ශ්‍රී ලංකාව ස්වභාව අලංකාරයෙන් අනුනවු දිවයිනකි. ලංකාවේ ඇතැම් මහමාර්ග ඉතා දර්ශණීය පසුබිම් ඔස්සේ ඉදි කර ඇත. කෙසේ නමුත් පසුගිය වකවානුවේ ලංකාවේ මහ මාර්ග ලෙස දක්වමින් ඉදිරිපත්වු ෆෙස්බුක් සටහන් කිහිපයක් පිළිබඳව කළ කරුණු විමර්ශනවලදි එම සටහන් දක්වා තිබුනේ මෙරට මාර්ග නොවන බව තහවුරු විය. එම විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්

මේ අයුරින්ම අනුරාධපුර පුත්තලම මාර්ගය ලෙස දක්වමින් සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබු ‍ෆේස්බුක් සටහනක් පීළිබඳව සිදුකළ කරුණු විමර්ශනයේදි තහවුරු වුයේ ද එය මෙරට මාර්ගයක් නොවන බවයි

සමාජ මාධ්‍ය සටහන් :

මහ මාර්ගයක සේයාරුවක් සහිතව අනුරාධපුර පුත්තලම මාර්ගය තේමාවෙන් Travelsoul නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් දෙසීයක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි. මෙම සටහනට හිමිවු පතිචාර බොහොමයක් බොරු පුවත් ඉදිරිපත් නොකරන ලෙසට ඉල්ලා තිබුණි.

FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ අන්තර්ගතව තිබූ ඡායාරූපය අප Reverse Image සෙවීමකට යොමු කළෙමු. මෙම ඡායාරූපය සහිත සටහන් රැසක් අන්තර්ජාලයේ දක්නට ලැබුණි. greatandhra.com නමැති වෙබ් අඩවිය Viral Pic of the Week: What A Road! (සතියේ ජනප්‍රිය සේයාරුව: දැකුම්කලු පාරක්!) යන සිරස්තලයෙන් සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබු වාර්තාවේ මෙම මාර්ගය ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රානතයේ නන්දියාල් - අලගද්දා (Nandyal-Allagadda) නගර යාකරමින් ඉදිකර, මෑතකදී විවෘත වු මහ මාර්ගය ලෙස හඳුන්වා තිබුණි. එහි දක්වා තිබු විස්තරය පහතින්

GreatAndhraArchived

Hello Nandyal නමැති ෆේස්බුක් පිටුවක ඇතුළු ඉන්දියාවේ බොහෝ දෙනෙක් විසින් Nandyal to Allagadda Highway යන තේමාවෙන් මෙම සේයාරුව රැගත් සටහන් පසුගිය ඔක්තෝබර් මාසයේ පළකර තිබුණා.

එම සටහන් වල එම ඡායාරූපයේ මුල් හිමිකරු වශයෙන් පෙන්වා දී තිබුනේ සංචාරක ඡායාරූප ශිල්පියෙකු වන Pridhvi Chowdary නැමැත්තෙක්. අප ඔහුගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී මෙම සේයාරුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ නන්දියාල් මහ මාර්ගය බව සනාථ කරමින් පළකර තිබෙනු දැකගනන්ට ලැබුණා.

එම ඡායාරූපයේ ඉන්දියාවේ නිල LonelyPlanet ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද පලවී තිබුනේ මෙලෙසින්.

https://www.instagram.com/p/CGPvhcalCTW/

ඉන්දියාවේ නිල LonelyPlanet ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළවූ ඡායාරුපය සහ Travelsoul ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු වාර්තාවේ අන්තර්ගතව තිබු ඡායාරූප සංසන්දනය කිරිමේදි, එය එකම ඡායාරූපයක් බව තහවුරුවිය.

තවද මෙම මාර්ගය ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රානතයේ නන්දියාල් - අලගද්දා නගර කෙරෙන මහා මාර්ගය බව දක්වමින් පළවූ වීඩියෝවක් මෙසේය.

මනරම් පරිසරයක් හරහා දිවෙන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ නන්දියාල් - අලගද්දා (Nandyal-Allagadda) නගර යාකෙරන මහා මාර්ගය කිලෝමීටර් 30ක පමණ වේ.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Travelsoul ෆේස්බුක් පිටුව අනුරාධපුර - පුත්තලම මාර්ගය ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති සටහනේ අන්තර්ගත ඡායාරූපය ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ නන්දියාල් - අලගද්දා (Nandyal-Allagadda) නගර යාකරමින් ඉදිකර, මෑතකදී විවෘත වු මහ මාර්ගයේ ඡායාරූපයක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:අනුරාධපුර - පුත්තලම මාර්ගය ලෙස දක්වමින් හුවමාරු වූ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මහ මාර්ගයක්!

Fact Check By: Sahan Perera

Result: False