2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජන බලවේගයට ලබාගත හැකි වූයේ ආසන තුනක් වුවත්, එම සන්ධානයේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ, උපහාසාත්මක කෝණවලින් සාවද්‍ය සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත

ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තුව ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය‍ෙගේ සේයාරුවකට “අද පාර්ලිමේන්තුවේ කන්න දීපු මස් නරක් වෙලා. කන්න නෙමේ අල්ලන්නවත් අප්‍රියයි” යන වදන රෝපණය කරමින් “මෙන්න මේ... මලපෙරේතියටත් හොඳ මස් ඕනෙලු පාර්ලිමේන්තුවේ කෑම වේලට.....මුන් ඇවිල්ලා තියෙන්නෙ ජනතාවට සේවය කරන්න නෙමෙයි ...බඩගින්න නිවා ගන්න කෑම හොයාගෙන...නොදෝමකින්... මේ මළ පෙරේතයින් ව පාර්ලිමේන්තු යවපු උඹලට හොඳ වැඩේ..” කථාංගය අන්තර්ගත කළ සටහනක් මේනකා සත්සරා නමැති ගිණුමක් විසින් ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 500කට අධික සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබුණු අතර මෙම සටහනට හිමිවී තිබු ප්‍රතිචාර අතරින් කිහිපයක්ම ඇය එවැනි ප්‍රකාශයක් නොකළ බව සඳහන් කර තිබිණි.

LinkArchived Link

එසේම “කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න මැටි හට්ටි මුට්ටි වලට පුලුවන්ද” වදන රෝපණය කර ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ සේයාරුවක් සහිත සටහනක් අදිරියන් සහ Dulip Di නමැති ෆේස්බුක් ගිණුම්වල ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived LinkLinkArchived Link

එමෙන්ම “සුහද හුවමාරුවක් සඳහා හතක් අංකයට අමතලා වැඩි විස්තර දැනගන්න. මගේ නාරාහේන්පිට පිහිටි බිල්ඩිම ලංකාගම ඉඩමකට මාරු කරගන්න කැමති නම් අමතන්න” වදන් රෝපණය කර දුරකථන අංකයක් සහිතව විජිත හේරත් මන්ත්‍රීතුමාගේ සේයාරුවක් සහිත සටහනක් J V P papua new guinea නම්වූ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු අතර ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වී තිබුණු මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම මේවා සියල්ලම අසත්‍ය මනංකල්පිත සටහන් බවට යෝජනා කර තිබුණි.

LinkArchived

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු වසන්ත සමරසිංහ මහතා “මාදු ගඟට නාමල් රාජපක්ෂගෙන් අවන්හලක්. අපද්‍රව්‍ය බැහැර කිරීම මාදු ගඟට. රාජපක්ෂලාගෙන් පරිසරය රැක ගනිමු” යන සටහන ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් ඉදිරිපත් කළ අන්දම දැක්වෙන සටහනක් Dulip Di විසින් ඉදිරිපත් කර ඇති බව දක්නට ලැබුණි.

LinkArchived Link

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් වී තිබූ මෙම සටහන් සියල්ලන්ටම හිමි වූ ප්‍රතිචාර අතර මෙම සටහන් අසත්‍ය බවට සඳහන් ප්‍රතිචාර දක්නට ලැබීම නිසා මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

හරිනි අමරසුරිය මහත්මිය අලලා ඉදිරිපත් කළ සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අපට දන්වා සිටියේ ඇය පාර්ලිමේන්තුවේ දී එවැනි කතාවක් නොකළ බවත්, ඒ පිළිබඳව ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර ඇති බවත්ය.

හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළවිට පහත සටහන දක්නට ලැබුණි.

අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්තිය නැවත ආරම්භ වී ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රය තුල ලබාදෙන ආහාර පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් මා විසින් සිදු කර නැත.

සෑම විටම වගේ මෙයත් අප විසින් සිදු කරගෙන යනු ලබන වැඩපිළිවෙල අපකීර්තියට පත්කිරීම අරමුණු කරගෙන කරන සැලසුම්සහගත නිග්‍රහ කිරීමක්.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ වලින් නොසැලී අපි දිගින් දිගටම අපේ සැබෑ අරමුණු කරා ගමන් කරමු.

LinkArchived Link

එසේම විජිත හේරත් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් පලවී තිබු සටහන් පිලිබඳ කරුණු දැනගැනීමට අප ඔහු සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූයෙමු. නාරහේන්පිට මංසන්ධියේ පිහිටි ගොඩනැගිල්ල ලංකාගම ඉඩමක් සමග හුවමාරු කර ගැනීම සඳහා සිය ෆේස්බුක් ගිණුමේ කිසිම සටහනක් ඉදිරිපත් නොකළ බව සඳහන් කළ මන්ත්‍රීතුමා, මෙය තමන්ගේ ප්‍රතිවාදීන් විසින් උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර ඇති සාවද්‍ය සටහනක් බව සඳහන් කර සිටියා. තවද මෙම සටහනේ සඳහන් වී තිබෙන අංකය පරීක්ෂා කිරීමේදී එය විජිත හේරත් මහතාගේ දුරකථනය අංකයට ඉතා සමීප බවත් එක අංකයක් පමණක් වෙනස් බවත් පෙනී ගියා.

මෙවැනි උපහාසාත්මක සටහන් වලට මුල් වනන්ට ඇත්තේ පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වූ ලංකාගම ප්‍රදේශය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිගේ නමින් පළවූ ෆේස්බුක් ගිණුමක පළකර තිබු “ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න” යනුවෙන් ඉදිරිපත් කල මෙම සටහන විය හැකි බවද පෙනී ගියා

තවද “කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න මැටි හට්ටි මුට්ටි වලට පුලුවන්ද” යනුවෙන් තමා කිසිදු අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවක දී නොපැවසූ බව පැවසූ ඔහු, තමා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක පැරණි ඡායාරූපයක් සංස්කරණය කොට ඉදිරිපත් කර ඇති සාවද්‍ය සටහනක් බවටද අවධාරණය කළේය. මෙවැනි ඡායාරූපයක් සොයා ගැනීම සඳහා අප විජිත හේරත් මන්ත්‍රීතුමාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස් බුක් පිටු පරීක්ෂා කළෙමු.

ප්‍රහාරයෙන් පසු කඩා වැටුණ ආර්ථිකය සමහන් කරන්න ආණ්ඩුව අර්ථ සාධක අරමුදල බිල්ලට දෙන්න හදනවා...රටේ අස්ථාවරත්වය මඟහරින්න ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක්...ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ තිබූ විජිත හේරත් මන්ත්‍රීවරයා ගේ සේයා රුවක් සහිත 2019 මැයි මස 9 වැනි දින ඉදිිරිපත් කර තිබු සටහනක් වෙත අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

අදිරියන් සහ Dulip Di ෆේස්බුක් පිටු ඉදිරිපත් කර තිබු සටහන්වල ඉදිරිපත් කළ ඡායාරූප සහ ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනේ වූ ඡායාරූපය සංසදනය කිරීමේදී, ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ තිබු ඡායාරූපයේ පසුබිම සංස්කරනය කර අදිරියන් සහ Dulip Di ෆේස්බුක් පිටු සඳහා යොදාගෙන අති බව තහවුරු විය.

වසන්ත සමරසිංහගේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු සටහන පිලිබඳ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකිරීමක් නොවූ බැවින් මෙම සටහන පිළිබඳවද කරුණු තහවුරු කර ගැනීම පිණිස අප වසන්ත සමරසිංහ සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි මෙවැනි සටහනක් නොයෙදූ බව තහවුරු කළ ඔහු මෙය ව්‍යාජ ලෙස සංස්කරණය කර ඉදිරිපත් කර ඇති සටහනක් බවද අවධාරණය කළේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් තහවුරු වූයේ ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන වසන්ත සමරසිංහ විසින් සිදුකලා යයි පැවසෙන පරිදි පළකර ඇති සටහන් ව්‍යාජ සංස්කරණ බවයි

එබැවින් ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන් අළලා ඉහත මාතෘකා යටතේ ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය සටහන් බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False