ඇමරිකාව විසින් ඉරානයට මෑතකදී එල්ල කළ ප්‍රහාරයක් ද ? 

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැයි මස අග සතියේදී ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම සහ ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළීම නිසා, ඇමරිකානු CENTCOM හමුදාව විසින් නැවතත් ඉරාන රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. මෙවැනි පසුබිමකදී ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස දක්වමින් පැරණි වීඩියෝවක් නොමග යවන සුළු ලෙස සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook 

මෙම වීඩියෝවේ ඇමරිකාව විසින් ඉරානයට ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook 

මෙම වීඩියෝව සැබෑ ලෙසම මෑතකදී ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

2026 ජූනි 01 වන දා වන විට ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් ඉරානයේ දකුණු වෙරළ තීරයේ පිහිටි රේඩාර් සහ ඩ්‍රෝන පාලන මධ්‍යස්ථාන ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඒ අනුව අප විසින් මූලික වශයෙන්, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඉහත වීඩියෝව එම ප්‍රහාරයන් සිදු වන අවස්ථාවන් දැක්වෙන වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන් තුළ අදාළ වීඩියෝව අන්තර්ගතව ඇත්ද යන්න පරීක්ෂා කළා. කෙසේ නමුත් මෑතකාලීනව ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරයන්ට අදාලව ඉහත වීඩියෝව, කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් පල කර තිබුණේ නැහැ.

ඩුබායි හි උම් රමූල් ප්‍රදේශයේ පිහිටි ගබඩා කාමර පෙළක හටගත් ගින්නකි

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අදාළ වීඩියෝව සැබෑ ලෙසම ඇමරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරන මෑතකාලීන වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළා. එහිදී අදාළ වීඩියෝව 2025 නොවැම්බර් 25 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ පල කර ඇති ආකාරය හඳුනා ගැනීමට ලැබුණා. එම වීඩියෝවේ සඳහන් කර තිබූ ආකාරයට එහි දැක්වෙන්නේ ඩුබායි හි උම් රමූල් ප්‍රදේශයේ පිහිටි ගබඩා කාමර පෙළක හටගත් ගින්නකි.

Instagram

මෙම වීඩියෝවම 2025 නොවැම්බර් 25 වන දින තවත් ෆේස්බුක් පිටුවක ද පළ කර තිබූ අතර, එහි සඳහන් වී තිබුණේ ද මෙම වීඩියෝව ඩුබායි හි උම් රමූල් ප්‍රදේශයේ ගබඩාවක සිදුවූ ගින්නක් දැක්වෙන වීඩියෝවක් බවයි.

Facebook

මේ පිළිබඳව පළ වූ වෙනත් වාර්තා මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්. එම සියලුම වාර්තාවන් තුළද දැක්වෙන්නේ අදාළ වීඩියෝව, ඩුබායි උම් රමූල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක හටගත් ගින්නක් බවයි

මේ අනුව, අන්තර්ජාලය පුරා සංසරණය වන මෙම වීඩියෝව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවූ පැරණි සිදුවීමක් බව පැහැදිලි වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇමරිකාව විසින්ම ඉරානය වෙත එල්ල කරන ලද ඉරානය වෙත එල්ල කරන ලද මෑතකාලීන ප්‍රහාරයක් ලෙස දක්වමින් හුවමාරු වන වීඩියෝව නොමග යවන සුළු එකක් බවයි. අදාළ වීඩියෝවෙන් දැක්වෙන්නේ මෑතකදී ඉරානයට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරයක් නොවේ. මෙය ඩුබායි හි උම් රමූල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක හටගත් ගින්නක් දැක්වෙන පැරණි වීඩියෝවකි.

Result Stamp

Title: ඇමරිකාව විසින් ඉරානයට මෑතකදී එල්ල කළ ප්‍රහාරයක් ද ?

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *