FACT CHECK : කොරෝනා ආසදිතව මියයන මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දුන්නා ද?

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය නොකර ආදාහනය කිරීමට ගත් තීරණය, මෙරට කොරෝනා රෝගය මුලින්ම පැතිර යන අවස්ථාවේද විශාල කතා බහකට ලක්විය. කෙසේ නමුත් මෙරට සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත කොරෝනා රෝගය වැලඳීමෙන් සිදුවන මරණ සියල්ලක්ම ආදාහනය කිරීමට එම අවධියේදී තීරණය කෙරුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආදාහනයට මෙන්ම භුමිදානය සඳහා […]

Continue Reading

FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය සටහන්: රෝගී තත්වයක් සුව වීමට ආශිර්වාද ඉල්ලා […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බළය ගන්න පිරිත් පැන් වත් කල අවස්ථාවක් ද?

කොරෝනා ව්‍යසනය මෙරටින් තුරන් වීමට සෙත් පතා පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යනාදී අමාත්‍යවරුන් විසින් පසුගියදා පිරිත් පැන් කල ගංගා වලට මුදා හළ කල සිද්ධියක්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශේෂයෙන්ම උපහාසාත්මක කෝණවලින් හුවමාරු වෙනු දැකගනන්ට ලැබුණි. වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ උපදෙස් මත එම කටයුත්ත සිදුවූ බවද ඇතැම් සටහන් වල දක්වා තිබුනා. මේ අතර රටට […]

Continue Reading

FACT CHECK : තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි. කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් […]

Continue Reading

FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]

Continue Reading

FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]

Continue Reading

FACT CHECK : ලංකාවේ තරුණයෙකු HIV ඒඩ්ස් ආසාදනය සුව කිරීමට එන්නතක් සොයා ගත්තා ද?

කලින් කලට HIV ඒඩ්ස් රෝගය වෙනුවෙන් බෙහෙත් සොයා ගත් බවට පුවත් සමාජ ජාලා වල හුවමාරු වන බව අපට දැකගනන්ට පුළුවන්. විවිධ මට්ටමෙන් පර්යේෂණ රැසක් වසර ගණනාවක් පුරා සිදුවුණද දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින්ට ද ඒඩ්ස් රෝගය මැඩලීමට සාර්ථක එන්නතක් මේ වනතෙක් සොයා ගණනට හැකිවී නැහැ.ඇමරිකානු ජනපති පසුගිය ජුනි මාසයේ ඒඩ්ස් එන්නතක් පිලිබඳ සිදුකළ සාවද්‍ය […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

ඔක්තෝබර් මස පළමුවැනිදා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවැති රාජ්‍ය උත්සවයකට ආණ්ඩුකාරවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද රැසක් සහභාගි විය. මෙහිදි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරධිතයන් සමග සුහදව සංවාදයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය කථාවේදි රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳව සඳහන් කරනු ද නිරීක්ෂනය විය.  […]

Continue Reading

FACT CHECK : වසර 7ක් පැරණි ඡායාරුපයක් වැරදි අර්ථකතනයක් සහිතව හුවමරු වූ අවස්ථාවක්!

ලෝව වෙනත් රටවල හුවමරු වන සටහන් ද සිංහල බසින් විවිධ අර්ථකතනයන් යටතේ හුවාමාරු වන අවස්ථා අපට දැකගන්නට පුළුවන්. මේ අතර නොයකුත් අවස්ථා වල වැරදි අර්ථකතනයන් යටතේ හුවමාරු වන සටහන් ද අපට දැකගනන්ට පුළුවන්. එසේ හුවමාරු වූ සටහනක දක්වා තිබුනේ පවුලේ අය කිසිවෙකු සොයා බැලීමට පැමිණ නැති අවස්ථාවක, තමා කාලයක් තිස්සේ කෑම දුන් පරෙවියා වයස්ගත පුද්ගයලෙකු […]

Continue Reading

FACT CHECK: තමුන්ට වාසියක් ලැබුණු නිසා නතාෂා පෙරේරා බෞද්ධකම අතහැරිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවිධ තොරතුරු අළලා සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් ඉදිරිපත් වේ. මෙලෙස ඉදිරිපත් වන සමහර සටහන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අප මින් පෙර සිදු කරන ලද මෙවැනි විමර්ශනයන කිහිපයකදී ද පෙන්වා දී තිබුණා.  උපතින්ම බෞද්ධයකුවු විශාරද ගායිකා නීතීඥ නතාෂා පෙරේරා කිතුණුවකු වුයේ පෞද්ගලික වාසි තකා බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වු සටහන් පිළබඳව සිදුකළ […]

Continue Reading

FACT CHECK : පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයද?

