FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]

Continue Reading

FACT CHECK: සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමු දුන්න ද?

නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : Sri Lankan Cricket Fans නම් ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක […]

Continue Reading

FACT CHECK: චමින්ද වාස් මහතා රෝහිතගේ මාමණ්ඩියගේ දීමනා පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැනුම්?

පසුගිය සතියේ මෙරට ජාතික ක්‍රිකට්  කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වී තිබුනා. මෙම පුවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පත්ව තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහක් ඇතිවී තිබුණා […]

Continue Reading

FACT CHECK: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව පොර ක්‍රීඩක කබීබ් නුර්ගමදෝ හුවමාරු කරගත් ක්‍රීඩා ජර්සියක් ද?

ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය නොකර ආදාහනය කිරීම ගැන මුස්ලම් ප්‍රජාව විශාල හඬක් නඟන අතර පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සංවිධානය කළ විරෝධතා දැක ගන්නට ද ලැබුණි. මෙම විරෝධතා සඳහා පක්ෂව සහ විපක්ෂව ද බොහෝ අදහස් ඉදිරිපත් වී තිබුණි. මේ තේමාවෙන් ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝක ශූර මල්ලව […]

Continue Reading

FACT CHECK: මෑතදී අතිවු සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප […]

Continue Reading

FACT CHECK : මෙහි පිළිකාවකට ගොදුරු වී පීඩා විඳින කාන්තාව සඳුනි තෙහන්සා නම් ලාංකික යුවතියක් ද?

විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ කලින් කලට සටහන් ඉදිරිපත්වේ. මෙසේ ඉදිරිපත්වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයන්ගෙන්  තහවුරු වී තිබුණේ බොහොමයක් නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි පිළිකාවට ගොදුරු වීමට පෙර සහ පසු ඡායාරූප සංසන්දනය කරමින්, සඳුනි තෙහන්සා නමැති රූමත් තරුණියක් පිළිකා රොගයෙන් පීඩා විඳින බව පෙන්වීමට යොදාගෙන තිබුනේ […]

Continue Reading

FACT CHECK: තමුන්ට වාසියක් ලැබුණු නිසා නතාෂා පෙරේරා බෞද්ධකම අතහැරිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවිධ තොරතුරු අළලා සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් ඉදිරිපත් වේ. මෙලෙස ඉදිරිපත් වන සමහර සටහන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අප මින් පෙර සිදු කරන ලද මෙවැනි විමර්ශනයන කිහිපයකදී ද පෙන්වා දී තිබුණා.  උපතින්ම බෞද්ධයකුවු විශාරද ගායිකා නීතීඥ නතාෂා පෙරේරා කිතුණුවකු වුයේ පෞද්ගලික වාසි තකා බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වු සටහන් පිළබඳව සිදුකළ […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව […]

Continue Reading

2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!

ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පි‍ටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පුලුවන් හැමෝම ඉක්මන් සුව පතා යන්න” ලෙස දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු අතර […]

Continue Reading

ප්‍රසිද්ධ කලාකරු ජයලත් මනෝරත්න මෙලොවින් සමුගත්තේද?

කලාසූරි කලාකීර්ති ආචාර්ය ජයලත් මනෝරත්න ඉහළම හිණි පෙත්තට පැමිණි, කුසලතා පිරි, ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රූපවාහිනී හා සිනමා ක්ෂේත්‍ර වලට ද අමිල සේවාවක් ඉටුකළ ප්‍රතිභාපූර්ණකලා ශිල්පියෙකු වන මනෝරත්නයන් රංගනය සඳහා සම්මාන රාශියක් හිමිකරගෙන සිටී. වෘත්තියෙන් කථිකාචාර්යවරයකු වන ඔහු 2018 වසරේ රූගත කිරීමක නිරතව සිටියදී හදිසියේම රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීය. මෙම සිදුවීමෙන් පසු මනෝරත්නයන් […]

Continue Reading

Fact Check : සංගක්කාරගේ සහය ගෝඨාබයට ද?

මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් නිර්මාණය වී තිබෙනු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සඳහන් කරමින් මීට […]

Continue Reading

තරුණ පෙම්වතිය සියදිවි හානි කරගත්තා යැයි පළවෙන ඡායාරූප සැබවින්ම ඇගේ ඡායාරූප ද?

පසුගියදා තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ පුද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරය වී තිබෙනු දක්නට ලැබුණා. මෙම යුවළ මෙලෙසින් හැසිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගේ අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දක්නට ලැබුණා.  මෙලෙස පළවූ සටහන් මගින් දක්වා තිබුණේ මෙම වීඩියෝවේ පෙනී සිටින දැරිය මින් පසුව සමාජයට කෙසේ මුහුණ දෙන්නේ ද යනුවෙනි මෙම පසුබිම මත ඊයේ (13) […]

Continue Reading