වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.
එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය එවැනි කාන්තාවන් පිළිබදව සමාජ ජාලාවල පළවූ සටහන් පෙළක් පිළිබදවයි.
සමාජ මාධ්‍ය සටහන්:
Claim 1 : ලොව වයස්ගතම කාන්තාවක යනුවෙන් මහළු කාන්තාවකගේ ඡායාරූපයක් සමග පළකර තිබු ෆේස්බුක් සටහනේ දැක්වුණේ “ලෝකයේ වයස්ගතම කාන්තාව..අද සිය 210 වන උපන්දිනය සමරනව..ඇයට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා..දීර්ඝායුෂ ලැබේවා…බුදුසරණයි” යනුවෙන්.

මෙම සටහන් ෆේස්බුක් සමාජ ජාලයේ පැතිර තිබු අතර ට්විටර් ඔස්සේද මෙම පුවත පැතිර තිබුණේ මෙලෙසින්. Twitter| Archived
Google Reverse Image Search සොයා බැලීමේදී මෙම රූපයට සමාන රූප විශාල වශයෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි හරහා මෑත කාලයේදී හුවමාරු කරගෙන තිබු බව අපට අනාවරණය වුණා.
නමුත් අපගේ විමර්ශනයට ලක්වූ බොහෝ සමාජ ජාල සටහන් හා වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අඩංගු වූයේ නැහැ. ඉහත දැක්වූ ට්විටර් සටහනේ ආදී මේ ආකාරයේ වීඩියෝවල වල දැක්වුණේ ඇය පකිස්ථානයේ ජීවත් වන කාන්තාවක් බවයි. ඇයගේ වයස අවුරුදු 300ක් තරම් වන බව ද එහි දැක්වෙනවා. නමුත් මෙය ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවන්නේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මේ වනතුරු නිල වශයෙන් වාර්තා වන්නේ නැති බැවිනි.
Claim 2: එසේම මෑතකදී සිය 300 වැනි විය සමරන වයස්ගත කාන්තවකගේ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

එසේම මෙම ඡායාරුපය පැහැදිලිව පරික්ෂා කිරීමේදී එම වයෝවෘද්ධ කාන්තාවගේ පියයරුවල අස්වාභාවික බව දැක ගන්නට ලැබෙන අතර එහි තන පුඩු නොමැතිබව නිරීක්ෂණය වේ. තවද වයස්කාගත කාන්තාවගේ පපුව ඉදිරිපිට සේලයින් ලබාදීමට එල්ලා ඇති උපකරණය (dripper) ද අදාළ උපකරණයට සමබන්ධ වී ඇති ආකාරයක් පෙනෙන්නේ ද නැති බැවින් මෙය සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව ඒත්තු ගැන්වෙනවා.
එසේම මෙම සේයාරුව නිර්මාණය කල ඉතාලි ජාතික පුද්ගලයා ද (Antonio Di Lernia) ඔහුගේ මුල් නිර්මාණය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබුනේ මෙලෙසින්. ඔහු සිදුකර ඇති අනෙකුත් නිර්මාණ ෆේස්බුක් පිටුව ඔස්සේත් දැක බලා ගන්නට පුළුවන්. එම නිර්මාණ පරික්ෂා කිරීමේ දී ද Antonio විසින් AI ඔස්සේ සිදුකරන ලද සජීවිකරණයක් ඔස්සේ බොහෝ නිර්මාණය කර ඇති බවත් මේ පිලිබඳ කරුණු විමර්ශනයක් සිදුකල කණ්ඩායමක් පෙන්වා දී තිබුනේ මෙලෙසින්.
ලෝකයේ වයස්ගතම පුද්ගලයින් පිළිබඳව දැනට වාර්තා වී ඇති නිල විස්තර මොනවාද?
විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ද ලෝකයේ දැනට ජීවත්වන වයස්ගත්ම කාන්තාව වන්නේද ජපානයේ ජීවත්වන වයස අවුරුදු 118 ක් වන කාන්තාක්.

