කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්

මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු කෝණයන් සංස්කරණය කරන ලද හෝ ව්‍යාජ අර්ථකථනයක් ලබා දී තිබූ සටහන් බව අපගේ කරුණු අනාවරණය දී පැහැදිලි වුණා

සමාජ මාධ්‍ය සටහන්:

කොරෝනා එන්නත්කරණය සාධාරණව ක්‍රියාත්මක කිරීමට රතු තරුව බාර දෙන්න - අනුර යෝජනා කරයි” යන වදන් පෙළත් සමඟ LankaTruth නම් වෙබ් අඩවියක පළවූ වාර්තාවක කොටසක් බව පෙන්වමින් හුවමරු වී තිබු සටහන් ද Yasith Dilshan ෆේස්බුක් ගිණුම විසින් හුවමරු කරගෙන තිබුණා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-JVP New Fakes-screenshot-archive.is-2021.02.16-05_54_04.png

Facebook | Archived

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සහ නන්දසේන නලින්ද ජයතිස්ස සහෝදරයා සාක්ෂි සහිතව හෙළිදරව් කරයි යන තේමාව යටතේ පුවත්පතක පළවූ ලිපියක ආකාරයෙන් සටහනක් ද හුවමාරු වී තිබුණා.

“රන්ජන් සිරගත කොට මාසයක්” යන තේමාව යටතේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පෙන්වමින් හුවමාරු වී තිබු සටහනක් ද අපට දැකගන්නට ලැබුණා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-62 JVP New Fakes-screenshot-www.facebook.com-2021.02.13-11_38_46.png

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

LankaTruth වෙබ් අඩවියේ කොරෝනා එන්නත්කරණය සාධාරණව ක්‍රියාත්මක කිරීමට රතු තරුව බාර දෙන්න - අනුර යෝජනා කරයි” යනුවෙන් පුවතක් පළවී තිබුණි දැයි අප පරීක්ෂා කල අතර එබඳු පුවතක් දැක ගණනට ලැබුනේ නැත.

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණතුමාගෙන් ද මේ පිලිබඳ විමසීමක් සිදු කළ අතර ඔහු පවසා සිටියේ ද මේ සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

LankaTruth ෆේස්බුක් පොස්ටුවක ආකාරයෙන් පළකර තිබු සටහනක් බැවින් අප මේ සඳහා යොදාගන්නට යෙදුණු සටහන පරීක්ෂා කිරීමේදී අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුව සහිතව “කොළඹින් භාගයක් විකුණන සැලැස්මක් - අනුර හෙළිකරයි” යන තේමාවෙන් 2020 දෙසැම්බර් මස පළවූ සටහනක් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන පළකර ඇති බව පෙනී යයි. එම සටහන මෙතනින්. සංසන්දනය පහතින්

එසේම පාස්කු ප්‍රහාරය සිදුකලේ ඉන්දියාව බවත්, ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට බවටත් ඒ සඳහා සාක්ෂි තම සතුව තිබෙන බවටත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු බවට පළවන්නේ ද සම්පුර්ණයෙන්ම ව්‍යාජ සංස්කරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් මෙන්ම නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමේදී දැනගනන්ට ලැබුණු අතර එය අසත්‍ය පුවතක් බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ ද මෙසේ හුවමාරු කරගෙන තිබුණා.

ඒ සඳහා මුල්වී බොහෝදුරට BBC පුවත් සේවයේ පළවී තිබු "පාස්කු ප්‍රහාරය: සහරාන් හෂීම් මෙහෙයවූයේ කවුද? ප්‍රහාරය "පිටුපස සිටියේ ඉන්දියාව" ද?" යන තේමාවෙන් පළවූ ලිපියේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එබඳු අදහස් දක්වන බවක් පෙන්වා දෙනවා. නමුත් ඉහත ආකාරයේ ලිපියක් පුවත්පතක පළවී තිබෙනු දැකගනන්ට ලැබුනේ නැහැ. (*මෙම කොටස පසුව යාවත්කාලීන කර තිබේ)

“රංජන් සිරගත කොට මාසයක්” යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් සිදුවන බවට ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ෆේස්බුක් නිල පිටුවල දැක ගන්නට ලැබෙන්නේ නැත. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ “ආණ්ඩුවට අවුරුද්දයි! රට කොයිබටද?” යන තේමාවෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව යටතේ සම්මන්ත්‍රණයක් පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවති අතර ඒ සම්බන්ධයෙන් පළ වූ මෙවැනි සමාජ මාධ්‍ය සටහන් සංස්කරණය කිරීමෙන් ඉහත පළ කිරීම සිදුකර ඇති බවයි.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-JVP New Fakes-qwqeqw.png

ආණ්ඩුවට අවුරුද්දයි! රට කොයිබටද?” යන තේමාවෙන් මීගමුව ජම්බෝ ගාර්ඩ්න් උත්සව ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ වීඩියෝවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අළලා මෙන්ම ක්‍රියාකාරී සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ද සැකසුණු සටහන් ද සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහන් බවයි.

එසේම “රන්ජන් සිරගත කොට මාසයක්” යන තේමාවෙන් ජාතික ජන බලවේගය පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයක් බව පෙන්වීමට යොදා ගෙන තිබුණේ ද “ආණ්ඩුවට අවුරුද්දයි! රට කොයිබටද?” තේමාවෙන් පළවූ පත්‍රිකාවක සංස්කරණයක්

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False