නීතිවිරෝධී ලෙසින් ලංකාවට ගෙන්වන භාන්ඩ රේගුව මගින් අත් අඩංගුවට ගන්නා අවස්ථා නිතර අපට අසන්නට ලැබෙනවා.බොහෝ අවස්තාවන්හි එම භාන්ඩ රාජසන්තක වන අතර ඇතැම් භාන්ඩ රේගුව මගින් විනාශ කර දමන බව දකින්නට පුලුවන්.බොහොමයක් අවස්තාවලදී මත්ද්‍රව්‍ය මෙසේ විනාශ කර දමන ආකාරය මාධ්‍ය මගින් වාර්ථා කරන අයුරුද දැකගත හැකියි.

මෙවන් පසුබිමක පසුගිය දිනෙක “මුදියන්සේ මාමා” නමින් යුත් ෆේස්බුක් පි‍ටුවකින් රේගුව විසින් ඇල්ලූ ලක්ශ 310ක් වටිනා භාන්ඩ විනාශ කරන බවට දැක්වෙන පුවතක් ඡායාරූප සමගින් දක්වා ඇති පෝස්‍ටුවක් අපට දැකගන්නට ලැබුනා. මෙහි වැඩි දුරටත් සඳහන් උනේ පොත් පෑන් පැන්සල් පෙට්ටි සෙල්ලම් බඩු වැනි දෑ මෙලෙස විනාශ කරන බවක් එහි දක්වා තිබුනා. එම පුවත පහතින්

Original Post | Archived post

සැබැවින්ම මෙසේ පොත් පෑන් පැන්සල් පෙට්ටි සෙල්ලම් බඩු වැනි දෑ විනාශ කරන ලද බවට කියන පුවත සත්‍ය පුවතක්ද යන වග අප සොයා බැලුවා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම කරුන පිලිබඳව සොයා බැලීමේදි අපට පැහැදිලි වුයේ මෙය 2018 වසරේ සිදු වූ සිදුවීමක් බවයි.ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය බොහොමයක් මෙම පුවත ගෙන හැර දක්වා තිබුනා.මෙම පුවතට එම ෆේස්බුක් පි‍ටුව මගින් යොදා ගත් චායාරූප ලංකාදීප අන්තර්ජාල වෙබ් අඩවියක් මගින් ගත් එවා බවටද අපට තහවුරු වුණා

එම පුවතට අනුව ආනයන කරුවන් නවදෙනෙකු විසින් මෙරටට ගෙන්වනු ලැබූ සෙල්ලම් බඩු පැන්සල් පෙට්ටි වාහන අමතර කොටස් දුරකතන බැටරි සහ ආරෝපක වැනි ද්‍රව්‍ය තොගයක් ඔරුගොඩවත්ත ආර් සී ටී නම් ආයතන පරිද්‍රයේදී විනාශ කරන බව ඒ කාලයේ එහි රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු අධ්‍යක්ශ සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කල බවට ලංකාදීප පුවත්පත වාර්ථා කර තිබුනා.

Link | Archived

එසේම ෆෙස්බුක් හි පලව තිබූ ඉහත සටහනින් ප්‍රශ්න කර තිබුනේ මෙසේ පොත් පෑන් පැන්සල් පෙට්ටි සහ සෙල්ලම් බඩු ඇත්නම් ඒවා මෙලෙස විනාශ නොකර අනාත නිවාස, ලමා නිවාස වල සිටිනා දරුවන් කෙරේ බෙදා හැරිය යුතු යන අදහසක්.කෙසේ නමුත් මෙම භාණ්ඩ ඇත්ත වශයෙන් ම පිළිකා කාරක බවත් පාසල්වල පරිහරණය කරන කවකටු පෙට්ටි, පැන්සල් පෙට්ටි මේවා ඉතමත් බාල වර්ගයේ ප්ලාස්ටික් යොදාගෙන විස සහිත ප්ලාස්ටික් වර්ගවලින් නිපදවා ඇති බවත් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා තහවුරු කර තිබුනා.

මේ පිලිබඳව වැඩිදුර තොරතුරු

Link

ඒ හා සම්බන්ද වීඩියෝව පහතින්.

https://youtu.be/YgkVT3gvLHE

එබැවින් මෙහිදී සිදුව ඇත්තේ පිළිකාකාරක ලෙස හඳුනා ගැනුනු ලමයින් භාවිතා කරන දෑ නීතිවිරෝධී අපනයන අධෛර්යමත් කිරීමේ අරමුණින් විනාශ කර දැමීමක් බව පෙනී ගියා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව සලකා බලන කල මුදියන්සෙ මමා නම් ෆේස්බුක් පේජය මගින් රේගුව විනාශ කරන ලද පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩු වැනි දෑ විනාශ කල යුතුද ලෙස ප්‍රශ්න කරමින් පල කර ඇති පුවත 2018 වසරේ පලවූ එකක් බවටත් එම භාන්ඩ නිශ්චිතවම පිලිකා කාරක ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් ඒවා භාවිතයට නුසුදුසු බැවින් විනාශ කර ඇති බවත් අපට තහවුරු කර ගත හැකියි

Avatar

Title:රේගුව ඇල්ලු ලක්ශ 310ක භාන්ඩ ගල් රෝලකට යට කර විනාශ කළ බවට වැරදි අදසකින් පලකළ පුවතක්

Fact Check By: Sahan Perera

Result: Misleading