
ජනප්‍රිය නළු නිලියන් මෙන්ම කළා ක්ෂේත්‍රයේ නමක් දරා සිටින පිරිස් අලලා විවිධාකාරයෙන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝදුරට හුවමාරු වන්නේ වැඩිපුර පාඨක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්. “යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,එවිට තමන් අදහන දර්මයට ආනුකූලව මේ මනුස්ස ජීවිතය අනියතයි බව තේරුම් ගන්නා සියල්ලෝම සියලු දේ අතහැර දර්මය අවබෝද කර ගනිති” යන තේමාව යටතේ හුවමාරු වී තිබු සටහනක නිරුපිකාවක සහ නිළියක වශයෙන් කටයුතු කරන කෞශි පෙරේරා මහණ බවට පත්වූ බව හැඟෙන ඡයරුපක්ද පෙන්වා දී තිබුනේ “සමහර යට සමහර දේවල් තේරුම් ගන්න කාලයක් හතවෙනව…හිටය විදිහ නෙවෙයි වැදගත් ඉන්න විදිහයි” යනුවෙන්ද තැබූ සටහනක් සමඟය.

Link | Archived Link |
එම තේමාව යටතේම උපහාසාත්මක කෝණවලින් සටහන් පලවී තිබුනේ “මෙහෙම හිටිය කෞෂිට මහණ වෙන්න තරම් එක පාරටම ජීවිතේ මොකද උනේ?” යනුවෙනි.

Link | Archived |
මෙවැනි නොමඟ යවන සුළු සටහන් පළකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තම අප්‍රසාදය පළකරමින් ප්‍රතිචාර දක්වා තිබෙනු ද දක්නට ලැබුණු හෙයින් මේ පිලිබඳ කෙටි විමර්ශනයක් සිදුක්රීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී අපට පෙනී ගියේ මෙය ඇත්ත වශයෙන්ම ඉදිරියේදී නිකතු වීමට නියමිතව තිබු Brian Rose ගායනා කරන “සුභ ගමන්” නමැති ගීතයක වීඩියෝ පටයක ප්‍රවර්ධන සඳහා යොදාගෙන තිබු සටහනකින් ලබාගත් එකක් බවයි. එම සටහන සහ මීට දින කිහිපයකට පෙර පළවූ අදාළ සංගීත වීඩියෝව පහතින්.

මෙම වීඩියෝව අගෝස්තු මස 7 වැනිදා නිකුත් වන බව පෙන්වන සටහන් එහි නිෂ්පාදන කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ මෙන්ම කෞෂි පෙරේරාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙසේ දක්ගනන්ට ලැබුනා.

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කෞශි පෙරේරා මහණ බවට පත්වූ බව හැඟෙන පරිදි මීට දින කිහිපයකට පෙර හුවමාරු වූ ඡායාරුප සටහන් සඳහා ඇත්ත වශයෙන්ම යොදාගෙන තිබුනේ ඇය රංගනයෙන් දායක වූ පසුගිය අගෝස්තු මස 7 වැනිදා නිකුත් වූ “සුභ ගමන්” නමැති ගීතයක වීඩියෝ පටයක දර්ශන පෙළක් බවයි.

Title:කෞෂි පෙරේරා මහණ වූ බව හැඟවෙන නොමඟ යවන සුළු සටහන් පෙළක්
Fact Check By: Sahan PereraResult: Misleading