දැනට දත්ත ඇතුලත් ඉතිහාසය තුල වැඩිම කාලසීමාවක් ලෝකයේ ජීවත්ව ඇත්තේ Jeanne Calment නම් ප්‍රංශ ජාතික කාන්තාවක්. 1997 වසරේ මරණයට පත්වන විට ඇගේ වයස අවුරුදු 122 ක් පමණ වූ බව වාර්තා වෙනවා. ඒ පිලිබඳ ගිනස් වාර්තාව මෙතනින්. Archived කෙසේනමුත් මේ පිළිබඳව ද ඇතැම් පර්යේෂකයින් ප්‍රශ්න කර තිබුනේ මෙලෙසින්
ගිනස් වාර්තා වාර්තාවල සඳහන් වන ආකාරයට දැනට ලෝකයේ ජීවත්වන වයස්ගතම කාන්තාව වන්නේ දැනට වයස අවුරුදු 118 ක් වන Kane Tanaka නම් වන ජපාන ජාතික කාන්තාවයි. ඇය පිලිබඳ වීඩියෝවක් පහතින්.
වයස්ගතම පුද්ගලයින් පිලිබඳ ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවියේ ලිපියක් වෙත පිවිසීම මෙතනින් | Archived
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයට අනුව මේ වනවිට වයස අවුරුදු 100 ඉක්මවූ ගෝලීය ජනගහනය මිලියන භාගයක් පමණ වන අතර එම ප්‍රතිශතය පසුගිය දශක කිහිපයේ දී ක්‍රමයෙන් වර්ධනය වී ඇති තිබෙනවා.
කෙසේනමුත් වයස අවුරුදු 110 ඉක්මවා ජීවත්වන (supercentenarians) ඉතා අඩු වුවද ඉදිරියේ දී දැනට වාර්තාවන වැඩිම වයස වන වයස අවුරුදු 122 සීමාව ඉක්මවා අවුරුදු 125-130 වැනි කාලයන් තෙක් ජීවත්වන පුද්ගලයින් වාර්තා වීමේ ඉහල සම්භාවිතාවක් පවතින බවත් එම අධ්‍යයනයේ දී පෙන්වා දෙනවා. ඒ පිලිබඳ තවත් වාර්තාවක් මෙතනින්
ඔවුන්ගේ විශ්ලේෂණයන්ට අනුව වයස අවුරුදු 135 ඉක්මවා යම්කිසි පුද්ගලයෙකු මේ සියවස තුළ ජීවත්වීමේ සම්භාවිතාව ඉතාමත්ම අඩුම (extremely unlikely) ලෙසද දැක්වෙනවා. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ දත්ත වලට පිවිසීම මෙතනින්.

මේ සම්බන්ධයෙන් Fact Crescendo Tamil කණ්ඩායම මගින් දමිළ බසින් සිදුකළ කරුණු විමර්ෂණයක් වෙත පිවිසීම මෙතනින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
අප විසින් සිදු කරන ලද විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, දැනට නිල වාර්තාවල දැක්වෙන පරිදි, ලෝකයේ ජීවත්වන වයස්ගතම කාන්තාව අවුරුදු 118 ක් වයසැති ජපන් ජාතික කාන්තාවක් වන බවයි. එසේම මෙතක් වාර්තා වී ඇති ලොව වයස්ගතම කාන්තාව වන්නේ ද අවුරුදු 122ක් වයසැති කාන්තාවක්.
සමාජ ජාල සටහන්වල සදහන් ආකාරයේ, වයස 200 හෝ 300ක් ඉක්මවූ කාන්තාවක් කිසිඳු ප්‍රදේශයක ජීවත්වන බවට කිසිදු නිල සාක්ෂියක් මෙතක් හමුවී නොමැත. එසේම වයස අවුරුදු 110 ඉක්මවා ජීවත්වන (supercentenarians) පිලිබඳ සිදුකර තිබෙන අධ්‍යයනකදී ද පෙන්වා දී තිබුනේ මේ සියවසේ දී අවුරුදු 135ක් හෝ ඉක්මවා පුද්ගලයෙකු ජීවත් වීමේ සම්භාවිතාව ඉතාමත්ම අල්ප (extremely unlikely) බවයි.

Title:මෑතදී සිය 210 වන උපන්දිනය සැමරූ ලොව වයස්ගතම කාන්තාව ?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,