Covid-19 හෙවත් කොරොනා වෛරස් ආසාදනය දිවයින පුරා පැතීරීම වැලක්වීම පිණිස රජය අවදානම් කලාප ලෙස හඳුණාගත් ප්‍රදේශයන්ට නොකඩවා ඇඳිරි නීතිය පනවා, අනෙක් ප්‍රදේශයන්ට කඩින් කඩ ඇඳිරි පැනවීමට ක්‍රියා කළේය. අඩාලවු ජන ජීවිතය පවත්වා ගෙන යාමට රජය සහන රැසක් ලබා දෙන බව රජය පවසා සිටි අතර මෙම ක්‍රියාදාමය සමාලෝචනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් 7වෙනි දින ජාතිය ඇමතීය.

මෙවන් පසුබිමක ජනතාවට කොරෝනා සහන දෙන්න අතුරු අය වැයක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවෙ සහාය ලැබුණේ නෑ. ඒ නිසා ආය පාර්ලිමේන්තුවක් රැස් කරලා තේරුමක් නෑ තේමාව යටතේ අගමැතිතුමාගේ සේයාරුවක් සහිතව සටහනක් “ලෙල්ල හුටං” නැමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන්ට රාශියක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. බොහෝ ප්‍රතිචාර උපහාසාත්මක කෝණයකින් වූ බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

එම සටහනම ෆේස්බුක් පිටු සහ සමුහ රැසක හුවමාරු වී තිබෙනුද දැකගන්නට ලැබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම කරුණු සනාථ කරගැනීම පිණිස අප අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව සහ මහින්ද රාජපක්ෂ තොරතුරු කේන්ද්‍රයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. 2020 අප්‍රෙල් මස 07 දින එතුමා ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටි එම ෆේස්බුක් පිටුවල දක්නට ලැබුණි. එමෙන්ම එතුමා කළ පිටු හතරකින් සමන්විත විශේෂ ප්‍රකාශයේ මුද්‍රිත පිටපතක්ද මහින්ද රාජපක්ෂ තොරතුරු කේන්ද්‍රයේ නිල ෆේස්බුක් පිටුවෙහි ඉදිරිපත් කර තිබුණි. විනාඩි පහළොවක් වූ එම වීඩියෝ පටය නරඹා අනතුරුව එතුමාගේ විශේෂ ප්‍රකාශය ද අධ්‍යනය කළෙමු. පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව එතුමාගේ අදහස පහත දැක්වේ.

“අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නොවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවෙ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීම කුමන ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා

https://www.facebook.com/PresidentRajapaksa/videos/2255264934775684/?t=445

LinkArchived LinkFB Video

පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ඉල්ලා සිටියේ ඉකුත් පාලන සමයේ කොන්ත්‍රාත්කරුවන් වෙත පියවීමට තිබූ මුදල් සකසා ගැනීම සඳහා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය පෙබරවාරි මස පවසා තිබූ අතර විපක්ෂයේ සහයෝගය සඳහා නොලැබීම හේතුවෙන් එම පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා ඇස කරගැනීමට සිදුවූ බවද පවසා තිබුණා

LinkArchived

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාද පසුගිය පෙබෙරවාරි මස කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි.

https://youtu.be/e4Rly-RAt3E?t=5

එසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ සංවර්ධන වැඩපිළිවෙල් සඳහා මුදල් සම්මත කරගැනීම සඳහා කිසිදු විරුද්ධත්වයක් තිබුනේ නැති බවත් ඔවුන් විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියේ ණය සීමාව සම්බන්ධයෙන් බවත්ය

https://youtu.be/QrJQpNlpq2I?t=95

කෙසේවෙතත් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූයේ මෙම සිදුවීම් සියලෙන්ම පසුව මාර්තු මස 2 වැනි දින වන අතර ඒ වන විට මුලින්ම වාර්තා වූ චීන ජාතික කාන්තාවන් හැර කිසිදු ශ්‍රී ලාංකිකයකුට කොරෝනා රෝගය ආසාදනය වී තිබුනේ නැති බැවින් සහන ලබාදීම පිළිබඳව සාකච්ඡාවක් ද ඊට පෙර සිදුවී තිබුණේ නැත.

Parliament.lk

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අගමැතිතුමා පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ පුනරාවර්ථන වියදම්, කොන්ත්‍රාත්කරුවන් වෙත පියවීමට තිබූ මුදල් පියවීම අවශ්‍ය ප්‍රතිපාදන සකසා ගැනීම ඇතුළු කාරණා මුල්කරගෙන බවත් කොරොනා වෛසරය හේතුවෙන් පීඩාවූ ජනතාවට සහන ලබාදීමට නොවන බවත්ය.

එමෙන්ම ජාතිය අමතා, එතුමා කළ විශේෂ ප්‍රකාශයේදි අවධාරනය කළේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සඳහා ජනතාවට සහන ලබාදුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නොවන බවත්, රජයේ කටයුතු පවත්වාගෙන යාමට අතුරු අයවැයක් පසුගිය පෙබරවාරි මස සම්මත කරගන්න ගිය අවස්ථාවේදී එයට පාර්ලිමේන්තුවේ සහාය නොලැබුණු බව ප්‍රකාශ කර තිබුණි.

එමනිසා “ජනතාවට කොරොනා සහන දෙන්න අතුරු අය වැයක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවෙ සහාය ලැබුණේ නෑ. ඒ නිසා ආය පාර්ලිමේන්තුවක් රැස් කරලා තේරුමක් නෑ” තේමාව යටතේ ඉදිරිපත් වී ඇති සටහන් සියල්ලම නොමග යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කොරොනා සහන ලබාදීමට අතුරු සම්මත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුයේ නැත!

Fact Check By: Sahan Perera

Result: False