විවිධාකරයේ හේතු හමුවේ ලංකාවේ තරුණ පරපුර දිවියේ මතුවන ප්‍රශ්ණ වලට මුහුණ දිම වෙනුවට සිය දිවි හානිකර ගන්නා අවස්ථා විටින් විට වාර්තා වේ. පසුගිය දිනවල කටුගස්තොට පොල්ගොල්ල ජලාශයෙන් මළ සිරුරු කිහිපයක් හමුවීම පිළිබඳව පළවු සටහනක දින 6ක් තුළ පිරිමි මල සිරිරු 6ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වී තිබු අතර මෙම සටහන අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ එය […]

Continue Reading

FACT CHECK : ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ මගී සේවා  සඳහා දැනට වසා දමා ඇත. ගම්පහ ආශ්‍රිත කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමට පෙර, නැවත ගුවන්තොටුපළ විවෘත කෙරෙන දිනයක් පිලිබඳව මෙරටට පැමිණීමට බලාපොරොත්තුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ සිසුන්ද ඇතුළු පිරිස් විමසිලිමත් විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත නොකරන බව […]

Continue Reading

FACT CHECK : ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව තිබුනා.පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ගවයන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමට ගොවිපල වෙත යන අතරේ උසස් කුලයේ යයි සැලකෙන පවුල් වල […]

Continue Reading

Fact Check: චෛත්‍යක අනුරුවක් කපා උත්සවයක් සැමරූ අවස්ථාවක් ද?

ලාංකිකයන් තුළ පවතින ආගමික සහජීවනය බිඳ දැමීමට විවිධ පාර්ශවයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති පතුරවමින්, තැත් කළ අවස්ථා පසුගිය දිනවල දක්නට ලැබුණි. මින් පෙර බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙම අවස්ථාවද නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපට අනාවරණය වුණා “චෛත්‍යක් කේක් එකට.. මේ උත්සව සැමරීම කතෝලික ඔබ පිළිගන්නවාද” සහ “චෛත්‍ය කපා එදත් අදත් උත්සව සැමරීම” […]

Continue Reading

Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම රස වැඩි කිරීමට ආකලන සහ රසකාරක භාවිතය පිලිබඳ නිදසුන්  ඈත අතීතයේ පවා ලොව විවිධ ශිෂ්ඨාචාරවලින් දැකගනන්ට පුළුවන්. පසුකාලීනව මෙලෙස එකතු කරන ඇතැම් ආකලන සහ රසකාරක හේතුවෙන් නොයෙකුත් අතුරු අබාධ තත්වයන් ඇතිවිය හැකි බව හඳුනා ගැනීමත් සමඟම ඒ පිළිබඳව ලොව බොහෝ රටවල් සැලකිලිමත් වෙමින් එලෙස පිළියෙල වන ආහාරවල ඇසුරුම්හි, නීති […]

Continue Reading

Fact Check : ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් ගස් කපා දමා සිදුකල විනාශයක් යනුවෙන් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මහා පරිමාණයේ ගස් කැපීම් වැනි පරිසර විනාශයන් පසුගිය මාස කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගිය බව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා තුළින් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක “ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා දමා ඇති අයුරු මේ..වැවේ තැනින් තැන හාරා දාල විතරයි..මොනාද බං මේ රටට වෙන්නේ මුන් […]

Continue Reading

ලංකාවේ ගව ඝාතන තහනම මෙතෙක් ක්‍රියාත්මක වී නැත

මස් පිණිස ගවයින් ඝාතනය කිරීම ගැන රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින අවධියක ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට වාර්තා පළ විය. ඒ හා සමඟම ගව ඝාතනය ලංකාවේ තහනම් කල බවට සටහන් රැසක්ද පසුගිය කාලයේ මෙසේ හුවමාරු වී තිබුණි S O U L නැමැති ෆේස්බුක් […]

Continue Reading

මොහොමඩ් නවාස් මහතාට අභියාචනාධිකරනයේ සභාපති ධූරය මෑතකදී ලබා දුන් බවට හැඟවෙන ව්‍යාජ පුවතක්!

ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා.පක්ශ විපක්ශ බොහෝ දෙනෙක් මෙම සිදුවීම පිලිබඳව අදහස් දක්වා තිබුනු අතර ඇතැම් අවස්ථාවල අධිකරණ තීන්දු තීරන පවා විවේචනයට ලක්වන අයුරු අපට දකින්න ලැබුනා.  පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් […]

Continue Reading

අටලුගම මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වූ 2018 වසරේ ඡායාරුපයක්!

අටලුගම යනු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ගම්මානයකි. පසුගිය දිනක බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයක පිරිසක් පහර දුන් සිද්ධියක් ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වාර්තා කර තිබුණි.  එසේ පහරදුන් පිරිස සොයා මෙහෙයුම් සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත් බවටද මෙසේ […]

Continue Reading

මාධ්‍යවේදී තිසංක ගමගේ මියගිය බවට සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

විවිධ අවස්ථාවල ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් හදිසියේ මිය ගිය පුවත් අපට නිතර අසන්නට ලැබේ. සමාජ ජාලා අතර හුවමාරු වන මෙම පුවත් සමහරක් ඒවා සත්‍ය වන අතර අසත්‍ය ලෙස හුවමාරු වන පුවත්ද අපට විටින් විට දකින්නට  හැකියි. සමහර අවස්ථාවලදී මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සඳහා රංගනයේ යෙදෙන අවස්ථාවන්ද යොදාගන්නා අතර එසේ පේෂල මනෝජ් මියගිය බවට මීට මාස […]

Continue Reading