මීට පෙර ද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය සම්බන්ධයෙන් විවිධ සටහන් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් මියා කලීෆාගේ ඡායාරුපයක්සි යොදාගනිමින් සිදු කරන ලද සටහනක් මෙසේය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් ඡායාරූපයක් සහිත සටහනක් ප්‍රතිඵල නිකුත් වී සුළු වේලාවක් ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙසේය.

එම සටහන ෆේස්බුක් පිටු සහ ගිණුම් රැසක උපුටා දක්වා තිබෙනු ද මෙසේ දැකගනන්ට ලැබුණි.

මෙම පුද්ගලයාගේම ඡායාරුපයක් යොදාගනිමින් COVID-19 වෛරසයට සම්බන්ධ සටහනක්ද පලවී තිබුනේ මෙලෙසිනි.

මොහුගේම ඡායාරුපය යොදාගනිමින් වෙනත් පහත ආකාරයේ උපහාසාත්මක සටහන් ද විටින් විට හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබෙනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මෙම සටහන්හි දැක්වෙන සේයාරුව Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එම ඡායාරූපය ඇතුළත් සටහන් රැසක් දැකගන්නට ලැබුණු අතර Jordi El Niño නමැති ස්පාඤ්ඤයේ කාමුක චිත්‍රපට නළුවකු හා සබැඳි Meme සටහන් බව පෙන්වා දී තිබුණි.

Twitter | Google Search | Google Link

මෙම නළුවාගේ ඡායාරූපය යොදා ගෙන මීට පෙරද ලොව විවිධ ප්‍රදේශවලදී උපහාසාත්මක අන්දමේ සටහන් පළ කර තිබුණු අතර පහත දැක්වෙන්නේ එබඳු එක් සටහනකි. මෙහිදී එල් සැල්වදෝර් හිටපු ජනපති සාන්චෙස් සෙරොන්ගේ මුනුපුරා ලෙස ස්පාඤ්ඤයේ කාමුක චිත්‍රපට නළුවකු වන “එල් නිනෝ පොල්ලා” පෙන්වා දී තිබු බව මෙලෙසින් වාර්තා වී තිබුණි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල නිවේදනය ඇතුළුව අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළමු වාර්තාද පරික්ෂා කිරීමේදී අපට පෙනී ගියේ දිවයිනේ ප්‍රථම ස්ථාන පිළිබඳ කිසිදු සඳහනක් මේ වනතෙක් වාර්තාවී නැති බවයි. පහත දැක්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද නිල නිවේදනයයි
GCE-OL-ResultConclusion (අවසාන නිගමනය)
අප කළ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ අද දින නිකුත් කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය පිළිබඳ නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර දිවයිනේ ප්‍රථමයා යයි පළකර ඇති සටහන් උපහාසත්මක කෝණයකින් පළකර තිබෙන්නේ අසත්‍යය සටහන් වන අතර ඡායාරූපයේ දැක්වෙන්නේ Jordi El Niño නමැති ස්පාඤ්ඤයේ කාමුක චිත්‍රපට නළුවකු හා සබැඳි Meme සටහන් සඳහා යොදාගන්නා රූපයකි.

Title:අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!
Fact Check By: Factcrescendo TeamResult: False
