
තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන්වූ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මේ එවන් ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකල විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන් (Social Media Notes)
ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්.
“ඔයා දැනගෙන හිටියා ද? තලේබාන් සංවිධානය #ICC #T20WorldCup2021 සඳහා ඇෆ්ගන් ක්රිකට් කණ්ඩායමට අනුග්රහය දැක්වීම ප්රතික්ෂේප කළ අතර මොහොමඩ් නබි ඉදිරිපත් වී කණ්ඩායම ලෝක කුසලානයට ගෙන ඒම සඳහා ඔහුගේම මුදල් වියදම් කළේය. ඔහු ඇෆ්ගන් ක්රිකට් කණ්ඩායමට අනුග්රහය දක්වන්නේ ඔහුගේම මුදලිනි. මෙය රට සමඟ ආදරය නොවේ නම්, එසේ නම් කුමක්ද?
මෙය පහත පින්තූරයේ ඇති මොහොමඩ් නබිගේ හැඟීම් පමණක් නොව සමස්ත ඇෆ්ගන් ජාතියේම හැඟීම් සහ හැඟීම් ය.
මොහොමඩ් නබිට ස්තූතියි සහ ඇෆ්ගනිස්ථාන ක්රිකට් කණ්ඩායම දිරිමත් කිරීම ගැන ඔබ සැමට ස්තූතියි.”

මේ හා සමාන සටහන් ෆේස්බුක් අවකාශය පුරා පැතිර පැවතියේ මෙලෙසින්.

සමාජ ජාලාවල වේගයෙන් පැතිර ගිය පුවතක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)
අප මුලින්ම අවධානය යොමුකලේ ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබි සංවේදීව සිටින අවස්ථාවක් නිරූපණය වන පරිදි ලබාගෙන ඇති ඡායාරූපය පිළිබදවයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකල විට අපට දැනගන්නට ලැබුණේ මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ T20 ලෝක කුසලාන තරඟ පැවැත්වෙන සාජා ක්‍රීඩාංගණයේදී, ස්කොට්ලන්තය හා ඇෆ්ඝනිස්ථානය අතර ක්‍රිකට් තරගය ආරම්භ වීමට පෙර ඇෆ්ඝනිස්ථානයේ ජාතික ගීය වාදනය කරන අවස්ථාවේ ඇෆ්ඝනිස්ථාන නායක මොහොමඩ් නබි සංවේදී වූ අවස්ථාවක සේයාරුවක් බවයි.
එහි වීඩියෝවක් මෙතනින්. ඒ පිලිබඳ පුවතක් මෙතනින්
එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවකදී මොහොමඩ් නබි පවසා තිබුණේ, වර්තමානයේ අර්බුද රැසක් පවතින ඇෆ්ඝනිස්ථාන වැසියන්ගේ සතුටට එකම හේතුව ක්‍රිකට් ක්‍රීඩාව බවයි. සිය කණ්ඩායම තරඟය සඳහා ඉතා හොඳින් සූදානම්ව සිටින බවත්, තරග ජයග්‍රණය කිරීමට හැකිවුවහොත් එය සිය රට වැසියන්ගේ සතුටට හේතුවනු ඇත් බවත් ඔහු පවසනවා. ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 130 ක ජයග්‍රණයක් ලබාගැනීමට ඇෆ්ඝනිස්ථාන පිළ සමත්වෙනවා. මේ පිළිබදව වැඩි දුර විස්තර මෙතනින්.Archived.
ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන ආයතනයක් තිබේද යන කාරණය පිළිබදවයි. පසුගිය ජුනි මාසයේ දී ඇෆ්ඝන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් T20 ලෝක කුසලානය තරඟාවලිය සඳහා ජාතික හෝ ජාත්‍යන්තර සමාගම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබුණු අතර ඒ ඔස්සේ Sediki Grup නම් ආයතනයක් ඇමෙරිකානු ඩොලර් 450,000 ක මුදලකට ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සදහා නිල අනුග්‍රාහකත්වය ලබාගෙන ඇති බවට ද නිවේදනයක් ඔක්තෝබර් මස 14 වැනිදා නිකුත් කර තිබුණා.
Sediki Grup යනු ඇෆ්ගනිස්ථානයේ සිය කටයුතු ආරම්භ කර වසර ගණනාවක් තිස්සේ සාර්ථක ලෙස ක්ෂේත්‍ර කිහිපයක සහ රටවල් කිහිපයක වෙළඳාමේ නිරත වී තිබෙන ආයතනයකි.
කෙසේ වෙතත් ස්කොට්ලන්තය පරදා ලබාගත් ජයග්‍රණය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයේ ඉහල පෙළ නායකයන් මෙන්ම තලේබාන් පාලනයට විරුද්ධ ඇෆ්ඝන් නායකයන්ද ඇෆ්ඝන් ක්‍රිකට් කණ්ඩායම වෙත සිය සුභ පැතුම් පිරිනමා තිබෙනවා. ඒ බවට තලේබාන් සංවිධානයේ නිල ප්‍රකාශක Muhammad Suhail Shaheen විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙලෙසින්.
නමුත් තලේබාන්වරු බලයට පැමිණීමට පෙර මෙවන් ක්‍රිකට් තරග ජයග්‍රහණයකට පසු නගර,ගම් දනව් වීදිවල තිබුණු සැමරුම් උත්සව මෙවර දක්නට ලැබුණේ නැහැ. කාබුල් නුවර දක්නට තිබී ඇත්තේ පාලු ස්වභාවයක්. මේ පිළිබඳ වන රොයිටර් වාර්තාව මෙතනින්. Archived.
තලේබාන් අන්තර්වාර පාලනයේ නියෝජිතයින් ,ඇෆ්ඝන් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් හා ජාතික කණ්ඩායමේ නායකයින් අගෝස්තු මාසයේදී මුණ ගැසී තිබුණු අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය උදවු උපකාර කිරීමට තමන් සූදානම් බවයි. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙතනින්.Archived
මොහොමඩ් නාබි විසින් ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩාමට සිය පෞද්ගලික අරමුදල් වැය කරමින් දායක වූ බවට වාර්තාවක් අපට දැක ගන්නට ලැබුනේ ද නැහැ.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
මොහොමඩ් නබි නම් ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් නායකයා සිය පුද්ගලික මුදලින් ඇෆ්ඝන් ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචාරයට අනුග්‍රහය දැක්වූ බවට පළවන සමාජ ජාලා සටහන් නොමඟ යවන සුළු අතර ඇෆ්ඝන් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී අනුග්‍රහය දක්වන්නේ Sediki Grup නම් ව්‍යාපාරික ජාලයකි. තලේබාන්වරු ද අගෝස්තු මාසයේදී ඇෆ්ඝන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුවෙමින් පවසා ඇත්තේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය උදවු උපකාර කිරීමට සූදානම් බවකි.

Title:ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආවේ නායක මොහොම්ඩ් නබිගේ පුද්ගලික වියදමින්ද?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,