දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය කිරීම බහුලව දක්නට ලැබෙන නැඹුරුවක්. ඇතැම් අවස්ථාවන්විදී මෙවැනි අසත්‍ය තොරතුරු පැතිර වීමේ සිදු කරනු ලබන්නේ, වෙනත් පක්ෂයක, වෙනත් පක්ෂ නායකයන් කෙරෙහි ජනතාව විසින් වෛරයක් ඇති කරමින්. ඒ ආකාරයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෝටි 4 ක කජු කා ඇති බවත්, කෝටි 14ක මාළු කා ඇති බවත් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා.


Facebook | Archived Link

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වාර්ෂික වියදම් ලෙස සඳහන් කරමින් මෙම සටහන් බහුලව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වූයේ මෙලෙසින්.

මෙහි සත්‍ය අසත්‍ය තාව සොයා බලන ලෙසට අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරික්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, මෙලෙසින් කෝටි 4ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘කජු’ කෑ බව ට වාර්තාවක් හෙළි වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්නයි. නමුත් අප ට මේ පිළිබඳ සඳහන් ව ඇති කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

ඒ අනුව, මේ ආකාරයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුභව කළ ආහාර සම්බන්ධයෙන් විගණනයක් කර ඇති බවට හෝ වාර්තාවක් වත්මන් රජය විසින් හෙළි කර ඇත්ද යන්න පරීක්ෂා කළත්, ඊට සහය දක්වන අයුරින් කිසිදු අමාත්‍යාංශයක හෝ ලියවිල්ලක් ඇති බව ට හෝ අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට නොලැබුණි.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, අප මෙවැනි විගණනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කළේ ද, යන්න පිළිබඳ අප විමසා සිටි අතර, ඔවුන් සඳහන් කළේ, එලෙසින් හිටපු ජනපති ආහාර අනුභවය කළේ මොනවාද යන්න පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බවත්, කිසිදු වාර්තාවක් හෝ පළ නොකළ බවයි.

කෝටි 4ක පමණ කජු කෑමේ චෝදනාවක් 2022 වසරේ දී වරාය අධිකාරියට එල්ල වී තිබුණා

නමුත් කෝටි 4ක පමණ කජු කෑමේ චෝදනාවක් වරාය අධිකාරියට එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් 2022 වසරේ දී ජූනි 23වන දා පැවති කෝප් කමිටු රැස්වීමේදී සාකච්ඡා කර තිබුණා. එම රැස්වීමේ සම්බන්ධයෙන් කෙරුණු කතා බහ ‘සියත’ මාධ්‍ය ආයතනය විසින් වාර්තා කර තිබුණු අයුරු පහතින්.

Facebook

ඒ අනුව පැහැදිලි වන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෝටි 4ක ප්‍රමාණයක් කජු ආහාරයට ගත් බවට කිසිදු නිල වාර්තාවක් නොමැති අතර ඒ බව හඟවමින් හුවමාරු වන්නේ 2021 වර්ෂයේ දී වරාය සේවකයින්ගේ ආහාර වේලට කජු ලබා දීම සඳහා රුපියල් මිලියන 47ක මුදලක් වැය කර ඇති බවට එල්ල වූ චෝදනාවක් බව පැහැදිලියි

2022 වසරේ කෝප් කමිටු සාකච්ඡාවට මුල් වූ කරුණු

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව, හිටපු වරාය නාවික හා ගුවන් සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට වාර්තා වී තිබු අහර මේ ගැන ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link| Archived Link

කෙසේවෙතත් මේ ගැන කෝප් කමිටුව හමුවේ කරුණු දක්වන ලද වරාය නිලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවේ 2021 වර්ෂයේ දී වරාය සේවකයින්ගේ ආහාර වේලට කජු ලබා දීම සඳහා රුපියල් මිලියන 47ක මුදලක් වැය කර ඇති බවයි.

කෝප් කමිටුවට කරුණු දක්වන ලද වරාය නිලධාරින්, කජු සඳහා වැය කල සත්‍ය මිල ගනන් වැරදියට ඉදිරිපත් කිරීම නිසා සිදුවූ අපහසුතාවය පිළිබඳ සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු‍ව් කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මැතිතුමා වෙතට ලිපියක් යොමු කර තිබුණා.

එහි වැඩි දුරටත් සඳහන් කර තිබුණේ,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සේවකයින් 9990 ක් අතරින් ආහාර ලබා ගන්නා සේවකයින්ගේ දිවා හා රාත්‍රී ආහාර සඳහා රුපියල් මිළියන 788 ක මුදලක් 2021 වර්ෂයේදී වැය කර ඇති බවත්, 2021 වර්ෂයේදී අහාර එක් කෑම වේලක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 332 ක පමණ මුදලක් වැය කර ඇති බවත්, 2021 වර්ෂයේ සමස්ත ආහාර වේල් වලින් 15% ක් කජු එක් කර ඇති බවත් වෘත්තීය සම්තිය සඳහන් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළවූ ලිපියක් මෙතනින්.

වරාය මුළුතැන්ගෙය ඇතැම් නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ ආදායම් මාර්ගයක් වී ඇති වංචා දූෂණ පිරි හොර ගුහාවක් බවට පත්ව ඇති බවත්, වරාය මිලදී ගන්නා බොහෝ මිලදී ගැනීම් වල දී වංචා දූෂණ සිදු වෙන බවත්, එම වංචා දූෂණ පිළිබඳව සොයා බලන ලෙසත් සඳහන් කරමින් වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සංධානය, 2022 වසරේ දී මේ පිළිබඳ කළ මාධ්‍ය සාකච්ඡාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න‍.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෝටි 4ක ප්‍රමාණයක් කජු ආහාරයට ගත් බවට හඟවමින් පළ වන සටහන් නොමඟ යනවා සුළු බවයි.

2021 වර්ෂයේ දී වරාය සේවකයින්ගේ ආහාර වේලට කජු ලබා දීම සඳහා රුපියල් මිලියන 47ක මුදලක් වැය කර ඇති බවට එල්ල වූ චෝදනාව ගැන, 2020 කෝප් කමිටු සාකච්ඡාවක දී ලබාගත් වීඩියෝවක කොටසක්, රනිල් වික්‍රමසිංහ සිදු කළ පාරිභෝජනයක් බවට ව්‍යාජ ලෙස අර්ථ නිරුපනයක් සිදුකරමින්, මෙම නොමඟ යවන සුළු සටන් නිර්මාණය වී තිබුණා.

ජනාධිපති මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, එලෙසින් හිටපු ජනපති ආහාර අනුභවය කළේ මොනවාද යන්න පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බව ත්, කිසිදු වාර්තාවක් හෝ පළ නොකළ බවයි.

Claim Review :   රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ කෝටි 4ක කජු කෑවාද?
Claimed By :  Social media user
Fact Check :  FALSE