වර්තමාන බොලිවුඩ් සිනමාවේ රජු වශයෙන් හැඳින්වන ශාරුක් ඛාන් පසුගියදා සිය පනස් පස් වැනි ජන්ම දිනය සැමරුවා. ලෝ වටා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් ශාරුක් ඛාන් වෙත උපන්දින සුභ පැතුම් පණිවුඩයක් ඩුබායි නගරයේ ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ලේ ද පළකර තිබුනේ මෙලෙසින්

මේ අතර ශාරුක් ඛාන් විසින් ශල්‍යකර්මයකට පෙර සිටි ආකාරය පිළිබඳව හුවමාරුවන ඡායාරූප සටහනක් විමර්ශනයේ දී එය මීට පෙර ද ලොව වටා හුවමාරු වී තිබූ අසත්‍ය සටහනක් බව අනාවරණය වුණා

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

Indu Kalpana නමැති ෆේස්බුක් ගිණුමක් විසින් “නොදුටු දසුන්” නමැති ෆේස්බුක් සමුහයක “ලොවම මවිත කල ඒ චායාරුපය” යන තේමාව යටතේ සුප්‍රකට බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ වයස්ගත පෙනුමක් සහිත සේයාරුවක් හුවමාරු කර ගෙන තිබුණි. එහි තවදුරටත් දක්වා තිබුනේ “ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කල අවස්ථාවේ විග් එක සහ මේකප් නොමැතිව ලබාගත් ලොවම මවිත කල එම චායාරුපය” යනුවෙන්

FacebookArchived Link

ශාරුක් මහලු පෙනුමකින් රංගනයෙන් දායක වූ “වීර් සාරා” චිත්‍රපටයෙන් ලබාගත් දර්ශණයක් ලෙස මෙයට ප්‍රතිචාර ලබාදී තිබු කිහිප දෙනෙක් ම පෙන්වා දී තිබෙනු ද අපට දැකගනන්ට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම ඡායාරූපය 2015 වසරේ ඉන්දියාවේ මෙන්ම බොහෝ ප්‍රදේශවල ද ශාරුක් ඛාන් ශල්‍යකර්මයකට මුහුණදුන් අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ලෙස හුවමාරු වී තිබුණා. 2015 වසරේදී ඇත්ත වශයෙන්ම සුපිරි බොලිවුඩ් නළුවා දණහිසේ ශල්‍යකර්මයට මුහුණ දුන්න ද මෙය එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් නොවේ.

ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් හරහා පරික්ෂා කිරීමේදී අපට ඒ හා සම්බන්ධයෙන් පළවී තිබූ වාර්තා ගණනාවක් සොයා ගන්නට ලැබුණා. මේවායේ පැහැදිලිව පෙන්වා දී තිබුණේ 2009 වසරේ Dish TV වෙළඳ දැන්වීමක් සඳහා ශාරුක් ඛාන් හට වයස අවුරුදු 75 ක පෙනුමක් ලබාදීම සඳහා වේශ නිරුපණ කටයුතු (මේකප්) කරමින් සිටි අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් ඉහත පළ කිරීම සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විස්තරාත්මකව පළවූ වීඩියෝවක් සහ පුවත් සටහන් කිහිපයක් පහතින්.

https://youtu.be/JVRT-c6JKOQ

India.com | India Today

ශාරුක් ඛාන් විග් එකක් දමා මේකප් කරමින් සිටි අවස්ථාවේ ඡායාරුප පෙළක් ද සමඟින් තවත් වෙබ් අඩවියක් විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තබුනේ මෙලෙසින්

ශාරුක් ට පිටුපසින් සිටින්නේ වේශ නිරූපණ ශිල්පියා බවත් පසුතලයේ මේකප් භාණ්ඩ ඇති බවත් එම ඡායාරුප වලින් පැහැදිලිව පෙනී යයි.

ශාරුක් ඛාන් 2009 වසරේදී වයස අවුරුදු 75 ක මහලු පුද්ගලයෙකු ලෙස රංගනයෙන් දායක වූ එම Dish TV වෙළඳ දැන්වීම පහතින්

https://www.youtube.com/watch?v=sFCJSWw9WI0

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශාරුක් ඛාන් විසින් ශල්‍යකර්මයකට පෙර සිටි ආකාරය යනුවෙන් හුවමාරුවන ඡායාරූපය ඔහු විසින් වයස අවුරුදු 75 ක මහලු පුද්ගලයෙකු ලෙස 2009 වසරේදී රංගනයෙන් දායක වූ Dish TV වෙළඳ දැන්වීමක මේකප් කිරීම් අතරතුරදී ලබාගත් ඡායාරූපයක් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ශාරුක් ඛාන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ද?

Fact Check By: Sahan Perera

Result: False