සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවිධ තොරතුරු අළලා සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් ඉදිරිපත් වේ. මෙලෙස ඉදිරිපත් වන සමහර සටහන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අප මින් පෙර සිදු කරන ලද මෙවැනි විමර්ශනයන කිහිපයකදී ද පෙන්වා දී තිබුණා.

උපතින්ම බෞද්ධයකුවු විශාරද ගායිකා නීතීඥ නතාෂා පෙරේරා කිතුණුවකු වුයේ පෞද්ගලික වාසි තකා බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වු සටහන් පිළබඳව සිදුකළ විමර්ශනයේදී අපට සනාථ වුයේ ඒවා නොමඟ යවන සුළු සටහන් බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

මම උපතින් බෞද්ධ වුණාට අදහන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණා. (නතාෂා පෙරේරා) උපතින් බෞද්ධ වූ ඇය බෞද්ධකම අතහැරියේ තමුන්ට වාසියක් ලැබුණු නිසාම පමණයි. අන්‍යාගමික කෙනෙක් බුදුදහම වැළඳ ගත්තේ සත්‍ය වටහා ගැනීමෙන්ම පමණයි. වදන් රෝපණය කර, නතාෂා පෙරේරාගේ සේයරුව සහිතව Siri Lankawa නමින් වූ ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබු සටහනක්, ප්‍රතිචාර රැසක් සමඟින් ෆේස්බුක් පරිශීලකයින් දෙදෙහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණා. එම සටහන පහතින්

FacebookArchived LinkFacebookArchived

එවැනිම අදහසක් ලැබෙන පරිදි ඉතාලියේ ලෝක පාපන්දු ශුර රෙබෙටෝ බැගියෝ (Roberto Baggio) පිලිබඳ විස්තරයක් ද සහිතව සටහනක් ද ඉදිරිපත් වී තිබෙනු ද අපට දැකගැනීමට ලැබුණා. සුප්‍රකට පාපන්දු තරුව ලෝක කුසලාන ජයග්‍රහණය සහ පරාජයන් හමුවේ ලැබුණු වෙනස් සැලකීම් හමුවේ විපරිත වී බුදු දහම වැළඳ ගැනීමෙන් පසුව සැනසීමක් ලඟා කරගත් බව එහි පෙන්වා දී තිබුණි. නතාෂා පෙරේරා වාසි තකා බුදු දහම අත හැරිය බවත් රොබෙටෝ ඔහුට ලැබුණු වෙනස් සැලකීම් හමුවේ කළකිරී බුද්ධාගම ගත් බවත් පවසමින් සංසන්දනයක් කර තිබුනේ පහත අයුරින්.

Facebook Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නතාෂා පෙරේරාගේ සේයාරුව සහිත සටහන් පරීක්ෂා කිරීමේදී එය දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩ සටහනකදී ලබාගත් සේයාරුවක් බවට පෙනී ගිය නිසා, මෑතකදී ඇය දෙරණ රූපවාහිනී නාලිකාවට සහභාගිවී ඇති වැඩසටහන් පරීක්ෂා කළෙමු. 2020 ඔක්තෝබර් මස 2වැනි දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “මා නොවනා මම” වැඩසටහනට ඇය සහභාගිවී අති බව දැකගත හැකි විය. එම වැඩසටහන මෙහෙයවු මාධ්‍යවේදී කැලුම් ශ්‍රීමාල් එක් අවස්ථාවකදී ඇයගේ ආගම පිළිබඳව විමසු විට උපතින්ම බෞද්ධයකුවු ඇය තවමත් බෞද්ධයකු බවට පිළිතුරු සැපයු බව දක්නට ලැබුණි.

තමා උපත ලැබුවේ ඉතාලියේ රෝම නගරාසන්නයේ බවත්, රෝහල් ගාස්තු ගෙවා ගැනීමට ක්‍රමයක් නොමැතිව සිටියදී ඇයගේ පියාව මිතුරෙකු විසින් රෝමයේ වතිකානුවට රැගෙන ගොස් එවකට සිටි පාප්වහන්සේ බැහැදැකීමෙන් ස්වල්ප වේලාවකට පසු රෝස මලක් සහිත කූඩයක් දී එය රෝහලට ඉදිරිපත් කිරීමට උපදෙස් දුන් බවත්, එම කූඩය රෝහලට ඉදිරිපත් කළ පසු, ඇයව එම කූඩයට බාහා රෝහල් ගාස්තු කිසිවක් අයකිරීමකින් තොරව ඔවුන්ව නිවසට යවා ඇති බවත් වැඩිදුරටත් පැවසු ඇය, එමනිසාම දෙවියන්වහන්සේට යාච්ඤා කරන බවත් පැවසුවාය.

