
පසුගිය දින කිහිපය තුල එළවලු වර්ග කිහිපයක මිල ගණන් ඉහල ගොස් තිබු අතර , ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු / සටහන් හුවමාරු විය. එවන් පසුබිමක් තුල ඖෂධයක් වූ පැරසිටමෝල් විශේෂයක් වන පැනඩෝල් මිල ඉහල ගොස්, පෙති 12 කාඩ් එක රු . 30 දක්වා මිල ඉහල ගොස් ඇති බවට සටහන් හුවමාරු වෙමින් පැවති බව අපට නිරීක්ෂණය විය.
පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ඖෂධ වර්ග කිහිපයක මිල එම වකවානුව තුල අඩු කරමින් මහජනතාවට සහන ලබා දුන්නේ යයිද, සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වන සටහනෙහි කරුනු දක්වා තිබේ.
“2019-11-16 පෙති 12 කාඩ් එක රු. 16, 2020-01-16 පෙති 12 කාඩ් එක රු. 30, හොදට තිබුණු රටක්, බයි සක්කිලි, තොපි වට්ටපු තැනක්” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන එක් සටහනක කරුණු කොට තිබුණි.
එම සටහනෙහි තවදුරත් මෙසේ සඳහන් වේ “මේ රටේ මෙචිචර කල් බිහිවෙචිච හොදම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න.විවේචන මටත් තියෙනවා..ඒත් ඇමතිකමේ ඉදලා රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕනි ලොකු වැඩ ටිකක් කරා.. දොස්තරලා වැඩිපුරම බැන්නේ රාජිතට.ලන්කාවේ දොස්තරලා හොද කියනවා කියන්නේ ඌ මෙලෝම වැඩකට නැති ඇමතියෙක්..බනිනනව කියන්නේ දොස්තර මාපියාවට කෙලවෙන්න වැඩකරලා කියන එක….” යනාදී වශයෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන සටහනක් පහතින්.

“පැනඩෝල් කාඩ් එකේ වැඩිකල මුදල..නව ඇමතිනියටද, ලේඛම් ටද..?” යනුවෙන් ෆේස්බුක් හරහා හුවමාරුවන තවත් සටහනක් පහතින්.

“පැනඩෝල් කාඩ් එකටත් හොද මිලක් කියලා නිව්ස් එකක් එහෙම තාම දෙරණෙන් දාලා නැද්ද ප්‍රෙන්ස්? ඹෟලක් නෑ හැටනම ලක්ෂෙකටම ඔලුව රිදෙන්නෙත් නෑනේ 😌” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක්..

මේ පිළිබඳව කිසිදු ආකාරයේ පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා වී තිබෙනවා දක්නට නොලැබුණ බැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පුවත සම්බන්දයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළකර නොමැති අතර ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබුනේ ඖෂධ වර්ග 22ක මිල අඩු කිරීමේ සැලසුමක් පිළිබඳ පුවත් පෙළකි. මිල ඉහල දැමීමක් සම්බන්ධයෙන් කිසිදු පුවතක පල නොවිය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සෙවීමට අප ප්‍රදේශ කිහිපයක ෆාමසි කිහිපයකින් මිල ගණන් විමසීය. ඒ අනුව පැනඩෝල් මිල ඉහල ගොස් නොතිබූ අතර අලෙවිකළ මිල ගණන් වුයේ 18.84 බව දැනගන්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ පිළිබඳ නිල වශයෙන් කරුණු දැන ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධ වීමු. එහි නිලධාරිනක් සමඟ සාකච්ඡා කිරීමේදී අපට දැන ගැනීමට ලැබුණේ එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එසේ හිතුමතය පරිදි ඖෂධ මිල වෙනස් කළ නොහැකි බවත් ඒ සඳහා නිසි පාලනයක් ඇති අතර එය ගැසට් පත්‍රයක් මගින් නියාමනය වන බව සහ මෑත කාලයේ එහි මෙබඳු විශාල වෙනස්වීමක් වී නොමැති බවත්ය. ඇය සඳහන් කළ පරිදි එක පැනඩෝල් පෙත්තක මිල රුපියල් එකයි ශත තිහක් පමණ තිබු අතර ඩොලරයේ මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් එහෙමද සුළු වශයෙන් (5% පමණ) වැඩි වී තිබු අතර පසුගිය වසරේ පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක පාලන මිල 14% කින් පමණ වැඩිවී ඇත. එහෙත් රුපියල් තිහක් දක්වා පෙති 12ක කාඩ් පතක් වැඩිවීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ඇය පවසා සිටියා.
කරුණු තවදුරටත් තහවුරු කර ගැනීමේදී අපට දැන ගැනීමට ලැබුණේ 2019 වසරේ ජූනි මාසයේදී එවකට පැවති රජය විසින් ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය – National Medicines Regulatory Authority (NMRA) සමඟ එකඟතාවයකින් පසු ව ඖෂධ වර්ග 60ක පමණ උපරිම මිල 14.4% ඉහළ දැමීමට තීරණය කර එය ගැසට් කර ඇති බවයි.

පහත දැක්වෙන්නේ ඒ හා සබැඳි 2019 මැයි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයයි.
2123-35_Eගැසට් පත්‍රයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ පහත පරිදි පැනඩෝල් 500 mg පෙත්තක උපරිම මිල රුපියල් 1.57 ක් ලෙස නියාමනය කොට ඇත

මේ අනුව 1.30 x 1.05 (5% ඉහළ යෑම) x 1.144 (14.4% ඉහළ යෑම) = 1.57 වශයෙන් වර්තමානයේ පවතින පැනඩෝල පෙත්තක මිල රුපියල් 1.57 ලෙස පසුගිය වසරේ ජුනි මස සිට මේ දක්වා කිසිදු වෙනසක් සිදු වී නැති බව පැහැදිලිය
අප පැනඩෝල් ඖෂධය නිෂ්පාදනය කරන ජි. එස්. කේ. (GSK- GlaxoSmithKline) ආයතනයෙහි නිලධාරිනියක් සම්බන්ධ කරගත් අතර එහිදී දන්වා ඇය සිටියේද සමාජ මාධ්‍ය හරහා පලවන පුවත් අසත්‍ය බවත්, කිසිදු ආකාරයකින් මේ දක්වා මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමක් කර නොමැති බවත් , පෙති 12 කාඩ් එකක් රු . 18.84 ට අලෙවි වන බවත්ය.
රාජ්‍ය ඔසුසල මගින් පැනඩෝල් 500mg පෙති 12 කාඩ් පතක් අප ලබාගත් අතර එහි මිල ද සඳහන් වූයේද රුපියල් 18.84 ක් වශයෙනි.

Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “නොවැම්බර් 16, පෙති 12 කාඩ් එක රුපියල් 16 ට පැවති පැනඩෝල් මිල ජනවාරි 16 වන විට පෙති 12 කාඩ් එක රු . 30 දක්වා මිල ඉහලට” යන තේමාව යටතේ පැනඩෝල් කාඩ් පතක මිල ඉහළ ගොස් ඇති බව සඳහන් කරමින් පළ කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් පැනඩෝල් පෙති දොලහේ කාඩ් පතේ උපරිම සිල්ලර මිල තවදුරටත් රුපියල් 18.84 ලෙස පවතින බවත්ය

Title:Fact Check : පැනඩෝල් පෙති 12 කාඩ් පතේ පතේ මිල ඉහළ ගියේද ?
Fact Check By: Sahan PereraResult: False
