“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading

මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද? 

කටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් […]

Continue Reading

පොළව යටින් මතුවූ මැන්ගුස් ගෙඩියේ වීඩියෝවේ ඇත්ත කතාව!

ලංකාවේ මේ දිනවල දක්නට ලැබෙන, ජනප්‍රිය පළතුරක් වන මැන්ගුස් පිළිබඳව වැරැදි මතයක් පතුරුවා හරිමින්, සමාජ ජාලා තුළ වේගයෙන් ව්‍යාප්ත වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  අප කවුරුත් දන්නා ආකාරයට මැන්ගුස් පලදාව නෙලා ගන්නේ මැන්ගුස් ගස් අතුවල ඇති ගෙඩි කඩා ගැනීමෙන්. නමුත් කුඩා පදුරු ආකාරයට මැන්ගුස් ශාකය […]

Continue Reading

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයක් ?

ශ්‍රී ලංකාවේ ඇතිව ඇති අර්බුදකාරී වාතාවරණය නිසා මුලික අවශ්‍යතාවන් ද සපයා ගැනීමට අපහසු ඉතාම අසීරු තත්ත්වයකට රටවැසියන් මුහුණ දී සිටිනවා. වේගයෙන් ඉහල යන උද්ධමනය නිසා ජිවන වියදම ඉතා ඉහළ අගයකට පත්ව තිබෙනවා. මේ සියලු ප්‍රශ්න හේතුවෙන් සොරකම් ආදිය ඉහළ යා හැකි බවට සමාජ කතිකාවතක් ඇති ව පවතින කාලයකයි අප ජිවත් වන්නේ. එවන් පසුබිමක් තුළ ශ්‍රී […]

Continue Reading

පූසෙකුගේ සීරීමකට පුත්තලම රෝහලට ඇතුළත් කළ දරුවෙක් බෙහෙත් නැති නිසා ජීවතක්ෂයට පත් වුණා ද?

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල හිඟය, දෛනික ජන ජීවිතය අඩාල කිරීමට මේ වන විටත් සමත් වී හමාරයි. මේ අතර රෝහල් වල ඖෂධ නොමැති බවටත්, ඒ ඔස්සේ රෝගීන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන මෙවැනි අනුවේදනීය සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යද වාර්තා නිතරම වාර්තා කරනු […]

Continue Reading

පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට?

Update : 06/28/22ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වී ඇති බවට අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මීගමුව පොලිස් ස්ථානයෙන් විමසා මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ද? (PHOTOS)

ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්‌. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි. එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු, උතුරු ඇමරිකාවේ දී දැක ගන්නට ලැබූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ […]

Continue Reading

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඉලක්ක කරගත් ව්‍යාජ සංස්කරණයක්!

දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් යා යුතු යැයි යානා දී වශයෙන්, 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශය පෙළක්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පුවත්පතකට ප්‍රකාශ කළ බව හඟවමින් නැවත වරක් හුවමාරු වන ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ආගමිකයන් ආරක්ෂා කරන්න බැරි දෙවියන්වහන්සේ ස්වර්ගයෙන් යා යුතුයි, බැතිමතුන් 250 මරාදමන […]

Continue Reading

ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකින් ඉන්ධන ලබා ගත් වෛද්‍යවරයාගේ ඡායාරූපයක් ද?

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සමාජ මාධ්‍ය ඔස්සේ හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන බවුසරයකින් කාන්තාවක් ඉන්ධන ලබා ගන්නා සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් හා දුරකතන අංකයක් යොමු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඩොක්ට පාස් එකක් ගහං […]

Continue Reading

ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ නාගානන්දගේ චෝදනා !!

ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය නිසා ගෑස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පවා ඉතා අපහසු සහ සංකිර්ණ තත්වයකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ලංකාවේ ගෑස් සැපයුමෙන් අඩකටත් වඩා සපයන ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිලදී ගැනීම සදහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වංචාවක් සිදුව ඇති බව සමාජ ක්‍රියාධරයෙක් වන නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ෆේස්බුක්හි පළකර වීඩියෝවකින් පසුගියදා බරපතල චෝදනාවක් […]

Continue Reading

අ.පො.ස. උසස් පෙළ විභාගය, 2023 පෙබරවාරි දක්වා කල් ගියාද ?

Update : 07/05/22 2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අද(05) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා. Facebook ලංකාව මුහුණපා තිබෙන ඉන්ධන අර්බුදය, අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩිව බලපෑමක් එල්ලකර තිබෙනවා. සිසු සිසුවියන් […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්ධන පිරවුම්හල් සේවකයන් […]

Continue Reading

ගෑස් නොමැති වීම හේතුවෙන් ආදාහනාගාර වැඩ කටයුතු නැවතිලා ද?

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා.  මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

තලකොටුව ගාර්ඩ්න්ස් පෙට්‍රල් පෝලිමේ දී සිදුවූ මරණයක් ද?

ලංකාව දැනට මුහුණදෙමින් පවතින උග්‍ර ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන පිරවුම් අසළ ඉතා විශාල වාහන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර දවස් ගණන් වැය කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරයත් ඒ අතර ඇතැමුන් මරණයට පත් වූ ආකාරයත් අපට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම වාර්තා වනවා.  මෙවැනි […]

Continue Reading

දරුවන්ට පෝෂණය සැපයීමට අපහසුතාවයෙන් පසුවන දෙමව්පියන්ට උපකාර කිරීම සඳහා ඇමතුම් අංකයක්?

මෙරට පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ, එදා වේල පිරිමසා ගැනීමට ඇතැම් දෙමව්පියන්ට මහත් දුෂ්කරතාවයට මුහුණ පෑමට සිදුව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී එලෙස දුෂ්කරතාවන්ට මුහුණ පෑ ඇතැම් දෙමව්පියන්, සිය දිවි නසා ගැනීම් මෙන්ම දරුවන් හදා වඩා ගැනීමට වෙනත් පිරිස් වෙත පැවරීම වැනි කටයුතු පිලිබඳ කතිකාවතක් ද අපට සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහාද දැක ගන්නට ලැබුණා. […]

Continue Reading

සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update : 25/06/22 මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර […]

Continue Reading

මේ දිනවල දුම්රිය මගීන් අපහසුවෙන් ගමන් ගන්නා ආකාරය පෙන්වන දසුනක්ද? (PHOTO)

මේ දිනවල පවතින ඉන්ධන හිගය , ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බොහෝ අංශවල දරුණු කඩාවැටීමක් දක්නට හැකියි. ඒ අතර ගමනාගමන අංශයද ප්‍රධානයි . නිසිලෙස ගමන්වාර සිදු නොවීම නිසා බස් මෙන්ම දුම්රිය මගීන්ද පත්ව සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.මේ සම්බන්දයෙන් සමාජ ජාලා වල සංවාද ද නිතර ඇති වෙනවා. පැරණි ඡායාරුපයක් ලංකාවේ මේ දිනවල දක්නට ලැබුණු දර්ශනයක් ලෙස දක්වමින් හුවමාරු […]

Continue Reading

කාලා බලන්න ඕන කෑමක් ද? (Photo) 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සටහන්, ඡායාරූප, වීඩියෝ යනාදිය නොයෙක් අවස්ථාවල දී විනෝදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති අයුරු අපට බහුලව දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් සටහන් එලෙසින් විනෝදාත්මක ලෙස භාරගත නොහැකි අවස්ථා වන්නේ, අදාළ සටහන් පිළිබඳ කරුණු සෑම සමාජ මාධ්‍ය පරිශීලකයෙකුම දන්නා බවක් උපකල්පනය කළ නොහැකි බැවින් සහ එවැනි සටහන් ඔස්සේ අයපත් ප්‍රතිඵල ද අත්විය […]

Continue Reading