“නතාෂා පෙරේරා සමග පැවති මා නොවන මම වැඩසටහන” යනුවෙන් නතාෂා පෙරේරා සහභාගී වූ වැඩසටහේ ඉහත විස්තරයට අදාළ සංවාද කොටස පහතින්.(10 වන මිනිත්තුවේ සිට)

https://youtu.be/SmFIynaiWdY?t=637

මේ පිලිබඳ අප නතාෂා පෙරේරාගෙන් ද සිදුකළ විමසීමකදී ඇය පවසා සිටියේ දෙරණ රූපවාහිනී වැඩසටහනේදී ඇය කියා සිටි පරිදි උපතේ සිට අද දක්වා ම ඇය බෞද්ධයෙකු බවත් එසේ ආගම වෙනස් කිරීමේ කිසිම් අදහසක් හෝ කවරදාකවත් නොතිබූ බවයි. මෙවැනි පහත් ආකාරයේ සටහන් නිර්මාණය කිරීම හෙළා දකින බවත් ඇය පවසා සිටියා.

මෙසේ පලවන සටහන් වලට පිළිතුරු සටහනක් නතාෂා පෙරේරාගේ නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් පලවී තිබුනේ මෙලෙසින්

https://www.facebook.com/Official.Nathasha.Perera/posts/3804201666265347?__cft__[0]=AZVNKeYm2WXJUxNURv5mJSXbIUouChxa4FdTjuar9olhlinkhW6ozNqkemWnMxSTNA81LXJ4vTQX1SpUGX7cmA3zCZdtwT7LF_GLrd4S3kZpZhd7qvFpVzP1AUDwOidPbg7HuWSAGjCQyiXSDQ0AetjoYXfreLFO-iq96SuluL3yWoVpNKsQ4SeYi0TSWDvh2ns&__tn__=%2CO%2CP-R

ලෝප්‍රකට පාපන්දු ශුර රොබෙටෝ බැගියෝ සම්බන්ධයෙන් පලවී තිබු කතාව වෙත ද අවධානය යොමු කළෙමු. රොබෙටෝ ඉතාලියේ මෙන්ම ලොව එදා මෙදා තුල බිහිවූ විශිෂ්ඨම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස සැලකුනද ඉහත සටහනේ දක්වා තිබු පරිදි ඔහු කිසිඳු අවස්ථාවක ලෝක පාපන්දු ශුරතාවය දින ගැනීමට සමත් වුයේ නැත. 1994 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඔහුගේ ගෝල් දිනුම ලබාගැනීමට නොහැකි වීමත් සමඟම ඉතාලියට පාපන්දු ශුරතාව අහිමි වූ බව සත්‍ය වුවද ඒ වන විටත් ඔහු බෞද්ධ ආගම වැළඳ ගෙන තිබුණි.

නිරන්තරයෙන් ශරීරයේ ආබාධයන්ට ලක්වූ බැජියෝ 80 දශකයේ අග භාගයේ සිට බෞද්ධ දර්ශනයට නැඹුරු වී බුද්ධාගම වැළඳ ගෙන තිබුණා. 94 ලෝක කුසලාන ගෝල් දිනුම ලබාගැනීමට අසමත් වූ විට ඇත්ත වශයෙන්ම ඉතාලි වැසියන් ඔහුට චෝදනා කර තිබුනේ බ්‍රසීල ක්‍රීඩකයින් මෙන් ජේසුස් වහන්සේ සිහිකර ගෝලය ලබාගත්තේ නම් ඔහුට එය ජයගැනීමට තිබු බවයි යනුවෙනි. අභ්‍යන්තර සතුට සොයා ගැනීමට තමාට බුද්ධාගම උපකාරී වූ බවත් බුද්ධාගම සමඟ තමාගේ ක්‍රීඩාව දියුණු වී ඇති බවත් බැජියෝ පවසා තිබුණි

Link 1 | Link 2 | Link 3

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රෝමයේ උපත ලැබූ අවස්ථාවේ ඇතිවූ සිද්ධියක පටන් කුඩා කල සිට මේ දක්වාම විශාරද ගායිකා නතෂා පෙරේරා ක්‍රිස්තියානි ආගමටද ලැදියාවක් දැක්වූවද උපතේ සිට මේ දක්වා ම බෞද්ධයකු බවය. එබැවින් වාසි තකා කිතු දහම වැළඳ ගත් බවට ෆේස්බුක් ජාලයේ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු අසත්‍ය සටහන් පෙළකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:තමුන්ට වාසියක් ලැබුණු නිසා නතාෂා පෙරේරා බෞද්ධකම අතහැරිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading