දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය 2025 වසර මුල් භාගයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපැවැත්වෙන ලෙස සිදුවූ විදුලි බිඳවැටීමත්, එයට හේතුව ලෙස වඳුරෙකු සම්බන්ධ කතිකාවතක් පුළුල් ලෙස දෙස් විදෙස් මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අතර, පසුව සිදුවූ විමර්ශනවල දී, පද්ධතියේ ධාරිතාව ඉහළ යාමේ සිදුවූ ගැටළු ගැන අනාවරණය වී තිබුණා.
මෙවන් පසුබිමක, 2026 මැයි මස 30 වන දින වෙසක් පොහොය දින, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇණහිටීමක් වාර්තා වීමත් සමඟ එම තත්වයට බලපෑ හේතු සම්බන්ධයෙන්, විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ අනුව අප විසින් සැබෑ ලෙසම එදින සිදුවූ විදුලි බල බිඳවැටීමට හේතුව කුමක් ද යන්න සොයා බලමින් සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක් හේතුවූ බව ද යන්න විමසමින් උපහාසාත්මක කෝණයෙන් ෆේස්බුක් සටහන් පළ වී තිබුණා.



මේ සම්බන්ධයෙන් වෙනත් තේමා යටතේ ද තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්



සැබෑ ලෙසම සිදුවී ඇති විදුලි බිඳ වැටීමට හේතුව කුමක්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
වෙසක් දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ මෙම විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ කෙසේද යන්න පරීක්ෂා කිරීමට අප මූලික වශයෙන් කටයුතු කළා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අදාල විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් වාර්තාකර තිබුණේ, සූර්ය බලශක්තිය මගින් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ යාම හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශ කිහිපයක විදුලි බලය අත්හිටුවීමට කටයුතු කර ඇති බවටයි. එම සම්පූර්ණ පුවත් වාර්තාව පහතින්.
සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධති යේ ස්ථායිතාවය රැක ගැනීමට විදුලිය විසන්ධි කර ඇත.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙම පුවත වාර්තා කර තිබුණේ, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රකාශයක්ද උපුටා දක්වමින් ය. මේ සම්බන්ධයෙන් අනුර කරුණාතිලක මහතා සඳහන් කර තිබුණේ, පසුගිය දිනවල තිබූ වැහිබර කාලගුණය හේතුවෙන් සෝලා වලින් ලැබෙන විදුලි ප්‍රමාණයේ තරමක් අඩුවෙන් අපේක්ෂා කළ බවත්, කෙසේ නමුත් වෙසක් දිනයේ සූර්යාලෝකය හොඳින් ලැබීම හේතුවෙන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් සෝලාවලින් විදුලිය පද්ධතියට එකතු වී ඇති බවයි.
මේ සමග බොහෝ ස්ථානවල ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යාම හේතුවෙන්, පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමට ගැටලුවක් ඇති වී තිබෙන බවත්, ඒ අනුව ඉල්ලුමට වඩා සැපයුම වැඩි ස්ථාන සීයකට ආසන්න ප්‍රමාණයක මෙලෙස විදුලිය කැපීමක් සිදු කර ඇති බවත් අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබුණා.
එලෙස විදුලිය කැපීමක් සිදු නොකළෝතින්, ඉදිරියේදී විශාල විදුලි බිඳ වැටීමක් ඇතිවිය හැකි බවද අමාත්‍යවරයා විසින් එහිදී සඳහන් කර තිබුණා. එසේම ගෘහස්ථ සෝලා පාරිභෝගිකයන්ට තම ගෘහස්ථ සෝලාව එදින හවස පහ වනතුරු වසා තබන ලෙසද අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබුණා. අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පහතින්.
ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම
එසේම වෙසක් පොහොය දිනයේ විදුලි බල සැපයුම සම්බන්ධයෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් නැතිනම් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විසින්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වූයේ, 2026.05.30 වෙසක් පොහොය සහ සතියන්ට දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථනය කළ සීමාවට වඩා පහළ ගිය බවත්, සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණය ඉතා ඉහළ අගයකට වැඩිවීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතිය ස්ථායිතාවය සහ අඛණ්ඩ සැපයීම රැක ගැනීමට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ බවයි. එදින උදෑසන 8 සිට පස්වරු 3 දක්වා සූර්‍ය පැනල ක්‍රියා විරහිත කරන ලෙසද එම නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබුණා. මාධ්‍ය විසින් වාර්තා කර තිබූ එම නිවේදනය පහතින්.

බලශක්ති අමාත්‍යංශය
අප විසින් මේ සම්බන්ධයෙන් තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු විසින් ද සඳහන් කළේ, වෙසක් දිනයේ සූර්ය පැනල වලින් වැඩි විදුලි ප්‍රමාණයක් පද්ධතියට එකතු වීමත්, මේ සමග බොහෝ ප්‍රදේශවල විදුලි ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යාම හේතුවෙන් පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා මෙලෙස විදුලි විසන්ධි කිරීමක් කිරීමට සිදු වූ බවයි. ඒ අනුව අදාළ සෝලා පැනල ක්‍රියා විරහිත කිරීමට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළා. ඉදිරියේදී එවැනි ගැටලුවක් ඇති වීම වැලැක්වීම සඳහා කටයුතු කරමින් පවතින බවත් ඔහු සඳහන් කළා.
වඳුරෙකු නිසා විදුලිය බිඳ වැටීමේ කතාව
2025 වසරේ පෙබරවාරි මස රට පුරා විදුලිය බිඳ වැටීමක් වූ අතර ඊට හේතුව වූයේ, පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කර තිබුණා. එවකට මෙම සිදුවීම බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක් වූ අතර මෙවර ද, හදිසියේ වූ බිඳ වැටීමට හේතුවූ ඇත්තේ, වඳුරෙකු ගැටීම බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණ වී තිබුණා.
එසේම මෙවර වෙසක් පොහොය දිනය කල් දැමීම සම්බන්ධයෙන්ද අදාළ සමාජ මාධ්‍ය සටහන් තුළ අන්තර්ගතව තිබුණා. 2026 වසරේ මැයි මාසයේ පුන් පොහොය දෙකක් යෙදී තිබූ අතර, මුලින් මැයි 01 වැනිදාට යෙදෙන පොහොය දිනය වෙසක් පොහොය ලෙස ප්‍රකාශයට පත්වී තිබූ නමුත් මහ නා හිමිවරුන් ප්‍රමූඛ පාර්ශවවල ඉල්ලීම පාදක කර ගනිමින් විස නැකත යෙදී ඇති මැයි 30 වනදා පොහොය දිනයේ වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට රජය තීරණය කර තිබුණා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.
Also read; වෙසක් පොහොයට පසුදින රජයේ නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


