ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුලදී බොහෝ ලෙස කතාබහට ලක්වූ අතර ඉන් පසුවද විටින් විට කතාබහට ලක්වුණි. මෙවැනි සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ ඒවා සාවද්‍ය බවය. එම විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්
මේ අතර “ශ්‍රී ලංකාව තවමත් MCC න්‍යාය පත්‍රයේ” යනුවෙන් හුවමාරු වූ සටහන් පිලිබඳ පරීක්ෂා කිරීමේදී අපට අනාවරණය වුයේ ඒවා MCC අධ්‍යක්ෂක මණ්ඩලයේ නිල නිවේදනය නිකුත් වීමට දින කිහිපයකට පෙර (එනම් දෙසැම්බර් 13) පුවත් වර්තාවක පළවූ පුවතක් උපුටා දැක්වීමක් බවයි. දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්වූ MCC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී, 2021 වසර සඳහා ශ්‍රී ලංකාව ප්‍රදාන ලැයිස්තුවෙන් ඉවත් කරගැනීමට තීරණය කර ඇති අතර කිසිඳු MCC වැඩසටහනක් සඳහා ද 2021 වසරේදී ශ්‍රී ලංකාව ඇතුලත් වන්නේ නැහැ.
සමාජ මාධ්‍ය සටහන් :
“ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රකාශිකා නැන්සි වැන් හෝන් මහත්මිය Sunday Morning පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ව්‍යාපෘතියේ න්‍යාය පත්රයට ශ්‍රී ලංකාව තවමත් ඇතුළත්ව පවතින බවයි.
MCC ව්‍යාපෘතියෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් එහි අධ්‍යක්ෂක මණ්ඩලයට නිල වශයෙන් දැනුම්දී තිබේ නම් ඔවුන්ගේ න්‍යාය පත්රයට ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාව ඇතුළත් නොවන බව ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
MCC ගිවිසුම අහෝසි කිරීම පවතින ආණ්ඩුවේ පසුගිය ජනාධිපතිවරණ පොරොන්දුවයි. නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශයෙන් එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව පැහැදිලි වනවා.” යන කතාංගය රැගත් සටහනක් A5 News Sri Lanka නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබුණා.

මෙම සටහන ෆේස්බුක් පිටු කිහිපයකක්ම හුවමාරු කරගෙන තිබු අයුරක් ද දක්නට ලැබුණා.
කරුණු පැහැදිලි කිරීම :
මේ පිළිබඳව තොරතුරැ අප ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර එහිදී පැහැදිලි කර සිටියේ MCC අධ්‍යක්ෂක මණ්ඩලයේ නිල රැස්වීම පැවැත්වීමට දින කිහිපයකට තානාපති කාර්යාලයෙන් සිදුකරන ලද විමර්ශනයකට, එහි මාධ්‍ය ප්‍රකාශිකාව පුවත්පතකට සිදුකළ ප්‍රකාශයේ පැහැදිලිවම පවසා තිබුනේ, අධ්‍යක්ෂක මණ්ඩලයේ නිල රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ වසර සඳහා සිදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න නිවේදනය කළ හැකි බවක්.
මෙම සටහනට පාදක වූ The Sunday Morning පුවත්පතේ 2020 දෙසැම්බර්මස 13දා පළවූ “SL still on MCC list: US Embassy confirms MCC meeting” සිරස්තලයෙන් පළවූ පුවත ද අපට ඉදිරිපත් කළා. එම වාර්තාවේ මුල් කොටසේ සිංහල අර්ථය සැකෙවින් මෙසේය.
“එළඹෙන සතියේ පැවැත්වෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) රැස්වීම සඳහා න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාව ඇතුලත්ව ඇති බව The Sunday Morning පුවතපතට දැනගැනීමට ලැබුණා. ඒ පිළිබඳව ඔවුන් ඇමරිකානු තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන් හෝන් මහත්මියගෙන් දෙසැම්බර් මස 11 වැනි දින සිදුකළ කරුණු විමර්ශනයකදී ඇය පවසා තිබුනේ MCC අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉදිරි රැස්වීමේ න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාව පිලිබඳ සඳහන් වන අතර එහිදී ලබාගන්නා තීරණ පිලිබඳ අවසන් තොරතුරු දෙසැම්බර් මස 15 වන දින වොෂිංටන් හි දී පැවැත්වෙන රැස්වීමෙන් පසුව දැනුම්දෙනු ලැබෙන අතර ඊට පෙර ඒ සම්බන්ධයෙන් අනුමානයක් සිදුකල නොහැකි බවක්”

