කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, පසුගිය සතියේ රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ආයාචනයට විවිධ අර්ථකථන සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වී තිබුණි.

පීබීගේ චක්‍රලේඛයට අනුව හමුදාවේ වැටුප් කපන්න – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් සිරස්තලයෙන් Lanka Truth නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ පහත ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැටුප සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් යොමුකරන ලද ලිපියට අනුව හමුදා සාමාජිකයන්ගේ වැටුප් කැපීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් යවා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ඩබ්ලිව්. ඒ. කුලසූරිය මහතාගේ අත්සනින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ ඊයේ (12) දින ය.

ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් ආමන්ත්‍රණය කරමින් යොමු කර තිබූ ආයාචනාත්මක ලිපිය, ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ ලේකම්වරයා චක්‍රලේඛයක් ලෙස හදුන්වා තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයට අනුව ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතු සියලු පිරිස්වල මාසික වැටුප, වැටුපෙන් අඩක් හෝ දිනක වැටුප දක්වා සුදුසු පරිදි කපාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ලිපියේ දක්වා ඇත.

ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූවන් වැටුප් අඩු කර ගැනීම පිළිබඳව විරෝධය පළ කර තිබූ බැවින්, ඒ සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

FB LinkArchived LinkArticle LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි පිටු කිහිපයක ම ඉදිරිපත් වී තිබේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තිය පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අප ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරීක්ෂා කළෙමු. සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වන මෙම ප්‍රවෘත්තිය පිළිබඳව ආරක්ෂක ලේකම් තුමාගේ උපදෙස් පරිදි දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ තේමාවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක මහත්මිය විසින් පහත නිවේදනය එහි ඉදිරිපත් කර තිබුණි.

කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

මෙම ඉල්ලීමෙන් පසුව, අමාත්‍යාංශය විසින් සියළුම ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යවා ඇති අතර, වර්තමාන මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් මැයි මස වැටුපෙන් යම් ප්‍රමාණයක් වැටුපෙන් අඩක්, සතියක හෝ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇත.

“ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරගේ ඉල්ලීමට අනුව තම අභිමතය පරිදි ඔවුන්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග නිකුත් කර ඇති බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

කෙසේ වුවද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දෙමින් ආරක්ෂක ලේකම් පවසා සිටියේ දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ නොවන බවයි.

LinkArchived Link

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ශානිකා ශ්‍රියානන්ද මහත්මිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි වැටුප පරිත්‍යාගකිරීම, සේවකයාගේ කැමැත්ත මත ඔහු කැමති ප්‍රමාණයක් පමණක් සිදුවන අතර, වැටුප අඩු කර ගැනීමට කිසිදු බලපෑමක් ඇති නොවේ. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් මෙම පරිත්‍යාග කිරීමක් කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවන අතර, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැනි දෙපාර්තමේන්තු සහ ආයතනයන්හි සේවක මහත්ම මහත්මීන්ට ස්වේච්ඡාවෙන් මේ සඳහා දායක විය හැකි බව පැවසීය. මේ පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළෙමු. ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් කළ ආයාචනයට ප්‍රතිචාර දැක්වීමට කැමති මහත්ම මහත්මීන්ට සිය අභිමතය පැවැති පරිදි ස්වේච්ඡාවෙන්ම සඳහා වැටුප හෝ වැටුප හෝ වැටුපෙන් යම් කොටසක් පරිත්‍යාග කළ හැකි බවත් ඒ සඳහා කිසිදු බලපෑමක් නොමැති බවත් අවධාරණය කර සිටියා.

මෙම පුවත දිනමිණ ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබෙනුද අපර දැකගන්නට ලැබුණ අතර නිල ආරක්ෂක අමාත්‍යංශයේ ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව පළවූ සටහන මෙසේය.

https://www.facebook.com/permalink.php?story_fbid=138250641143509&id=109261140709126&__xts__%5B0%5D=68.ARD375dWCBAvXxuTcV6O7SFgHy_XYviiz1IVYc7wwO-TbezrWItHaBwGy1TczwJsFPkq0MCWioI2r7RPeVeSVF6Nq2E7SaujGh22YnY94yreWNRaJft0A2XCBZPq1xLg0KkX6vQIwj3v2YnTbZ8-p82sVNek7oMo_E7eWNIKmwGvFh_GsdgDs1AJ0EbWA6ZdT8kTYFPdEY4ZnU5AjvthNyyzOwakufobKB4vgKE_KQYNGYNFaREuz9wr8gUiJdIW_nEhxqMFoQkAYuHwfpQXqZZ66bvClXNTiTf5jCRRynnLOZv8CC4bA8MHk7fwUCnFwKB-oYiKuUelutVsIeg&__tn__=-R

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ආයාචනයට ප්‍රතිචාර දැක්වීමට කැමති රාජ්‍ය සේවක මහත්ම මහත්මීන්ට සිය වැටුප හෝ වැටුපෙන් කොටසක් සිය අභිමතය පරිදි ස්වේච්ඡාවෙන් ප්‍රදානය කළ හැකි බවත්. එසේ කිරීමට කිසිදු බලපෑමක් නොමැති බවත් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් මෙම පරිත්‍යාග කිරීමක් කිසිදු අපේක්ෂා නොකරන බවයි.

එනිසා “පීබීගේ චක්‍රලේඛයට අනුව හමුදාවේ වැටුප් කපන්න – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්” සිරස්තලයෙන් ෆේස්බුක් ඉදිරිපත්ව ඇති ප්‍රවෘත්ති, නොමඟ යවන සුළු ප්‍රවෘත්තියක් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:Fact Check : හමුදාවේ වැටුප් කපන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් පලවී නොමැත!

Fact Check By: Sahan Perera

Result: Misleading