
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට පසුගිය ඔක්තෝම්බර් 29දා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සමගම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඒ පිලිබඳව විවිධාකාරයේ අදහස් හුවමාරු වෙමින් පවතී.
මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවත්, එමඟින් රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙන බවත් ඇමරිකා එක්සත් ජනපදයට ලංකාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් හිමිවන බවටත් විවිධ පාර්ශව චෝදනා කරයි.
සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන එක් සටහනක සඳහන් වුයේ , ගිවිසුම යටතේ ආර්ථික කොරිඩෝවක් සදහා රජයේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ දොළහක් ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට ලබා දීමට යෝජිත බවත්, මේ සඳහා ආධාර අත්තිකාරමක් ලෙස ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට නියමිත අතර, ඒ අනුව අක්කරයකට ලැබෙන අත්තිකාරම රුපියල් 29137.37 කි. පර්චසයකට ලැබෙන අත්තිකාරම රුපියල් 180.10 බවත්ය. එම සටහන පහතින්.
Facebook Link | Archived Link | Facebook Link | Archived Link |

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන එබඳුම තව සටහනක සඳහන් වුයේ , “ගිවිසුම් ගත වූ සැණින් න්‍යෂ්ටික බලයෙන් යුත් ලෝකයේ විශාලතම හමුදා අනුඛණ්ඩය සහිත ඇමරිකානු 7 වන ඉන්දු – පැසිෆික් කොමාන්ඞ්’ වශයෙන් හැඳින්වෙන NATO හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රීය නෞකාව පිරිවරා ත්‍රිකුණාමල වරාය සහ චීනවරාය ගුවන්තොටුපළ චීනයට එරෙහි ආර්ථික හෝ යුධමය අවහිරකම් සහිත අක්කර 70000ක ත්‍රිකුණාමලය වරායේ ඇමරිකානු NATO හමුදා කඳවුරු ක්‍රියාත්මක කෙරේ” යනුවෙනි.
Facebook Link | Archived Link |

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන තවත් එක් සටහනක සදහන් වුයේ , “ISIS බියෙන් ත්‍රිකුණාමලය වරාය ඇමරිකාවට බිලි වේ. මිලෙනියම් චැලේන්ජ් ගිවිසුමේ අක්කර 70000ක ආරක්ෂිත කලාපය – (NATO) කඳවුරක් ද?” යනුවෙනි.
Facebook Link | Archived Link |

මෙලෙසින් විශාල ලෙස මෙම ගිවිසුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු හුවමාරු වෙමින් පවතින බැවින්, අප මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) යනු එක්සත් ජනපද කොංග්‍රසය විසින් 2004දී පිහිටුවන ලද ද්විපාර්ශ්වික විදේශ ආධාර ඒජන්සියකි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නගාසිටුවීම හා ප්‍රමාණවත් නොවන කෘෂිකර්මාන්ත, සේවා අංශ සහ කාර්මික ආයෝජකයින් සඳහා ඉඩම් අවශ්‍යතා සපුරාලීම යන ප්‍රධාන කරුණු ආවරණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස මෙම මුදල ශ්‍රී ලංකාවට හිමිවන බව MCC නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
MCC Sri Lanka Compact |

මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව පැහැදිලිවන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට පසුගිය 29 වනදා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. එහි තවදුරටත් කරුණු දක්වා තිබුනේ “මෙම ප්‍රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප්‍රදාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇත. Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතී.” යනාදී වශයෙනි. එම සම්පුර්ණ ප්‍රකාශය පහතින්.
Ministry of Finance Press Release | Article on MCC |
තවද ගිවිසුමේ පිටපත මාධ්‍ය වෙත නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේ “මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගතවේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව පවතියි. දැනට මේ සඳහා නීතිපතිගේ එකඟතාවය ලැබී ඇති බැවින් මෙම ගිවිසුමට අත්සන් තබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැත. පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකිය” යනුවෙනි.

ඒ අනුව පැහැදිලිවන්නේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන බවත්, ගිවිසුම බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන බවත්ය.
Ministry of Finance Article | Archived Link |
ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයද පවසන්නේ ගිවිසුම අත්සන් කල පසු ශ්‍රී ලංකා රජය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බවයි.
20191101-U.S.-Embassy-Statement-on-MCC-Agreement-Sinhalaඇමරිකන් එක්සත් ජනපදයට ඉඩම් වෙන්කිරීමක් හෝ ආර්ථික කොරිඩෝවක් ලෙස ඉඩම් ලබාදීමක් සිදුනොවන බව ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය දක්වා ඇති ප්‍රකාශ වලින් පෙනී යනවා.
“මෙම ව්‍යාපෘතිය මගින් ඉඩම් වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි රජයේ ඉඩම් හඳුනාගැනීම සහ රජය විසින් බදු පදනම යටගත් ලබාදී ඇති ඉඩම් වලින් ආදායම් ලබාගැනීමට උපකාරී වනු ඇත. එසේම ඔප්පු වාර්තා ඩිජිටල් කිරීම මගින් ඉඩම්වල සුරක්ෂිතභාවය සහ කුඩා වතු හිමියන්, කාන්තාවන් සහ සමාගම් සඳහා ඉඩම් ගනුදෙනු කිරීමේ හැකියාව වැඩිදියුණු කරන අතර එමඟින් ඔප්පු ක්‍රමගේ සිට හිමිකම් ලියාපදිංචි කිරීමේ පද්ධතියට වන හානි, සොරකම් හා අලාභ හා දේපලවලට ගොදුරු වීමේ අවදානම අඩුවේ.”යනුවෙන් දක්වා ඇති එම සම්පුර්ණ වාර්තාව පහතින්.
7මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු දැක්වීමක් වශයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක කරුණු දැක්වීමක් පසුගියදා සිදුකලා.
Minister Patali Press Conference (Video) |
මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද MCC ගිවිසුමේ කෙටුම්පතේ පිටපතක් පහතින්.
MCC ගිවිසුමේ කෙටුම්පතේ ඉඩම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළව ඇති කොටසේ සාරාංශය දැක්වෙන්නේ මෙලෙසින්.