එම සම්පුර්ණ පුවත් වාර්තාව පහතින්.
කෙසේ නමුත් දෙසැම්බර් මස 15 වන දින පැවැත්වූ MCC අධ්‍යක්ෂක මණ්ඩල සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාව එම ප්‍රධාන ලයිස්තුවෙන් ඉවත්කරගැනීමට තීරණය කර ඇති බව MCC නිල වෙබ් අඩවියේ පළ වූ නිවේදනයේ අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

තවද 2021 වසර සඳහා සියෙරා ලියොන් රාජ්‍යය තෝරාගෙන ඇති බවත් එහි සඳහන්. මීට අමතර තවත් වැඩසටහන් සඳහා තෝරාගෙන ඇති කිරිබටි සහ සොලමන් දුපත ඇතුළු රටවල් පිලිබඳ වාර්තාවක් පහතින්.
දෙසැම්බර් මස 15දා රැස්වු MCC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව එම්.සී.සී. ප්‍රදාන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට ඇමරිකානු එක්සත් ජනපද කාර්යාලයේ, නැන්සි වැන්හෝන් මහත්මිය යටතේ තිබෙන මහජන කටයුතු පිලිබඳ අංශයෙන් දෙසැම්බර් මස 17 වැනිදා පළකරන ලද නිවේදන වල ද සඳහන්. එම නිවේදන පහතින්

හවුල්කාර රටේ සම්බන්ධවීම අඩුබව හේතුකොටගෙන මෙසේ යෝජිත එම්.සී.සී සංවර්ධන ආධාර ප්‍රදානය ලංකාව ලබාදීම නැවත්වීමට තීරණය කල බව එම නිවේදනයේ සඳහන්

මෙම පුවත සෑම දේශීය මාධ්‍යකම වාගේ ද දැකගනන්ට ද ලැබුණු අතර පුවත් වාර්තා කිහිපයක් පහතින්.
මීට පෙරද MCC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලදී මෙවැනි තීරණ දැනුම්දී තිබෙන අතර 2008 වසරේ පැවති රැස්වීමේදී නයිජර් රාජ්‍යයේ MCC ප්‍රදානය තාවකාලිකව නැවතීමට තීරණයක් ගෙන තිබුණි. නමුත් එය නැවත වරක් 2011 වසරේ ක්‍රියාත්මක වූ බවක් ද මෙසේ සඳහන්.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ The Sunday Morning පුවත්පත ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයෙන් දෙසැම්බර් මස 11වැනි දින විමසා, දෙසැම්බර් මස 13 වැනිදා පළකර තිබු පුවතේ සඳහන් වී තිබුනේ MCC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයේ 2021 වසර සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබුණ ද ලබාගන්නා තීරණ පිළිබඳව පැවසිය හැක්කේ දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්වෙන රැස්වීමෙන් පසුව බවයි. ඒ අනුව දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්වූ එම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී 2021 වසර සඳහා ශ්‍රී ලංකාව ප්‍රදාන ලැයිස්තුවෙන් ඉවත් කරගැනීමට තීරණය කර ඇති අතර වෙනත් කිසිඳු MCC වැඩසටහනක් සඳහා ද 2021 වසරේදී ශ්‍රී ලංකාව ඇතුලත් වන්නේ නැහැ.

Title:Explainer : MCC නිල අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට පෙර, ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදුන් අදහස් දැක්වීම පිලිබඳ පැහැදිලි කිරීමක්!
By: Nelson ManiResult: Explainer
