂ 47 ක පිරිසක් ලෙසද පොදුජන පෙරමුණ, […]

Continue Reading

Fact Check : ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

පාර්ලිමේන්තු මහ  මැතිවරණය  නිමාවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය, අපේක්ෂකයන් සහ පක්ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා ද විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. මේ අතර දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරන ඡායාරූපයක “දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.”  තේමාවෙන් Bhagya Hettiarachchi නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර […]

Continue Reading

කෞෂි පෙරේරා මහණ වූ බව හැඟවෙන නොමඟ යවන සුළු සටහන් පෙළක්

ජනප්‍රිය නළු නිලියන් මෙන්ම කළා ක්ෂේත්‍රයේ නමක් දරා සිටින පිරිස් අලලා විවිධාකාරයෙන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝදුරට හුවමාරු වන්නේ වැඩිපුර පාඨක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්. “යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,එවිට තමන් අදහන දර්මයට ආනුකූලව මේ මනුස්ස ජීවිතය අනියතයි බව තේරුම් ගන්නා සියල්ලෝම සියලු දේ අතහැර […]

Continue Reading

මනාප ඡන්ද පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණයේ පහසු ජයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගන්නා පෙරනිමිති, නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිටම පෙනී යාමත් සමඟම පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අපේක්ෂකයින් සහ පරාජය ලැබූ අපේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවුන් අලලා සටහන් රැසක් හුවමරු වනු දක්ගනන්ට ලැබුණි.  පසුගිය කාලය තුල විශාල වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වූ […]

Continue Reading

පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මෑතක දී විදේශිකයෙකු විසින් ලබාගෙන තිබු බව පවසමින්, ඉතා අපිරිසිඳු තත්වයේ පැවති ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. සමාජ මාධ්‍ය සටහන් “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් 2020 අගෝස්තු මස මෙම […]

Continue Reading

නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!

ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් […]

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!

ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින […]

Continue Reading