
කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට සහ පොලිසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත් කිරීමට ද රජය පියවර ගෙන තිබුණි.
මෙවන් පසුබිමක “ඉන්දියානු එන්නත විද ගන්න එපා. විදගත් අයට කොලරාව හැදිලා” යනුවෙන් මෙන්ම ඉන්දියානුවන් පවා පවා ප්‍රතික්ෂේප කරන බාල එන්නතක් ලංකාවේ ජනතාවට ලබා දීමෙන් සිදුවන මරණ වලට සහ අතුරු ආබාධ වලට රජය වග කියන්නේ ද යනාදී තේමා යටතේ එසේ ප්‍රදාන වශයෙන් ලැබුණු එන්නත් නියමිත තත්වයේ ඒවා නොවන බවක් ජ.වි.පෙ. ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙකුම පවසා සිටි බවට පළවූ සටහන් අසත්‍ය බව අපගේ විමර්ෂණයෙදී අනාවරණය වුනා.
සමාජ මාධ්‍ය සටහන්:
“ඉන්දියානු එන්නත විද ගන්න එපා. විදගත් අයට කොලරාව හැදිලා ටිල්වින් සිල්වා හෙළි කරයි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පැවසු බවට Lanka C news ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට සැකසුණු, සටහන් Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමක මෙසේ ඉදිරිපත්වී තිබුණි.

එමෙන්ම “ඉන්දියානුවන් පවා පවා ප්‍රතික්ෂේප කරන බාල එන්නත ලංකාවේ ජනතාවට ලබා දීමෙන් සිදුවන මරණ වලට සහ අතුරු ආබාධ වලට රජය වග කියනවද” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇති ආකාරයට සැකසුණු සටහනක් සහ “ඉන්දියාවේ බාල එන්නත විදගන්න අපි සූදානම් නෑ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් අකාන්ත පවසා ඇති ආකාරයට සැකසුණු සටහනක් Ashan Sandeep Dias නමැති ෆේස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
“ඉන්දියානු එන්නත විද ගන්න එපා. විදගත් අයට කොලරාව හැදිලා ටිල්වින් සිල්වා හෙළි කරයි” යනුවෙන් වාර්තාවක් Lanka C news වෙබ් අඩවියේ අත්දැයි පරීක්ෂාකළ නමුත් එලෙස වාර්තාවක් එම වෙබ් අඩවිය මේ වන විට දැක ගැනීමට ලැබුනේ නැහැ.
“ඉන්දියානුවන් පවා පවා ප්‍රතික්ෂේප කරන බාල එන්නත ලංකාවේ ජනතාවට ලබා දීමෙන් සිදුවන මරණ වලට සහ අතුරු ආභාධ වලට රජය වග කියනවද” සහ “ඉන්දියාවේ බාල එන්නත විදගන්න අපි සූදානම් නෑ” යනාදී තේමා යටතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ කේ.ඩී. ලාල්කාන්ත පවසා ඇත්දැයි ප්‍රධාන ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත වාර්තා පරීක්ෂා කළද එවැනි වාර්තා ද නිරීක්ෂණය නොවීය.
මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයට යොමු කරමින් එම සටහන් පිළිබඳව විමසීමක් කළෙමු. ඉන්දීය එන්නත පිළිබඳව පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකරුවන් මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත්, මෙය ආණ්ඩුවේ බංකොලොත්භාවය වසා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මතින් යවන අසත්‍ය ප්‍රචාරයක් බවත්, අප හා සම්බන්ධ වූ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පැවැසීය.
Yasith Dilshan ජනතා විමුක්ති එරෙහිව මඩ ප්‍රචාරයන් දියත් කිරීමට යොදාගෙන ඇති ව්‍යාජ පිටුවක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරනය කළේය
එන්නත්කරණ වැඩපිළිවෙල පිලිබඳ ඉන්දියාවේ ප්‍රතිචාරය පිලිබඳ පුවත් වාර්තා පිලිබඳ ව ද අප විමසිලිමත් වුණා. සාමාන්‍යයෙන් එන්නත් මඟින් සිදුවිය හැකි හිසරදය, තෙහෙට්ටුව, මාංශ පේශි වේදනාව, මෘදු උණ ආදි අතුරු ප්‍රතිඵල වලට අමතරව කිසිඳු බරපතල අතුරු ආබාධයක් පිළිබඳව මේ වන විට වාර්තා වී තිබුනේ නැහැ. කොවිඩ්19 එන්නත ලබාගැනීමේ ප්‍රතිලාභ මෙන්ම සිදුවිය හැකි සුළු අතුරු ආබාධ පිලිබඳ වාර්තාවක් මෙතනින්

කොවිඩ් 19 එන්නත් පිලිබඳ පලවී තිබු අසත්‍ය පුවත් කිහිපයක් පිළිබඳව වාර්තාවක් මෙතනින්
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් වන ටිල්වින් සිල්වා, වෛද්‍ය නලින්ද ජයතිස්ස හෝ කේ.ඩී ලාල්කාන්ත විසින් ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද කෝවිඩ්-19 එන්නත බාල එන්නතක් බවත් එය ප්‍රතික්ෂේප කල යුතු බවකුත් මේ වන තෙක් ප්‍රකාශ කර නොමැති බවයි. එබැවින් එම මාතෘකා යටතේ හුවමාරු වන්නේ මුලාශ්‍රයක් රහිතව පළකර ඇති අසත්‍ය සටහන් පෙළකි.

Title:ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?
Fact Check By: Nelson ManiResult: False