MCC ව්‍යාපෘතිය යටතේ ඇමරිකාවට ශ්‍රී ලංකාවේ කිසිඳු ඉඩමක් මිලදී ගැනීමක්, විකිණීමක් හෝ පරිපාලනයට හෝ සින්නක්කර ලබා ගැනීමේ සූදානමක් නැති බව ඇමරිකන් එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කර තිබුනේ මෙලෙසිනි.
US Ambassador Remarks | Archived Link |

MCC ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු යුධ කදවුරක් පිහිටුවීමක් සිදු නොවන බවත් , ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් ලෙස ඉඩම් ලබාදීමක් සිදුනොවන බවත්, MCC යනු ණයක් හෝ යුධමය ගිවිසුමක් නොවන බවත් ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් අද දෙරණ වෙත පසුගිය ජුලි මස කරුණු දක්වා තිබුණේ මෙලෙසිනි.
Ada Derana Article | Archived Article |

MCC ආයතනයට ACSA හෝ SOFA වැනි හමුදාමය ගිවිසුම් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙම හමුදාමය ගිවිසුම් නැවත අලුත් කිරීමට පෙර MCC ප්‍රධානය (ආධාර මුදල) හා සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් බවත්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ජෙනර් එන්ඩ්ල්මන් මහත්මිය, ව්‍යාපෘතිය හමුදාමය ගිවිසුම් සමඟ සම්බන්ධ වී තිබේද යන පැනයට පිළිතුරු දෙමින් පවසා සිටියා
Dinamina Link | Archived Link |

MCC – ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් වන විවිධ අදහස් වල සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමේ අරමුණින් “MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත” යන මැයෙන් වූ මහජන සංවාදයක් සැප්තැම්බර් 19 පවත්වන ලදී. (MCC) හි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ජෙනර් එන්ඩ්ල්මන් මහත්මිය සමග MCC ව්‍යාපෘතිය පිළිබඳ සිදුකරන ලද සාකච්ඡාවක කොටසක් පහතින්.
මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ මහාමාර්ග සැලසුම් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සමන් විදානපතිනගේ මහතා , හිටපු නියෝජ්‍ය මිනින්දෝරු ජෙනරාල් සරත් ජයතිලක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුනසිංහ යන පිරිස් සහභාගී වූ මෙම සාකච්ඡාවේ සම්පුර්ණ වීඩියෝව මෙතැනින්. Full Event Video
Takeaways – Jenner Edelman on ‘Unpacking Sri Lanka’s MCC Compact’ | Archived Link |
මෙවැනි තවත් සාකච්ඡාව ඇය පවසා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කුමන පාර්ශවයක් ජයග්‍රහණය කළ ද නව ජනාධිපතිවරයා ඇතුලු රජය සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
Update : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ ගිවිසුම අත්සන් කිරීමට පිළිබඳ සියලු කටයුතු ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වීමකින් අනතුරුව සිදුවන බවයි. තවද මෙහි අවසන් තීරණයකට එළඹීමට මත්තෙන් මහා සංඝයා වහන්සේලා සමඟ ද ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කෙරෙන බව එතුමා අවධාරණය කර තිබුණා.

Lankabusiness Online | Archived Link |
අවසාන නිගමනය
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ව්‍යාපෘතිය යටතේ ඇමරිකාවට ශ්‍රී ලංකාවේ කිසිඳු ඉඩමක්, පරිපාලනයට හෝ සින්නක්කර ලබා ගැනීමේ සූදානමක් නොමැති බවත්, MCC යනු යුධමය ගිවිසුමක් නොවන බවත්, ආර්ථික කොරිඩෝවක් සදහා රජයේ ඉඩම් ලබා දීමක් නොවන බවත් ගිවිසුම අත්සන් කල පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පමණක් ක්‍රියාවට නැගෙන බවත්ය.

Title:මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිලිබඳ පළවූ විවිධ ප්‍රකාශ
Fact Check By: Sahan PereraResult: False

වග කිවයුතු පාර්ශවයන් මෙම ගිවිසුම ගැන විද්වත් මහජනතාවට විවුර්ත කලානම් නේද නිවැරැදි . අපි පුද්ගලික ඉඩමක් ගන්න කොට පත් ඉරු බලා ඔප්පු කියවා නේද ගන්නෙ. කවුරුහරි ඔය ඔක්කොම හරි කිව්ව පමනින් අපි ගත යුතුද?
100 % එකගයි,ඔබ සමග.
One should ask the Native Americans about the glorious past of the US govt on honouring agreements…