ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක්. ඇය අළලා නොයෙකුත් ආකාරයේ නොමඟ යවන සුළු ප්‍රකාශ ද හුවමාරු වී තිබු අතර මීට දින කිහිපයකට පෙර අප එසේ සිදුකල විමර්ශනයක් මෙතනින්.

පසුගිය දා “ධරණි” කාන්තා පුවත්පතට සිද්ධිකා සේනාරත්න මහත්මිය ලබාදුන්නේ යයි පෙන්වන ආකාරයේ පුවත්පත් සංස්කරණයක් ද බොහෝ දෙනෙක් අතර කෙටි කාලයකදී හුවමාරු වී තිබුණා. අප ඒ සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“මම කරන්නේ මට ජනාධිපතිතුමා කියපු දේ.. වස තියෙනවට මම විරුද්ධයි” යන තේමාවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පැවසු බවට පළවූ පුවත්පත් ලිපියක ආකාරයේ සේයාරුවක් සහිත සටහනක් Awantha Adhikari නම් අයෙකු විසින් හුවමාරු කරගෙන තිබු අතර ඉතා කෙටි කාලයක් තුළදී දහසකට වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු අයුරු අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

මෙම සටහන තවත් බොහෝ දෙනෙක් විසින් ද හුවමාරු කරගෙන තිබු අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා අප මෙම සටහන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය වෙත යොමු කළ අතර එහිදී ඇය අපට පවසා සිටියේ තමා විසින් “ධරණි” පුවත්පතට පසුගිය දා ලබාදුන් සාකච්ඡාවේ සිරස්තලය සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබු බවයි.

අප අප්‍රේල් මස 14 වැනිදා “ධරණී” පුවත්පත පරීක්ෂා කල අතර එහි 12 වැනි පිටුවේ ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය සමඟ සිදුකර තිබු සාකච්ඡාවක් ඇසුරින් පළව තිබු ලිපිය දැක ගන්නට ලැබුණා. "ධරණී" පුවත්පතේ එම පුවත පිලිබඳ සටහනක් ද පළකර තිබෙනු පහත පරිදි අපට දැක ගන්නට ලැබුණා.

https://www.facebook.com/Dharanee.lk/posts/172448291397284?cft[0]=AZXiikP-EGGbZ7UzI8WfRhR_aNGNdTf9raqW53SozxhcSojjSPWq1yPxW-Gskbo6i4cJdCISEMRAxfSiVkmrbbbXVp9BrmaD7iHybK2mFBFaFl2we4A3wCguVHnYnMLYsHwMZyflIeaVIt_t_Psjj6UR&tn=%2CO%2CP-R

එහි “මිලිග්‍රෑම් එකක් නෙවෙයි දශම එකක්වත් කෑමවල වස තියෙනවට මම විරුද්ධයි” යන සිරස්තලය මෙසේ “මම කරන්නේ මට ජනාධිපතිතුමා කියපු දේ.. වස තියෙනවට මම විරුද්ධයි” යනුවෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහන් පළවී තිබෙන බව පෙනී යනවා. එම සංසන්දනය පහතින්.

පසුගිය දින කිහිපයේම පුවත්පත් ලිපි සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් රැසක් දැක ගැනීමට හැකිවුණු අතර අප ඒ පිළිබඳව සිදුකළ කරුණු විමර්ෂණ කිහිපයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ “මිලිග්‍රෑම් එකක් නෙවෙයි දශම එකක්වත් කෑමවල වස තියෙනවට මම විරුද්ධයි” යනුවෙන් “ධරණී” කාන්තා පුවත්පතේ පළවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මියගේ ලිපියක සිරස්තලය ව්‍යාජ ලෙස සංස්කරණ කරමින් “මම කරන්නේ මට ජනාධිපතිතුමා කියපු දේ..” යනුවෙන් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබු බවයි.

Avatar

Title:ද්ධිකා සේනාරත්න මහත්මිය අළලා සිදුවූ පුවත්පත් සංස්කරණයක්

Fact Check By: Sahan Perera

Result: Altered